වසර 2012 දී යාපන නගරයේදී ගව ඝාතකයකුගෙන් බේරාගත් ගවයෙක් නාගදීප පුරාණ රජමහා විහාරයේ දැන් නිදහසේ හැසිරෙයි.
විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියෝ එදා ඒ සතා බේරාගත්හ. තමාගේ පණ බේරූ බුදු පුතාට මේ ගවයා ගාත් බිම තබා නමස්කාර කරන අයුරු පන්සලට යන එන බොහෝ දෙනෙක් දකිති.
මේ බව දකින බොහෝ දෙනාගේ ඇස් කඳුළින් පිරෙන අවස්ථාද බොහෝය.
යාපන නගරයේද උතුරේද ගව මස් කඩ ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ හොඳ සහ නරක කියල දෙකක් තියෙනවා. මේ එයින් එකක්. "හොඳ වැඩ." (බ)
හරකෙක් වුණත් මරන්න දක්කාගෙන යනකොට ඌ දන්නවා මේ දක්කන්නේ මරන්න මස් කඩයට කියලා.ඒකටත් එක්ක අපේ මිනිස්සු? (නි)
මට මතක් වුණා සිංහල පොතේ තිබුන "මුදලාලිගේ ගෙට නයෙක් ඇවිත් " පාඩම. හාමුදුරුවනේ ඔබට පින් (බ)
ඉනෝකා, පුන පුනා කියන්න ඕනෑ නැහැ එංගලන්තේ කතා. අදාළ ප්‍රවෘත්තිය ගැන අදහස් පළකළා නම් ඇති. ටිකක් ධනාත්මකව සිතන්න. (නි)
මේ කළගුණ සැළකීම අපේ මිනිසුන් ළඟ නැති එකයි දුක (නි)
මෙහෙම දේවල් දකින්න ලැබීමත් පිනක්. ඔබට බොහොම පින් හාමුදුරුවනේ...! (නි)
සියළුම සත්තු පවු! සේරම මස්මාංශ කන එක නතර වෙන්න කියලා පතන්න. (නි)
ස්වාමින් වහන්ස, ඔබට දීර්ඝායුෂ! (නි)
හාමුදුරුවනේ, ඔබට පින්! (නි)
ඇයි මිනිස්සු මේ අහිංසක සත්තුන්ගේ මස් කන්නේ? (නි)
මෙවැනි කළගුණ සැළකීම් මිනිසුන් තුළ ගොඩනඟා ගැනීමට අපි සැවොම එක්ව ගවමස් කෑමෙන් වළකිමු (නි)
හාමුදුරුවනේ,ඔබ කළ ඒ පින නිවන් දකින්නම හේතුවක් වේවා! (බ)
සිංහල අපි ළඟ කළ ගුණ සැලකීම නැත (බ)
අද එංගලන්තයට බැංකු නිවාඩු දවසක් නිසාත්,වැඩට නොගිය නිසාත් උදේ පාන්දරින්ම මට ඇස ගැසුනේ මේ සංවේදී දසුනයි....... අනේ!මේ දසුන බලලාවත් ගව මස් කෑමෙන් ලෝක ජනතාව මිදෙනවානම් කෙතරම් අගනේද........? හාමුදුරුවනේ......ඔබවහන්සේට මේ උතුම් පිනම ඇති අමා මහා නිවන් මගට යාමට....ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා!!! (බ)
නාස් ලණුවත් ගලවා දමන්න ස්වාමීන් වහන්ස. (බ)
මේ වගේ පින් වැඩ කරන මිනිසුන් මේ මහපොළවේ ඉපදේවා (ම)
හාමුදුරුවනේ, පින් ඇත නිවන් දකින්නට,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, (ම)
ඕවා අපේ මනුස්සයෝ ලග නැත්තේ සත්තුන්ටත් වඩා අන්ත නිසාද ? (ම)
පින් අපේ හාමුදුරුවනේ ඕකි සිංහල ගතිය කියන්නේ (ම)
උතුරේ බොදු උරුමයයේ ජීවමාන සලකුණ (ම)
මේ පිරිපුන් සතාගේ මෙන් සෑම ශ්‍රී ලාංකික මිනිස් සතෙක්ම හදවතින් මේ සතා බදුවේවා..!! (ම)
සම්පත්, අපේ ස්වාමින්වහන්ස සිංහල. බොහොම පින් ඔබට (ම)
ඉනෝකට කියන්න ඕනේ එය එංගලන්තේ බැංකුවක වැඩකරන බවද ? (බ)
ඔය ගුණාංගය සතුන් ළඟ තිබුනට මිනිස්සු ළඟ නැහැ අපේ හාමුදුරුවනේ ....! (නි)
මෙහෙම ගතිගුන මිනිසුන් ළඟනම් දැං නැහැ. (අ)
අපේ හාමුදුරුවනේ ඔය සතාගේ නාස් ලනුව ගලවල මේ කොළඹ පැත්තේ ඉන්න සිවුරට ගරුසරුවක් නැති උන්දලට දාන්න සලස්වන්න. (අ)
සමන්,ඔබට මම වැඩ කරන තැන දැන ගන්න ඔච්චරටම ඕනෙකමක් තියේ නම් සයුරෙන් එතෙර,හොර සංක්‍රමිකයන් හිරේට කියලා ලංකාදීපෙයේ තියෙන ආටිකල් එක කියෙව්වොත් මගේ රැකියාව කුමක්ද කියා ඔබට දැන ගත හැකියි. (අ)