ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ විශේෂ පහසුකම් සහ පිටස්තර පුද්ගලයෙකුට ඔහු සමග කතාකිරීමට පසුගිය 11 වැනිදා ඉඩදුන්නේයැයි බන්ධනාගාර ජේලර්වරයෙකු,සැරයන්වරයෙකු සහ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර ආරංචි පවසයි.
ජේලර් ඉන්දික ගනේගොඩ,සැරයන් කේ.එම්.ඩබ්ලියු කීර්තිසිංහ,නියාමක කේ.එම්.අනුර ඔවුහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය කියල පාඩු නැතිව ඇති . (ම)
හොද වැඩේ.(හේ)
අනෙක් අයත් කන එකේ බන්ධනාගාර රාළහාමිලාටත් කාලා බලන්න හිතෙන්න ඇති. (නි)
මම කිව්වේ සල්ලි දෙනවා නම් ඕනේ දෙයක් කරයි (අ)
අධිකරණ ඇමතිතුමනි යහපාලනය හරියටම තාම නෑනේ ද? (ම)
සිර කරුවන්ගේ බිරින්දෑ වරුන්වත් හිරගෙදරට හිමියා බලන්න අවාම සුරක්ෂිත කරන්න . ඔතන හරියට කුකුලෝ ඉන්නවා කොටන්න බලාගෙන (ම)
නීතිය අන්ද නිසා වරද නොපෙනීම (ම)
මෙම අගනුවර ජනාකීර්ණ තැන තිබෙන සියලුම බන්ධනාගාර පිට පළාත් වලට ගන්න ඕනෑ, බෝගම්බර හිරගෙදර පල්ලේකැලේට ගත්තා වගේ. සිවිල් වාසයන්ගෙන් දුරස් වෙන්න ඕනෑ.ඒවායේ නිලධාරීන්ට ජංගම දුරකථන තහනමක් දැම්මා නම් වැඩේ හරි. නමුත් ඕක කෙරෙන්නේ නැහැ. (නි)
මේ වගේ වැඩ වුණ පළවෙනි වතාව මේක වෙන්න බැහැ. මේවා නතර කරන්න බැහැ (නි)
නීතිය ප්‍රභල නැති රටේ ඕනෑම දෙයක් කරන්න මිනිසුන් බය නැහැ. (නි)
නිතිය පන මදි.ඒකයි මේ.(ම)