ව්‍යාජ සහතික ඉදිරිපත් කර බැංකුවකින් රුපියල් ලක්ෂයක ණය මුදලක් ගත්තැයි පුත්තලමේ පහරියේ ගුරුවරියක පුත්තලම කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
විදුහල්පතිගේ අත්සන ද, පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ මුදල් සහයකගේ අත්සන ද, නිලමුද්‍රාවද හොරට හදා ඇතැයි කියන පොලිසිය එම ගුරුවරියගේ උප්පැන්නය හා හැදුනුම්පත ද ව්‍යාජ බවට තොරතුරු ලැබී ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාගීශ්වර, ඔයා වගේ හිතන්න පුලූවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි. බැංකුවෙන් ණය නිකන් දෙන්නේ නැහැනේ. ඇපයයි, පොළියයි යන ඒවත් එකතු වෙනවනේ. (ස)
අනේ කවූරුවත් මේ 'ගුරුවරු' පෙන්වන මඟ යන්න එපා ! (ස)
"හැඳි මිටක්" දීප්තිමත් අනාගතයක් අඳුරට යොමු කරවා ගෙන ඇත. කනගාටුයි. (දී)
ගුරුවරු දණගස්සපු කට්ටිය හිටියෙත් ඔය පැත්තේ තමයි (නි)
ඕනෑම වෘත්තියක තමන්ගේ වෘත්තියේ ගරුත්වය නොරකින පුද්ගලයන් ඉන්නවා.ඒකට දේශපාලනය,දොස්තරකම,ගුරුකම,ආරක්ෂක සේවය කියලා වෙනසක් නැහැ.එක විදියට හිතන එක විදියට ක්‍රියාකරන මිනිස්සු ඔය අපේ අදහස් දාන සමහරක් වගේ අංග සම්පුර්ණයි කියලා හිතන මිනිස්සු ප්‍රායෝගිකව මේ ලෝකේ නැහැ.මේ ලෝකේ දියුණුවට වගේම විනාශයටත් හේතු වෙන්නේ මේ මිනිස් හිතේ විවිධත්වය.හැම කෙනාම මේ දෙය දන්නවා.හැබැයි තමන්ගේ වාසියට පිළිගන්න කැමති නැහැ. (නි)
ඔන්න දණගස්සනවා නම්! (නි)
ඔය කියන ගුරුවරියගේ ව්‍යාජ නැත්තේ මොකක්ද එතකොට? (නි)
උදවු කරපු අයට කීය කීය හරි දෙන්නත් එපායැ. ඉතින් ලක්ෂෙන් කීයද ඉතුරු වෙන්නේ? (නි)
අපේ රටේ සිද්ධවෙන දේවල් දිහා බලපුවම මේක නිකන් කැළණි ගඟේ පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ (නි)
මේක ඉතාම අහිංසක හොරකමක්. මම හිතන්නේ ගෙදර මුදල් හිගකමට කරපු දෙයක්. ලංකාවේ වෙන හොරකම් අනුව මට නම් මෙතුමිය ගැන අනුකම්පාවක් තියෙන්නේ (නි)
ප්‍රතිචාරයට අනුව බන්දුල පෙරේරා ගුරුවරයෙක් වගේ පේන්නෙ (නි)
අර දන ගස්සන එක් කෙනාට මේ ගුරුවරිය මුණගැහිලා නෑ වගේ? (ස)
වැඩි හරියක් වෙන්නේ ඔය වගේ දේවල් ඔය පැත්තෙමනේ. (ස)
මේක හරි විදියට කරන්න මේ ගුරුවරියට බැරි වුනේ ඇයි කියල හේතු හොයන්න ඕන. ණයක් කියන්නේ තමන්ගේ වැටුපෙන් අයකරගන්න දෙන එකක්, ඉතින් මේ නිලධාරීන් සහ විදුහල්පතිවරයා ඇයි එතුමියට මේක කරගන්න උදව් කරලා නැත්තේ, ඒ අයවයි අත් අඩංගුවට ගන්න ඕන. කෝටි ගණන් මහජන මුදල් හොරකන් කරන රටේ, පොලීත් එක්ක ආපහු ගෙවන්න මේ වගේ දෙයක් කරන අයව තමයි මෙයාලත් අත් අඩංගුවට ගන්නේ. කෝ මේ ගුරු සංගම් (දී)
ගුරුවරියෙක් කියන එකත් ව්‍යාජ ඇතිනෙ (දී)
මම ගුරුවරයෙක් නොවෙමි. එහෙත් රාජ්‍ය සේවයේ ඉතාමත් අඩුවෙන් වරප්‍රසාද ලබන පිරිසකි ගුරුවරු. අඩු තරමින් මාස දහයේ ආපදා ණය මුදලවත් ගන්න මේ අයට බැහැ. ඒ ණය පෝලිමේ ඉඳලා ණය ලැබෙනකොට සමහරවිට ආපදාව නැත්තටම නැතිවෙලා ඉවරයි. හරියට වැටුප් වර්ධකයක් හැදිලා එන්න කොච්චර කාලයක් යනවද. දන ගස්සන්න කට්ටිය හිටියට මේවා වැඩිය හොයන්නේ නැහැනේ. හොඳ වතුර ටිකක්, විවේකයට ඉන්න ගුරු විවේකාගාරයක්, පන්තියේදී ඉඳගන්න පැද්දෙන්නැති හොඳ පුටුවක්, රෙද්දක් එලපු පිරිසිදු මේසයක්, මේ වගේ පහසුකම් ලංකාවේ ගුරුවරුන් කී දෙනෙකුට ලැබෙනවද. හුණු කුඩු නාගෙන සමාජය යහමගට ගන්න අනේකවිධ මහන්සියක් ගන්න මේ අය ගැන සුපිරි යැයි හිතාගෙන ඉන්න හැමෝම හිතන්න වෙනවා. (ස)
හොරකම හොඳ නෑ තමයි ! ඒත් මේ මනුස්සයා ලක්ෂයක් ගත්තේ ගෙදර වැඩකට හෝ ළමයින්ගේ වැඩකට හෝ වෙන්න පුළුවන්! ණය පදනමටනේ ගත්තේ, ණය ගෙවයි. අද කාලේ පාලකයින් කරන හොරකම් දිහා බැලුවහම, මේ මනුස්සයා හොරකමක් කරලා නැති ගාණයි. අපේ පොලිසිවලට පුළුවන් ඉතින් මේ වගේ අහිංසකයන්ව අත් අඩංගුවට ගන්න විතරයිනේ! (ස)
බන්දුල මහත්තයාගේ අදහස නම් හොඳයි. ඔබතුමාත් ඒ වගේමද? (ස)