(අංජුල මහික වීරරත්න)
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇස්වැසුම දීමනා ලබාගෙන ඇත්නම් එම ප්‍රතිලාභ අත්හිටුවා ගෙවූ දීමනා නැවත අයකර ගැනීමට නීති පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
හඳුනාගත් ඇස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 20ක් අතරින් ප්‍රතිලාභීන් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය .
පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් තැන්පත් කර ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
‘අස්වැසුම’ පිළිබඳ සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කළ හැකි බවත් ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය
ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවේදීය.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරට අස්වැසුම ගත්තොත් දුන්න සල්ලි ආපසු ගන්නවා
පියරතන Tuesday, 29 August 2023 05:28 PM
වංචා සහගතව මුදල් ගතහොත් ආපසු ගෙවීමට වෙන්නෙ පොහොට්ටුවේ සාමාජිකත්වය නොමැති අයට නේද ඇමතිතුමා කොහොම වුනත් ප්‍රාදේශීය ලේකම් ගෙන් ව්‍යාපාර ලියාපදිංචි තියෙන අයට වගේම අක්කර තුන හතරක තේ දලු නෙලන අයටත් දීලා තියෙනවා ත්‍රීවීලර් තියාගෙන ඉන්න එයින් ආදායම් ගන්න අයටත් දීලා තියෙනවා ඒකට විරුද්ධ වෙන්න බැහැ මොකද ඊළඟ වතාවෙත් පොහොට්ටුව දිනවන්න එහෙම නැතුව බැහැනේ බොරු තොරතුරු මත අරගෙන තිබේනම් මුදලට අමතරව සියයට දහයක් වත් අමතරව ගන්න ඕන නැත්නම් වියදම් වූ මුදල් ගන්න බැරිවේවි සාමාන්‍යයෙන් රජයේ අලාභහානි අමතරව මුදල් සමග අයකරන්න මුදල් රෙගුලාසි වල දැක්වෙනවා
Rata Perata Tuesday, 29 August 2023 06:01 PM
දේශපාලුවෝ හොරකම් කරපු සල්ලිත් ගනින්කෝ ඔය වගේ
ගමේ එකාලා Wednesday, 30 August 2023 01:19 PM
මුන්ගේ ඔක්කොම නීතී අහින්සක මිනිසුන්ට ..රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත දේසපලුවෝ ගැන කිසිම ගාණක් නැහැ.
No Wednesday, 30 August 2023 09:12 PM
දුප්පත් මිනිස්සුන් ඉන්නවා හාල් අටයක් න සමර ගෙවල් තියනවා කුබුරු තියනවා උක් තියනවා එයල අස්වවසුම අරන් සමහර ගෙවල් තියනවා ලමායි 2 ඉන්න ගෙවල් එයලට න