බ්‍රසීලියේ සාච් පවුලෝ බන්ධනාගාරය තුළ නේවාසික රැඳවියන් 13 දෙනකු මරා දැමීමේ සිද්ධියකට වරදකරුවන් කරමින් බ්‍රසීල පොලිස් නිලධාරීන් 23 දෙනකුට එක් අයකුට අවුරුදු 156 බැගින් එරට අධිකරණයක් විසින් සිරදඩුවම් නියම කැරිණි.
1992 වසරේදී සාඩ් පවුලෝ බන්ධනාගාරය තුළ ඇති වූ කැරැල්ලක්කදී පොලිස් කැරැළි මර්දන අංශය විසින් බන්ධනාගාරය තුළට පැමිණ රැඳවියන්ට වෙඩි තැබූ බවත්, එම වෙඩි ප්‍රහාරවලින් සිරකරුවන් 111 දෙනකු මියගිය බවත් පරීක්ෂණ වලදී අනාවරණය විය.
පොලිස් නිලධාරීන් තිදෙනක් නඩු විභාගය අතරමගදී නිදහස් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රසීලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
ඔන්න අදිකරණ .....නීතිය කාටත් එක වගේ ක්‍රියා කරන්නේ...එකට අපේ අදිකරණ ..(නදී)
බ්‍රසීලයේ තියෙන්නේ මොන අධිකරණයක්ද? අපේ රටේ .... අනේ මන්දා?? (නි)
ගන්න ආදර්ශ දෙන්න දඩුවම රට ගොඩ වෙන්න නම් .(නදී)
රිස්වාන්, බ්‍රසීලයේ අධිකරණය ගැන ඔය තරම් වර්ණා කරන්න දෙයක් නැහැ. බ්‍රසීලයේ පොළීසියත්, අධිකරණයත් සෑහෙන දුරට මත් ද්‍රව්‍ය සහ ආයුධ පාතාලයේ ග්‍රහණයට නතුවෙලා තියෙන්නෙ. සාඕ පාඔලො විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් අනුව අද ලොකයේ වැඩිම කොකේන් සහ ආශ්‍රිත වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් ඉන්නේ බ්‍රසීලයේ(නු)
බ්‍රසීලයේ පොලීසියත්, අධිකරණයත් සෑහෙන දුරට මත්ද්‍රව්‍ය සහ ආයුධ පාතාලයේ ග්‍රහණයට නතුවෙලා තිබිලත් තමයි මේ තීරණය. අපේ වැලිකඩ හිරගෙදර වෙඩි තියපු අයට මොකද වුණේ? (නි)
එහෙ ඉදලා තියෙන්නේ මෝඩ බන්ධනාගාර නිලදාරියෙක්නේ. කරන්න තිබුනේ මෙහෙ වගේ කෙලින්ම වගකිවයුත්තෙකුට බාර දෙන්නනේ. (නි)
මම දන්නා තවත් රටක නම් ඔය වගේ දෙගුණයක් සිරකරුවන්ට අවනීතියෙන් දඩුවම් දුන්නා. ඒ දුන්න අයට නඩුත් නැහැ. ඒ වෙනුවට වරදාන සහ වරප්‍රසාද. (නි)
මෙහෙ වුණා නම් පොලිසියට සම්මානයකුත් දෙනවා. (නි)
හරියට ලංකාවේ වගේ. (නි)