ව්‍යාජ ෆේස්බුක් ගිණුම් භාවිත කරමින් මිනිසුන්ට තර්ජනය කළ බව කියන සැකකරුවකු අත්අඩංගුව ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (26) ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ධනුක ලක්මාල කුරේ නැමැති එම සැකකරු ව්‍යාජ කාන්තා ෆේස්බුක් ගිණුම් සකසා ධනවත් පුද්ගලයන් සමඟ මිත්‍රකම් ඇති කරගනිමින් ඔවුන්ට තර්ජනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු මෙරටදීත් ඉන් පිටදීත් මෙම කටයුතුවල නිරත වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ජනවාරි හත් වැනිදා සැකකරු රටින් පිටවී ගොස් අති බවට තොරතුරු ලැබුණ බව දැනගත් බවත්, ඔහු ලංකාවට එද්දී හෝ ලංකාවෙන් පිටවෙද්දී අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් තිබුනට ආගමන විගමන දෙපාර්තමේන්තුවට කාවවත් අත්අඩංගුවට ගන්න බැහැ (බ)
මහේස්ත්‍රාත් නීතිය දන්නවා ඇති කියල විශ්වාස කරනවා! (කෞ)
රටේ විනිමය හොරකම් කළ ලොකු හොරු ඉඳිද්දී මේ වගේ ප්‍රාථමික දේවල් වලට මිනිස්සු අත් අඩංගුවට පත්වීම විහිළුවක් නොවේද? (බ)
ලංකා, ලොකු නීති විශාරදයෙක් වගේ. මහේස්ත්‍රාත් කෙනෙක් නියෝගයක් දුන්නා නම් අත්අඩංගුවට ගන්න කියලා, හේතුව මොකක් වුණත් අත්අඩංගුවට ගන්න ඕනෑ. (නි)
ලංකා , ඔයත් කෙල්ලෙක් වගේ මිනිස්සු එක්ක චැට් කරනවා නේද? (බ)
චමල්, ඔයාට නීතිය තේරෙන්නේ නැහැ වගේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවට කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් ආගමන විගමන නීති කැඩුවොත් ව්තරයි. රටේ නීතිය හරියට තේරුම් ගන්න පොත්පත් කියන්න. (නි)