IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිරගේ කැඩූ පොලීසියට සියවසක සිර දඬුවම්

බ්‍රසීලියේ සාච් පවුලෝ බන්ධනාගාරය තුළ නේවාසික රැඳවියන් 13 දෙනකු මරා දැමීමේ සිද්ධියකට වරදකරුවන් කරමින් බ්‍රසීල පොලිස් නිලධාරීන් 23 දෙනකුට එක් අයකුට අවුරුදු 156 බැගින් එරට අධිකරණයක් විසින් සිරදඩුවම් නියම කැරිණි.

1992 වසරේදී සාඩ් පවුලෝ බන්ධනාගාරය තුළ ඇති වූ කැරැල්ලක්කදී පොලිස් කැරැළි මර්දන අංශය විසින් බන්ධනාගාරය තුළට පැමිණ රැඳවියන්ට වෙඩි තැබූ බවත්, එම වෙඩි ප්‍රහාරවලින් සිරකරුවන් 111 දෙනකු මියගිය බවත් පරීක්ෂණ වලදී අනාවරණය විය.

පොලිස් නිලධාරීන් තිදෙනක් නඩු විභාගය අතරමගදී නිදහස් කරනු ලැබූහ.

 



අදහස් (0)

හිරගේ කැඩූ පොලීසියට සියවසක සිර දඬුවම්

සම්පත් Monday, 22 April 2013 11:54 AM

බ්‍රසීලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 21 April 2013 10:31 PM

ඔන්න අදිකරණ .....නීතිය කාටත් එක වගේ ක්‍රියා කරන්නේ...එකට අපේ අදිකරණ ..(නදී)

:       0       0

ගාමිණී Monday, 22 April 2013 12:06 AM

බ්‍රසීලයේ තියෙන්නේ මොන අධිකරණයක්ද? අපේ රටේ .... අනේ මන්දා?? (නි)

:       0       0

සිල්වා Monday, 22 April 2013 12:36 AM

ගන්න ආදර්ශ දෙන්න දඩුවම රට ගොඩ වෙන්න නම් .(නදී)

:       0       0

රාජු (බ්‍රසීලියා) Monday, 22 April 2013 03:34 AM

රිස්වාන්, බ්‍රසීලයේ අධිකරණය ගැන ඔය තරම් වර්ණා කරන්න දෙයක් නැහැ. බ්‍රසීලයේ පොළීසියත්, අධිකරණයත් සෑහෙන දුරට මත් ද්‍රව්‍ය සහ ආයුධ පාතාලයේ ග්‍රහණයට නතුවෙලා තියෙන්නෙ. සාඕ පාඔලො විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් අනුව අද ලොකයේ වැඩිම කොකේන් සහ ආශ්‍රිත වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් ඉන්නේ බ්‍රසීලයේ(නු)

:       0       0

ලුම්බිණි Monday, 22 April 2013 06:39 AM

බ්‍රසීලයේ පොලීසියත්, අධිකරණයත් සෑහෙන දුරට මත්ද්‍රව්‍ය සහ ආයුධ පාතාලයේ ග්‍රහණයට නතුවෙලා තිබිලත් තමයි මේ තීරණය. අපේ වැලිකඩ හිරගෙදර වෙඩි තියපු අයට මොකද වුණේ? (නි)

:       0       0

දිසා Monday, 22 April 2013 08:24 AM

එහෙ ඉදලා තියෙන්නේ මෝඩ බන්ධනාගාර නිලදාරියෙක්නේ. කරන්න තිබුනේ මෙහෙ වගේ කෙලින්ම වගකිවයුත්තෙකුට බාර දෙන්නනේ. (නි)

:       0       0

සනත් Monday, 22 April 2013 08:36 AM

මම දන්නා තවත් රටක නම් ඔය වගේ දෙගුණයක් සිරකරුවන්ට අවනීතියෙන් දඩුවම් දුන්නා. ඒ දුන්න අයට නඩුත් නැහැ. ඒ වෙනුවට වරදාන සහ වරප්‍රසාද. (නි)

:       0       0

සිල්පා Monday, 22 April 2013 09:33 AM

මෙහෙ වුණා නම් පොලිසියට සම්මානයකුත් දෙනවා. (නි)

:       0       0

නසා Monday, 22 April 2013 09:42 AM

හරියට ලංකාවේ වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site