අන්තර්ජාල සිදුවීම් සම්බන්ධ පැමිණිලි දෙසීයක් ඔක්තෝබර මාසයේදී ලැබී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ජනවාරි සිට ඔක්තෝබර දක්වා ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව දෙදහසකි.
පැමිණිලි අතුරින් සියයට අනුවක්ම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධවය.
තම ෆේස්බුක් ගිණුම අනාරක්ෂිතව පවත්වාගෙන යාම හේතුවෙන් පිටස්තරයන් අතට ඡායාරූප ඇතුළු පෞද්ගලික තොරතුරු පත්වීම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සැකසීමට පාදක වී ඇති බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේෂ් බුක් කියන්නේ හොරුන්ට මගඩියන්ට වෙන් උන විද්‍යුත් මාධ්‍යක්. (නදී)
නරකද ඉසුරන්දි බෙහෙත් ටිකක් ගත්තොත්? (නි)
ෆේස්බුක් පාවිච්චි කරන්න දන්නේ නැති අයට තමයි ඔහොම හිතෙන්නේ. ඕනෑ එකයි,ඕනෑ නැති එකයි හැමඑකම දාන්න ගියාම තමයි ඔහොම වෙන්නේ. අන්තර්ජාලය ගැන පොඩිහරි දැනුමක් නැත්තම් නෑවිත් ඉන්න එක තමයි හොඳ.නිකන් තමන්ගේ වැරැද්ද අනුන්ගේ පිට දාන්නේ නැතුව ඉන්න එක නේද හොඳ? මේක හරියට පාවිච්චි කරනවා නම් කොච්චර වටිනා දෙයක්ද..??? (නි)
ඒක එහෙම නම් ඉසුරන්දි අපේ බන්දුලතුමාත් ෆේස් බුක් එකේ නැති වෙන්න බැහැ. කට ඇරියොත් ආකර්ශනීය වාග් මාලා නේ පිටවෙන්නේ. (බ)
මොන වන්චාවත් කරන්න පුලුවන් ටික දවසයි නිතිය හරියට ක්‍රියාත්මක වූනාම වෙස්මුන ගැලවෙන බව මේ අය දන්නේ නැහැ. (ර)
ජෙහාන් හරි. අපේ පඬිතුමාව මම ෆේස් බුක් එකෙන් බලාගත්තා.ඉතා සුක්‍ෂම ප්‍රයෝගයක් යෙදුවා ඒ සඳහා.මම මිනිහාට හීනියට ඇම දුන්නා.මිනිහා ඇම කෑවා. (නි)
කෝ කෝ කරුණාජීව මහත්තයෝ? මොන විදියේ ශ්‍රී නාමයක්ද එතන දරන්නේ? අනේ මට ඔය මුහුණත් තහඩුව දැකගන්න තිබෙන ආශාවක් ! (නි)
හැම තැනම හොරු තක්කඩි ඉන්නවා. ඕනාම දෙයක හොඳ නරක රැඳි පවතින්නේ පාවිච්චි කරන්න අය මතයි.(හේ)
කරුණාජීව මහත්තයෝ, මේ ආරංචියට නම් මට උදේට කන්න ඕනෑත් නැහැ. කොයිවගේ පෙනුමක් ද තියෙන්නේ? දත් ටික එහෙම හොඳට තිබෙනවද? (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව කෙතෙක්ද කියතොත් හැම හොඳ දෙයක්ම භාවිතා කරන්න යන්නේ වැරැදි පැත්තටමයි. පුදුම රටක්! ඇත්ත තමයි මෙවන් රටක් ලෝකේ කොහෙවත් නැහැ කියලා අපිට පොඩි කාලේ කියලා දුන්නේ. එක දැනෙන්නේ වෙනත් රටකට ගියාම.(හේ)
මේ පැමිණිලි කළ ෆේස් බුක් ගිණුම් අතරේ අපේ බන්දුල පෙරේරා තුමාගේ ගිණුමත් තියෙනවද දන්නෙ නැහැ. විශේෂයෙන් බවලතුන්ගේ පැමිණිලි ගොඩේ. (නි)
සමරේ[ගාල්ල], දැක්කෙත් නැහැ හුඟ කාලෙකින්. (නි)
ෆේස්බුක් එකේ රහස්‍ය භාවය ආරක්ෂා කරගන්න හැමෝම දැනගන්න ඕනේ. තමුන්ගේ රහස් අංකය අනිත් අයට නොදෙන්නත් ඇනගන්න ඕනේ (නදී)
[නි] මහත්මයා මම කියන්නම් බන්දුලව දැකගත් විදිය. මම දන්නවා සමරේ[ගාල්ල] කියන්නෙත් බන්දුල කියලා. ෆේස් බූක් එකේ බන්දුල පෙරේරලව ක්ලික් කරහම සෑහෙන ප්‍රමාණයක් නම් එනවා. ඒවායින් විශ්ව විද්‍යාල වලට ගිය කට්ටිය,පිටරට රැකියාවල් කරන කට්ටිය,උසස් රැකියාවල් කරන කට්ටිය,තරුණ කට්ටිය අයින් කරහම මැදිවයසේ කීපදෙනෙක් ඉතුරු වෙනවා. ඒ අයගෙන් බැලුවා දකුණු පළාතේ කවුද ඉන්නේ කියලා. එක බන්දුල පෙරේරා කෙනෙක් ඉන්නවා රිච්මන්ඩ් එකටයි,මහින්දෙටයි ඉස්කෝලේ ගිය පොරක්. මට හිතුනා මෙයා තමයි පොර කියලා. මම නිකමට එසැණහි අදහසක් දාලා ඇහැව්වා සමරේ [ගාල්ල] ඉස්කෝලේ ගියේ රිච්මන්ඩ්,මහින්ද ඉස්කෝල වලටද කියලා. එදායින් පස්සේ සමරේ [ගාල්ල] ආගිය අතක් නැහැ. (නදී)
මෙතන ප්‍රශ්නය මගේ අදහසේ හැටියට බොහොමයක් විට අන්තර් ජාලයේ වත් ෆේස් බුක් ගිණුමේ වත් නෙමෙයි. තාක්ෂණික මෙවලමක් තමන්ට ප්‍රයෝජන වෙන හැටියට පාවිච්චි කිරීමේ. දැනුමක් නැති කම. සමහර කාන්තාවන් මිතුරන් අතරේ සහ පොදු ජනයා අතරේ යනුවෙන් පින්තුර වැනි දේවල් පුද්ගලිකත්වය රැක ගෙන බෙදා ගන්න හැකියාව තිබෙන බව දන්නේ නැහැ. හනිමුන් එකේ ඉඳල දුවගේ කොටහලුව දක්වාම අතිශයින් පුද්ගලික පින්තුර ෆේස් බුක් එකේ හත් පත්තුවටම බලා ගන්න පුළුවන් හැටියට ප්‍රසිද්ධ කරනවා. ලේසියෙන් කාටවත් බලාගන්න බැරි වෙන විදියට මුරපදයක් යොදන්නේ නැහැ. එක්කෝ දුවගේ නම නැතිනම් මහත්තයාගේ නම. පෙරහැර ගියාට පස්සේ මාර්ක් සකබෙර්ගේ දෙමව්පියන්ව මතක් කරනවා. (නදී)
ඉසුරන්දි , ඔයා තාම පොඩි ළමයෙක්. ලෝකයේ හැම දේකම හොද නරක කියා දෙකක් තියෙනවා හරියට ගින්දර වගේ ඕන නම් ඔයාට පුළුවන් ලිපට දර දාලා , බුමි තෙල් දාලා ලිප පත්තු කරලා කෑම උයන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් බුමි තෙල් ටික ඔලුවේ හලාගෙන ගිනි තියා ගන්න. (නදී)
මට නිකමට හිතුන බන්දුල ඔය කියපු පළාතේ වෙන්න ඇති කියල. (නදී)
මට හිතෙන්නේ කරුණාජීව මහතාගේ සොයා ගැනීම හරි ඇති. නැති නම් මෙලහකට මෙතනට බුරාගෙන කඩා පැනලා. අර කලින් පුවතකදී පිට බැද්දර ජයා ගේ බෙල්ල මිරිකුව දවසේ ඉඳල ජයා ආගිය අතක් නැහැ. මොනවා වුනාද මන්දා (නදී)
බණ්ඩා, නියම කතාව. මසුරන් නැහැ මන් ලඟ අතටවත් දෙන්න. (නදී)
ෆේස් බුක් ලංකාවේ පාසල් යන වයසේ තරුණ ළමයින්ට අනාරක්ෂිත දෙයක්. ඔවුන් දන්නේ නැහැ කොහොමද තමන්ගේ පෞද්ගලිකත්වය සහ එහි ආරක්ෂාව තබා ගන්නේ කියා. ඔවුන් දැනුවත් නැහැ. (නදී)
ෆේස් බුක් අපේ සමාජය විනාශ කරනවා.(හේ)
ඉසුරන්දි, ඔයාගේ ඔලුව කොහේ හරි වැදුනද.? හැම දේකම හොද නරක දෙකක් තියනවා. (ර)