
(චමිලා අල්විස්)
ජාතික ජන බලවේගයට බලය හිමි හොරණ නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත් පත්විය.
හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතා 2026 හොරණ නගර සභාවේ මංගල අයවැය වාර්තාව ඉදිරිපත් කළේය.
ඒ අනුව හොරණ නගර සභාවේ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු දොලොස් දෙනා අතරින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාම අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනාම අයවැයට විපක්ෂවද , ස්වාධීන කණ්ඩායම ලන්තෑරුම පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනා ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයාද අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළහ.
ජාතික ජන බලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු හය දෙනාම අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැය පරාද කළා කියලා වෙන දෙයක් නැහැ පළාතේ සංවර්ධනයට කරන හතුරුකමක් මිස, ඔය සුන්බුන් විපක්ෂයට කරන්න පුළුවන් ඔය වගේ කුහකකම් තමයි, ඔය උන්නැහෙලාට අයවැයක් කියවලා තේරුම් ගන්නවත් මොළයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි, මාලිමාවේ අය වෙනස්වෙලා නැත...
දේශපාලකයෝ දිනුම්. මොවුන්ව පත්කරන්න ඡන්දය දීපු ජනතාව පරාදයි. අපරාදෙ කියන්න බෑ .... මෙහෙම කුලල් කා ගන්නකොට පළාත හොදටම දියුණුවෙන් දියුණුවට පත්වෙයි. ඔහොම යමු.