හොරණ බටුවිටින් බ්‍රහස්පතින්දා පැහැරගත් බව කියන ලෝචන දුලංජ(9) දරුවා හිමිනමක් සමඟ සැකපිට අනුරාධපුරයේදී අත් අඩංගුවට ගනු ලැබීය. ජේතවනාරාමය අසලදී දරුවාත් හිමිනමත් සොයාගැනීමට රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ ස්ථානාධිපති සමත් විය. දරුවාට බයිසිකලයක් මිලට ගෙන දෙන බව කියමින් හොරණදී දරුවා රැගෙන ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඡායාරූපය - සිරි මහබෙල්ලන
ඡායාරූපය - බිමල් ශයාමන් ජයසිංහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පුංචි කාලේ බයුනේ ගෝනිබිල්ලන්ටයි නමුත් දැන් බයවෙන්න වෙලා තියෙන්නේ ළඟම ඥාතින්ටයි,හාමුදුරුවරුන්ටයි,අනේ මන්ද රටට මොන කලක් යාවිද කියල.ඉස්සර හොරෙන් උස්සන්නේ කරවල වාඩිවලටයි,දැන් උස්සන්නේ දුෂණය කරන්ඩයි,නිදන් ගන්ඩ බිලිපූජාවලටයි.ඔන්න ඕකුන්ටත් ආයුද ටිකක් පෙන්නන්න ගෙනියන්න. දවසකට හරි දරුවන්ව උස්සන උන්ට මහා දඩුවම් ලැබේවි.(අ)
කමක් නෑ මහන කරන්න ගෙනියන්න ඇති (නදී)
බුදුන්වහන්සේටත් නන්ද කුමරායටත් අපහාස කරන්න එපා. නන්ද කුමරයා එක්ක ගියේ සසරෙන් එතර කරන්න මිසක් මේ වගේ පාපිෂ්ට වැඩ වලට නොවේ. (නදී)
මට නම් මේ වෙනදේවල් ගැන හිතාගන්න බැහැ (නි)
අනේ පවු අහිංසක ළමයි! (නි)
මොකක්ද මේ ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? හරියට ලේ පිපාසාවෙන් වගේ දරුපැටවු හොරෙන් උස්සාගෙන යන්නේ.මෙවැනි අයට දැඩි දඩුවම් දුන්නේ නැත්නම් අර ගෝනිබිලි යුගයට අපිව සැවොම ඔසවාගෙන යාවි. (නි)
බුදුන් වහන්සේ නන්ද කුමාරයා ගෙන ගියා වගේ තමයි මෙයත් (නදී)
මෙවැනි චීවරධාරීන් ශාසනයෙන් ඉවත්කළ යුතු වේ!! (නි)
ළමයි පැහැරගැනීමත් මෝස්තරයක් වෙලා. අනේ මන්දා රටකට ගිය කලක්! (නි)
අද හාමුදුරුවරු නොයෙක් විෂමාචාර වල යෙදෙනවා. ශාසනය විනාශවෙලා යයිද කියලා හිතෙනවා. එහෙන් දේශපාලනය කරන්න ගිහින් කොටසක් පිරිහිලා...? (නි)
පේනවා නේද මේ අයගේ වැඩ? (නි)
බලය හිමි දේශපාලකයන් කරන වංචා, දුෂණ සෙවීමට මැලිකමක් දැක්වුවද, රටේ සිදුවන අනෙකුත් සොරකම්, වංචා, දුෂණ සෙවීමට අසීමිත වූ දක්ෂතාවයක් දක්වන අපේ ශ්‍රී ලංකා පොලීසියේ කඩිසර නිලධාරීන්ට නොයෙක් වර්ණයෙන් යුත් මල් මිටක්!!! (නි)
ළමා ආරක්ෂක කටයුතු බාර ආයතන මේගැන කටයුතු කල යුතුයි කියල මම හිතනවා. මේ කරපු වැඩය නම් ඉතාම නරක දෙයක්. (අ)
අද කාලේ හැම කෙනෙක්ම විශ්වාස කරන්න එපා තමුන්ගේ දරුවන් ගැන මව්පියන් මීට වඩා අවදානය යොමුකළ යුතුයි .(අ)
වැඩි දෙනෙක් මෙතන වෙලා තියෙන දේ දන්නේ නැහැ නේද ? ඒ ළමයා ගිහින් තියෙන්නේ එයාගේ තාත්තා එක්ක (නදී)
ලියමු බලන්න හැමෝම එකතුවෙලා හොඳ අදහස් ටිකක් (නදී)
සිවුරක් දැරූ පළියට කිසිවෙකු හිමිනමක් වෙන්නෙ නැහැ.මේ අය කරන වැඩවලින් සැබෑ සංඝ පීතෘවරුන්ටත් අපහාසයක් තමයි වෙන්නෙ. හැබැයි ඉතිං මේ හිමිනමත් දරුවාගේ පවුලේ උදවියත් අතර පවතින සම්බන්ධය මොකක්ද දන්නෙ නැහැ.ඒ නිසා මේ ප්‍රශ්නය බොහොම සීරුමාරුවට විමර්ශනය කරන්න ඕනෑ. (නි)
අපිටත් දරුවෝ ඉන්නවා. මේ දරු පැටව් ටික ලොකු මහත් කරගන්න විදිනා වදයක්. නොකා නොබී ඉන්න පුළුවන් නමුත් ඉවසන් ඉන්න බැරි බහුතරයක් පාපතරයින්ගෙන් දරුවන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලයි. (නදී)
මම නම් කියන්නේ ලැබෙන දඩුවම් මදි. ලංකාවේ පුංචි දරුවන්ට නරකම කල දශාවක් ලබලා වගෙයි.මේ පුංචි මල් වගේ සිත් විනාස කරන්න කරන එවුන්ව නීතිය ඉදිරියට ගෙනත් උපරිම දඩුවම් පමුණුවන්න ඕනි. (අ)
මොකද මේ රටට වෙලා තියෙන්නේ? දරුවෝ කියන්නේ රටේ අනාගතය. මොනවට අරගෙන ගියාද කියලා හොයන්න ඕනෑ. උපරිම දඬුවම් දෙන්න ඕනෑ, කවුරු වුණත් කමක් නැහැ (නි)
අද මෛත්‍රී බුදු හාමුදුවෝ ඉපදුනත් වැඩක් වෙන එකක් නැහැ. අපේ මිනිස්සු ගොඩක් අය පිළිගන්නේ බණ නෙවෙයි බයිලා. (නදී)