කුරුණෑගල රෝහලේ දීපා අමරසේකර විශේෂඥ වෛද්‍යවරියගේ ජී පී එස් චන්ද්‍රිකා තාක්ණය සහිත අයි ෆෝනය කඩවත කුරුණෑගල බසයකදී සොරකම් කර පැය අටක් යන්නට පෙර කුරුණෑගල පොලීසිය විසින් සොයා ගැනිණි.
ඇගේ අයි ෆෝනයේ වටිනාකම රුපියල් ලක්ෂයකි.
එහෙත් දුරකතනය සොරකම් කළැයි කියන පුද්ගලයාගේ දියණියගේ අන්ධ භාවයත්, මවගේ පිළිකා රෝග තත්ත්වයත් සැලැකිල්ලට ගත් වෛද්‍යවරිය ඔහුට දඩුවම් කරනු වෙනුවට එම දෙදෙනාට ප්‍රතිකාර කිරීමට පියවර ගත්තාය.
ජී පී එස් තාක්ෂණය ඇති දුරකතනයක් ඇති තැන හෝ එය පාවිච්චි කරන පුද්ගලයා සිටින තැන සොයා ගැනීම ඉතා පහසු කාර්යයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද ලොකු පොඩි කියල රැකියා තියෙන්නේ.හැමෝම බඩගොස්තරේ හොයා ගන්නනේ රැකියාවක් කරන්නේ.ඕනෑම රැකියාවක් එය කරන පුද්ගලයට වටිනවා. අපේ රට විතරක් නෙමේ මිනිසුන්ගේ අදහසුත් සැහෙන කලෙක පටන් සංවර්ධනය වෙමින් පවතිනවා වගේ. (ස)
නිමල් මහත්තයා වගේ අය බොහොමයි අපේ රටේ (නි)
ලංකාවේ අපි හැම තිස්සෙම බලන්නේ කොතනද අඩුපාඩුවක් තියෙන්නේ කියලා. මේ නෝනා මහත්මිය කරල තියෙන්නෙ හොඳ දේ නොපෙනෙන මිනිසුන්නේ කණ්නාඩි යලගට ගිහින් බලන්න ඔබේ හා හොරාගේ වෙනසක් නෑ නේද කියල. ඔබ තුමියට අපේ ආචාරය (ස)
හොඳ වැඩක්.අනිත් දොස්තර මහත්වරුත් ආදර්ශයට ගත්තා නම් තමා හොඳ. දවසක් නොමිලේ වැඩ කරමුද අවුරුද්දකට - පිනට. (ස)
දොස්තර හොද හිත (නි)
සැමට ආදර්ශයක් මනුතාපයේ පියනමගේ කතාව සිහිවේ. මිනිසුන්ට වෛර නොකරන සැමහට යහපතක්ම සිදුවේ. (නි)
කුමාරිහාමි නොදන්නා දේවල් ගොඩාක් තියෙනවා වගේ. (නි)
ඇන්ඩ්‍රෝයිඩ් අයි ෆෝනය??? මොකක්ද බොලේ ඒ? (ස)
නියම දොස්තරවරියක්. හැමෝම මෙහෙම උනා නම් ? ඒත් එතකොට හොරකම් වැඩි වේවි.... (ස)
ලංකා මාතාවට ලැබී ඇති මනුස්සකම හඳුනන දුවට අපේ ආශීර්වාදය සදා කල් ලැබේවා !!!! (ස)
නිමල්, ප්‍රසිද්ධියේ පල නොකලට ගොඩාක් වෛද්‍යවරු ඉන්නවා මේ විදිහේ වැඩ කරන. (ස)
අසා සහ ප්‍රගීත් මෝඩ කතා නොලියා, හොඳ දෙයට අගය කරන්න පුරුදු වෙන්න. (ස)
ඇන්ඩ්‍රෝයිඩ් අයි ෆෝන් ලංකාවෙද හදන්නේ? (ස)
ඇන්ඩ්‍රෝයිඩ් අයි ෆෝනය??? (ස)
වෛද්‍යවරු කියන්නේ යක්කු කියලා හිතන කව්රු හරි ඉන්නවා නම් ඒක වැරදියි සුරංග. බහුතරයක් වෛද්‍යවරු දෙවියන් වගේ මිනිස්සු. එහෙමත් එක්කෙනෙක් තමා සල්ලි පස්සෙම යන්නේ. නිමල් ඔයාගේ යෝජනාවත් හොදයි. වෛද්‍යවරුන්ගෙන් කරන කාරුණික ඉල්ලීමක් පුද්ගලික චැනල් මධ්‍යස්ථානවලදී ඔබතුමන්ලා අයකරන ගාස්තුව ටිකක් අඩු කරන්න පුලුවන් නම් ඒක ඔබතුමන්ලා කරන තවත් උතුම් සේවයක්. (නි)
දොස්තර මහත්තයාට ජය වේවා! (නි)
මෙම සත් ක්‍රියාව කිරීමට සිත පහල වීමට එතුමියගේ දෙමාපියන්ගේ මඟ පෙන්වීම මත සිදුවීමක්. සිල්යලටම පින් සිදු වෙනවා !!!!! (ස)
එතුමිය බෞද්ධ දර්ශනයේ උතුම් පාඨයක් වන ක්‍රෝධය ක්‍රෝධයෙන් නොසන්සිඳේ. වෛරය වෛරයෙන් නොසන්සිඳේ යන්න මනාවට ඔප්පු කිරීම තමන්ගේ වෛද්‍ය වෘත්තියටත් උගත්කමටත් මනා ලෙස ගෞරව කරලා තිබීම ආඩම්බරයක්. (ස)
"ජී පී එස් තාක්ෂණය ඇති දුරකතනයක් ඇති තැන සොයා ගැනීම ඉතා පහසු කාර්යයකි." ඕනෑම ජී පී එස් සහිත දුරකතනයක් මෙලෙස පහසුවෙන් සොයා ගත නොහැක. ඒ සඳහා වෙනම වූ ආරක්ෂණ පද්ධති ඇත. ඒවා සක්‍රීය කල යුතුය. නමුත් මා දන්නා පරිදි ඕනෑම දුරකතනයක් පොලීසිය හරහා දුරකතන සේවා සලසන ආයතන සමඟ සම්බන්ධවීමෙන් සොයාගත හැක. (ස)
කුමාරිහාමි, ඔයා දන්නේ නැතුවට දොස්තරලා ඕනෑතරම් බස්වල වැඩට යනවා. (නි)
කඩවත කුරුණෑගල බස් තියෙනවා කියල අදමයි ඇහුවේ. කඩවත කොළඹ වෙන්නැති. විශේෂඥ වෛද්‍යවරියක් බස් එකේ ගියා කියලත් ඔය ඇහුවමයි. (ස)
කරලා තිබෙන වැඩේ හොදයි. හැමෝටම දැනගන්න මෙහෙම දාන එකත් හොදයි. (නි)
හිස නමා ආචාර කරමි (නි)
මම ගිය අලුත දොස්තර හමුවීමට ගිහින් වේටින් රූම් එකේ ඉන්න කොට දැක්කා එහා පැත්තෙ කතිර බෑගයක් එල්ලගෙන බයිසිකලේ ඇවිල්ල කෙනෙක් ඇතුල් වුණා. ටික වෙලාවකින් සුදු ලෝගුව දමා ගෙන ඇවිත් මාව කැදවාගෙන ගියා . එයා තමා පැරිසියේ මම ගිය රෝහලේ එම අංශයේ ස්පෙෂලිස්ට්. (ස)
මේ දොස්තර වරියට විතරක් නෙමෙයි මටත් දුක හිතුන හොරාගේ අම්මයි, නංගියි ගැන ''ඒත්'' හොරකම් කරන එක හොඳ වැඩක් නෙමෙයිනේ..!! මේ වගේ දුප්පත් අසරණ මිනිස්සුන්ට කුමක් හෝ රැකියාවක් දෙන්න පුළුවන් කෙනෙක් රැකියාවක් දෙනවා නම් උතුම් පිනකි ....!! (ස)
ආදර්ශමත් ක්‍රියාවක්, ලංකාවේ දොස්තරලා බහුතරයක් කරුණාවන්ත, දක්ෂ දොස්තරලා. (ස)
මිනිසුන් අතර සිටින දෙවි දෙවාතාවන් වැනි අය කියන්නේ මෙවැනි අයටය . මෙය අප රටේ සිටිනා මුදල් වෙනුවෙන්ම සේවය කරනා අනික් අයටද වැටහෙනවා නම් ඉමහත්ය. (ස)
ඒකනේ කුමාරිහාමි විශේෂඥ වෛද්‍යවරියක් බස් එකේ ගියා කියලා ඇහැව්වමයි. කොහොම උනත් හොඳ වැඩක් කරලා තියෙන්නේ. (ස)
කුමාරිහාමි ඔයාලට පේන්නෙම අනුන්ගෙ වැරදි තමා නේද?? මෙතන එයා ගිය බසෙක කොහෙටද යන්නෙ.බස් එකේ ගියේ මොකටද කියලා නොවෙ අපි බලන්න ඔනෙ.කරලා තියෙන්නෙ හොඳ දෙයක්. අපි අගේ කරන්න ඕනෙ. (ස)
ඔය දුරකතනයේ බැටරිය නැහැ. හොරාට එය ඕෆ් කරන්න දන්නේ නැහැ. ඒක ටිකක් වෙනස් මොඩ්ල් එකක්. ඒක තමා ඕක හොයාගෙන තියෙන්නේ සිග්නල් වලින්. (නි)
අයි පෝන් 5 කොහොමද වැඩ. (ස)
ජී.පී.එස් තිබ්බා කියලා ෆෝන් හොයාගන්න බෑ, ඒවාට ආරක්ෂක උපක්‍රම සක්‍රීය කරගෙන තියෙන්න ඕනි.... (නදී)
ජී.පී.එස් තිබ්බා කියලා ෆෝන් හොයාගන්න බෑ, ඒවාට ආරක්ෂක උපක්‍රම සක්‍රීය කරගෙන තියෙන්න ඕනි.... (නදී)
පතිරාජ, ඔබ හරියට හරි, හොඳ දේ අගය කල යුතුයි .., (ස)
දොස්තර නෝනගේ තීරණය නම් හුඟක් අගය කරනවා. (ස)
වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද..... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත........ කුමාරිහාමි, සමහර අයට අනුන්ගෙ ඇහේ තියෙන සියුම්ම දේ වුනත් පේනවා.ඒත් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නෑ. (ස)
ඔබතුමියගේ මෛත්‍රීය සහ කරුණාව නිසා සමහර විට ඔහු යහපත් පුද්ගලයෙකු බවට පරිවර්තනය විය හැකිය. ඔබතුමියට පින්. (ස)
ලංකාවේ දොස්තර වරුන්ගේ අගය දැනෙන්නේ පිට රටකදී අසනීප උන වෙලාවටයි. (ස)
කුමාරි හාමි, මම දන්න දිසා විනිසුරියක් ඉන්නවා හොරණ ඉඳන් බස් එකේ එන. වාහනේ කැඩුනාම.....දොස්තර නෝනාට ජයෙන් ජයම පතමි.ඇය හැදු වැඩු ගුණ දහම් කියාදුන් දෙමාපියන්ටත් පින් අත්වේවා.... (ස)
අපෙ මිනිස්සු හිතන් ඉන්නෙ ලොකු රස්සා කරන අය බස්වල යන්නෙ නැහැ කියලා. ඒක වැරදියි. අපෙ උස් මිටි කලු සුදු ඇරැනම අපි හැමොම මිනිස්සුනේ දොස්තර නෝනා හොඳට සමාජ දැනිම ඇති තැනැත්තියක්. අපි ඇයට ගරු කරන්ට ඕන. මට හිතෙන්නෙ මෙ කුමාරිහාමි ටොයිලට් එකට යන්නෙත් කාරෙකෙ වෙන් නැති ඒත් මෙ දොස්තර නෝනා වැඩට යන්නෙත් බස් එකෙ. ඇයට තේරෙනවා නැති බැරි කම වගෙම මිනිසුන් වැරදි කරන්නත් හේතුවක් තියෙන බව. (ස)
බසයේ යන ගමන් ෆෝන් එකක සොරකම් කරන්නෙ කොහොමද? (නි)
ගජමෑන්, ඔයා කියන කතාව හරි. අපේ දොස්තරලගේ වටිනාකම දැනෙන්නේ පිටරටකදී අපට ලෙඩක් හැදුනාම (නි)
දොස්තර මහත්වරු/නෝනලා ත්‍රීවීල් වලත් යනවා ගමන් පහසුව නිසා (නි)