
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට ප්‍රතිචාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය රුපියල් බිලියන 4.29 ක පමණ හදිසි පිළිකා ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත හාර්ට් ටු හාර්ට් සංවිධානය මෙම පරිත්‍යාගය සිදු කර ඇත.ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් එළඹෙන 13 වැනිදා මෙම ඖෂධ තොගය ගුවන් මගින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් ඒ සඳහා ශ්‍රී ලාංකික ජනතාවට කිසිඳු මුදලක් වැය නොවූ බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.මේ ඖෂධ තොගය කඩිනමින් බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය බාර ගැනීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෙහෙත්වලින් ගොඩක් තව ටික කාලයකින් ගබඩාවල විනාශවෙන්න තියෙද්දී හම්බ වුණේ නැතිනම් තමයි පුදුමේ...