ගතවුණු 2014 වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා අන්තර්ජාල සිදුවීම් 2250ක් ඉදිරිපත් කර තිබුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක තොරතුරු ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ඒ අතරින් නොවැම්බර් මාසය දක්වා ඉදිරිපත් කර තිබුණු සිදුවීම් සියල්ලම විසඳූ බවත් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය. මේවා අතරින් සියයට අනූවක්ම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධ සිදුවීම්ය. දෙසැම්බර් මාසය තුළ සිදුවීම් සීයක් වාර්තාවී ඇතැයි චන්ද්‍රගුප්ත මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාර්තාවේ විස්තර මඳි. මොනවද මේ අන්තර්ජාල සිදුවීම් ගණයට වැටෙන්නේ?ව්‍යාජ ෆේස්බුක් හඳුනා ගන්නේ කොහොමද? (හේ)
නිලේන්ද්‍ර ඔබගේ අදහස හරි, මේවා ව්‍යාජ ඒවා කියා හොයා ගන්නේ කොහොමද?(හේ)
අපේ බන්දුල පෙරේරාටත් 10ක් විතර ඇති. (නි)
මම දන්නා පරිදි මෙම හොර ෆේස්බුක් හඳුනාගන්නා ක්‍රමවේදයන් මෙසේය. 1. අධ්‍යාපනය ලැබූ පාසලක් නොමැත 2. මිතුරු මිතුරියන් නොමැත. 3. තමුන්ගේ පිළිගත හැකි ඡායාරූප නොමැත. 4. අනුන්ගේ ඡායාරූප හෝ එක ඡායාරූපයක් පමණක් ඇතුළත්කර ඇත. 5. තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප නොමැත.... (නි)