(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ මත්ද්‍රව්‍ය  සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරිම සම්බන්ධව බව කියන  නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු  දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම අවසර ලබාගත් බව   පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන්  මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  පවසයි.

මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අපරාද පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ  මැඩගස්තරයට ගොස්  සැකකරුවන් දෙදෙනා අද දින ගුවන් මගින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන ලදී.