අන්තර්ජාලය සම්බන්ධ සිදුවීම් 150 ක් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සැකසීම මෙම සිදුවීම්වලට බහුලව අඩංගුවී ඇත. ෆේස්බුක් ගිණුම් පෞද්ගලික අනන්‍යතාවය සුරකින ආකාරයට සකස් කර නොතිබීම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සැකසීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පඩිතුමාටත් ඇති දහයක් විතර.(නදී)
හොර මුහුණු කාරයෝ අපෙන් අහනවා හොර ඒවයි, ඇත්ත ඒවයි අදුරගන්නේ කොහොමද කියලා. ‘(නදී)
වෙස් මුහුණු සහ නියම මුහුණ හඳුනන්නේ කොහොමද (දිල්)
ෆේස්බුක් පරිස්සමෙන් පාවිච්චිය තමන්ගේ වගකීමක්. මුරපදය කාටවත් ලෙහෙසියෙන් දැන ගන්න බැරි එකක් වෙනුවට එක්කෝ මහත්තයාගේ නම නැතිනම් ගෙර්ල් ෆ්‍රෙන්ඩ් ගේ නම යොදාගන්නවා. ඉතින් අමාරුවේ වැටෙනවා. සමහරු පුද්ගලික ඡායාරූප ආදිය මිතුරන් අතරේ පමණක් බෙදා ගන්න පුළුවන් කම තියෙද්දී මුළු තුන් සිංහලයටම නෙවෙයි උතුරුකුරු දිවයිනටත් පේන විදියට පබ්ලික් කරනවා. ඒ මදිවාට තමන්ගේ පුද්ගලික හැම දෙයක්ම ඕන එකයි නැති එකයි හැම දෙයක්ම එතන ප්‍රසිද්ධ කරනවා. සමහරු තමන්ගේ හනිමුන් එකේ ඉඳල දුවගේ කොටහලුව දක්වාම පින්තුර එතන ප්‍රසිද්ධ කරනවා. එක්කෝ මහත්තය ලංකාවේ නැහැ නැතිනම් ගෙදර එන්නේ මාසෙකට පාරක් කියල එතන අණබෙර ගහනවා. ඊළඟට හොඳ වෙලාවක් බලල ගෙට හොරු පනිනවා. නැති නම් කසාදෙත් කැඩෙන විදියේ ප්‍රශ්නයක් එනවා. ලාබාල ළමයින් ෆේස් බුක් එකේ මොනවා කරනවාද කියල අම්මල දන්නේ නැහැ. ළමයාගේ පරිගණක හැකියාව ගැන පම්පෝරි ගහ ගත්තු ගමන්මයි. මොකක් හරි හුටපටයක් නිසා බෙල්ලේ වැලදාගත්තට පසුව මුළු රටේම මිනිස්සුන්ට දොස් කියනව සමාජයේ සහ ආණ්ඩුවේ වැරැද්ද කියල. මේවාට ලියන්න නම් තව ඕන තරම් දේවල් තියනවා. (ස)
දුමිඳු මම දන්නා ක්‍රමය නම් හොර ෆේස්බුක් ප්‍රොෆයිල් ඡායාරූපය හරිම පැහැදිලි ඉතාම තියුණු එකක්. නමුත් ඇත්ත ෆේස්බුක් ගිනුමක ප්‍රොෆයිල් පින්තුරය , ඉතාම පැහැදිලි කොලිටියක් පෙනෙන්නේ නැහැ. තවත් ක්‍රම ඇති. අපේ කට්ටිය තව අදහස් ලියාවිනේ. (ස)
මට හරිම ආසයි අපේ බන්දුල පෙරේරා හෙවත් යහපාලගේ ෆේස්බුක් ගිණුම මොන වගේද කියල බලන්න. දැකපු කෙනෙක් ඉන්නවද ? (ස)
මේකෙන් පෙනෙන්නේ කතා කිරීමේ නිදහස නැහැ කියන එක.(නදී)
විවිධ ක්‍රියා සදහා මේවා භාවිත වෙනවා. සම රිසි පුද්ගලයන්ගේ ඒවා මේ අතර විශේෂයි. නිතිය ක්‍රියාත්මක විය යුතුයි. (නදී)