යතුරු පැදියකින් යමින් සිටි තිදෙනකුට වෙඩි තබා, පියා සහා සිව් හැවිරිදි දැරියක ඝාතනය කර බිරියට තුවාල සිදු කළ හිටපු හමුදා සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. පසුගිය වසරේ අගෝස්තු 26 වැනි මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය පවසයි. හරක් ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඇන්ටන් මෝඩ ප්‍රශ්න අහන්නේ? (නි).
කිව්වාට තරහා ගන්න එපා.අපේ පහළ ශ්‍රේණි වල රණවිරුවන් මෙවැනි දේවල් [මංකොල්ලකෑම්,මිිනීමැරීම් , පැහැරගෙන යාම් වැනි කටයුතු ] වලට යොමු වන්නේ ඔවුන්ගේ අඩු අධ්‍යාපන මට්ටම නිසයි. බොහෝවිට යුද්ධය පැවති සමයේ හමුදාවේ පහළ ශ්‍රේණි වලට බදවා ගනු ලැබුවා එවන් නිලධාරීන්. මෙම තත්ත්වය නිසා ඔවුන් මෙවැනි නරක දේවල් වලට යොමු වීමේ අගය ඉතා ඉහළය. හොද නරක තෝරා බේරා ගැනීමට අපහසු මානසික තත්ත්වයකයි ඔවුන් පසුවෙන්නේ. (නි)
නායකත්ව පුහුණුව තව ටිකක් දුන්නා නම් හරියාවි (නි)
කෝ අපේ බොදුබල සේනාව? (නි)
රණවිරුවන් නුගත් වුණේ ඔවුන්ගේ දෙමව්පියන්ට ඔවුන්ට ඉගැන්වීමට තරම් ආදායමක් නොමැතිවීමත්, ඔවුන් ගම්බදවීමත් නිසා. එහෙත් රට වෙනුවෙන් තිබු සැබෑ කැක්කුමකින් ඔවුන් යුද්ධ කළා. ඔවුන් ජීවිත පරිත්‍යාග කළා. ලේ මස් පොළවට පුජා කළා. අත පය අහිමි කරගත්තා. නමුත් යුද්ධයෙන් පසුව ආත්ම ගෞරවය නැතිවී පුද්ගල තක්සේරුව බිඳ වැටුණු රණවිරුවා හරකෙකුටත් වඩා අන්ත කළේ මේ පවතින වැඩපිළිවෙළවල් විසින්ම තමයි. වැරදි කරන සෙබළුන්ට එක ඇඟිල්ලක් දිගුකරන විට මේ විපතට මුල පෑදු බඩගෝස්තර දේශපාළුවන්ටත් ඇඟිලි දෙකක්ම දික් කරන්න අමතක කරන්න එපා. (නි)
එක හමුදා සෙබලෙක් කරන වරදකට හමුදාවේ ඉන්න ලක්ෂ ගානම පලි නැහැ.වැරදි කරන අයට නිසි දඩුවමක් නැති එක තමා ලංකාවේ තිබෙන ලොකුම අඩුව (නි)
මෙයාලට එදා අපි කිව්වේ අපේ දෙවිවරු කියලා නේද? බහුතරයක් මුළු සමාජයටම වින කරනවා නේද? (නි)
මජීඩ් කියන පුද්ගලයා සිංහල හෝ මුස්ලිම් විය හැකිය.ඔහු බොදු බල සේනා භීතියකින් පෙළෙන බව පෙනේ. (නි)
අරක්කු, කුඩු සහ අනෙක් ව්‍යයසන ආදිය වගකිවයුත්තන් විසින් ඉවත් කළ යුතුය (නි)
සෑම හමුදා සෙබලෙක් ගැනම වෙනම රහස්‍ය වාර්තාවක් හමුදාව සතු විය යුතුයි. මට තේරෙන්නේ නැහැ මේ අයට රණවිරුවෝ කිය කියා තව ගෞරව කරන්නේ කොහොමද කියලා. කණගාටුයි මේ විදියට ප්‍රකාශ කිරීමට සිදු වීම ගැන. හොඳ මහත්වරුත් හමුදාවේ ඉන්නවා. අපි එයත් පිළිගන්නවා. (නි)
මෙවැනි දේ කරන අය උතුරේ කොපමණ දේවල් කරන්න ඇතිද අර යුද්දේ වෙලාවේ , හිතල බලන්න ඒ දේම ඔබට , ඔබේ පවුලේ සාමාජික සාමාජිකාවන්ට සිදු උනානම් ඔබට කොතරම් දුකක් වෛරයක් ඇති වේවිද , ඉතින් උන් කොහොමද රජයකට එකවර ජන්දයක් දෙන්නේ , බහුතරය හොද උනත් , මෙවැනි අය නිසා ඒ බහුතරයද නරක වේ (දිල්)
සෙන්තිල් ,හිටපු හමුදා සෙබළෙකුට තියා සක්‍රීය සේවයේ ඉන්න සාමාන්‍ය හමුදා සෙබලෙකුටවත් තුවක්කුවක් ගෙදර ගෙනියන්න බැහැ-ඒක තමුන් නොදැන ගත්තාට- අනික මේ සෙබළා කරපු මේ අමානුෂික ගාතනය අල්ල ගන්න බැරිවුනානම් තවමත් මෙයාට හිටපු රණවිරුවෙක් කියල නේද කියන්නේ ?තමුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.(දිල්)
කැනඩා දිසා නමින් අදහස් දමා ඇති පුද්ගලයා අපේ හමුදාවල ඉන්න බහුතරයක් හොඳ සාමාජිකයන් අවමානයට ලක් කිරීමට උත්සහ දරා ඇත. විනයක් නැති සුළු පිරිසක් සිදු කරන වැරදි බහුතරයක් කරන සේ හුවා දැක්වීම කොතරම් අසාධාරණද කියා ඔබගේ හදවතට එකඟව සිතන්න ඔබට නුවන ලැබේවා කියා පතනවා.(නදී)
කෝ මේ අර කට්ටිය මේවා පෙන්නේ නැද්ද ?(නදී)
හොඳටම විශ්වාසද? (අ)
මෙයාලව මහා ලොකු චන්ඩි කලේ අපේ බඩ ගොස්තර වාදී දේශපාලකයෝ. නැත්නම් හමුදාව කියන්නේ හොඳ විනය ගරුක තැනක් , සරත් ෆොන්සේකා හමුදාපති වෙලා ඉන්න කාලේ මේ වගේ බාල වැඩ උනේ බොහොම අඩුවන් (නදී)
මොකක්ද මේ ''හිටපු'' හමුදා සෙබළුන්ට වෙලා තියෙන්නේ (කීවට කේන්ති ගන්න එපා ආයුබෝවන් )මාතෘකාව හොදට ගැලපෙනවා ...!! (අ)
හරක් වැඩෙන් බුරුව මි හරක් වැඩක් කර ගොම කයි ..(අ)
එතකොට මේ අපේ හිටපු රණ විරුවෙක්ද ?එතකොට වෙඩි තියන්න තුවක්කුව කොහෙන්ද ?(අ)
හමුදා සෙබළුන් හරි පොලිසියේ කව්රුවුනත් හොඳ සේවාවක් කල අයට අපේ ගෞරවනීය ප්‍රණාමය.එත් නම් පාවිච්චි කරන හමුදාවේ හෝ පොලිසියේ අයට උපරිම දඬුවම් දෙන්න., (අ)
දැන් නෑ රණ වී රුවෝ දැන් ඉන්නේ මිනි මරුවෝ . (අ)
එල්ලුන් ගස සුදනම් නැති අඩුවී මෙම ක්‍රියාවටමුල,රණවිරු ලේබලය යනු වැරදි කිරීමට දෙන ලිසමක් නොවේ. (අ)
මෙයා හරක්ට හපන් හරක් වැඩක්නේ කරලා තියෙන්නේ.හරි හමන් අධ්‍යාපනයක් නැති හරකෙක් තමා මේ මී හරක. (අ)
චන්දි, තුවක්කුවට හුරුවුණාම බොහොම දෙනෙක් ඒකෙන් ලොකු ආශ්වාදයක් ලබනවා. ඇමෙරිකාවේ 'ගන් කල්චර්' එක වගේ. හමුදාවේ දැඩි විනයෙන් හික්මුන අය විශ්‍රාම ගියත් ගන් කල්චර් එකට යටවෙන්නේ නැහැ. ඒ විනය නොලබා පැන්න කට්ටිය කරන වැඩ තමයි මේ. ඇන්ටන් කියනවා වගේ මේ "රණවිරුවෝ" නෙමෙයි. සැබෑ රණවිරුවන්ගේ නම කැත කරන, 'හමුදාවේ සේවය කළ අය'. (නි)
මේ රණවිරුවාගේ මිනිස්කම හා උගත්කම කොහෙද කියලා හිතා ගන්න පුළුවන්. හමුදාවේ හිටියා නම් තව තවත් හොඳ දේවල් කරාවි. (නි)