හොර නේට්ටු 22 ක් සමඟ පවුලක්ම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.
වේයන්ගොඩ පැත්තේ සිට වෑන් රියකින් පැමිණි මව(47), දියණිය(18), පුතා(07) සහ බෑනා මේ පිරිසට අයත් බවත් එළවළු ගැනීමට රුපියල් 2000 ව්‍යාජ නෝට්ටුවක් දී ඇති බවත් පොලීසිය පවසයි.
රුපියල් 2000 හොර නෝට්ටු 20 ක් සහ රුපියල් 1000 සේ හොර නෝට්ටු දෙකක් මොවුන් ලඟ තිබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ තාත්තා.? (අ)
අවුරුදු 7 එක්කනා තමයි මේක මෙහෙයවලා තියෙන්නේ (නදී)
දැන් දැන් හොර නෝට්ටු අහුවෙන විදියට පෙනෙන්නේ මේක බොහොම ප්‍රචලිත දෙයක් බවයි. රට පිරිහීමේ තව ලක්ෂණයක්. (අ)
රට කරවන කට්ටිය කෝටි ප්‍රකෝටි ගණන් ගහන කොට පොඩි එවුනුත් බලනවා මොකක් හරි ගැජමැටික් එකක් දාල ඉක්මනට දියුණු වෙන්න , එතැනදී අසම්මතද , අසංවරද , නීතිවිරෝධීද කියල හිතන්නේ නැහැ .(අ)
මේ හොර නෝට්ටු අච්චු ගහන හැටියට ලංකාවේ හොඳ නෝට්ටු දැන් නැතිවත් ඇති මගේ හිතේ.(අ)
මෙගොල්ලොත් කියාවි , අනේ අපි දන්නේ නැහැ බිස්නස් එකකින් ලැබෙන්න තිබුණමුදලක් අදාළ කෙනා දුන්න. අපි ඒ සල්ලි ටික එහෙමම අරන් එළවලු කඩේට ආවා කියලා. (අ)
ලොකු ලොක්කෝ අධර්මිෂ්ඨ වෙනකොට ජනතාවත් වැරදි මාර්ගයේ ගමන් කරන එක පුදුමයක් නොවේ. (නි)
හොර සල්ලි ගහලා සමාජයේ ඉහළටම නැගලා ජනතාවට මාරයන් වූ පියෙක්, බිරිඳක්, පුතෙක් හා දුවෙක් මගේ මතකයට නැඟෙනවා. (නි)
"කවුරුත් හොර වැඩ කරන එකේ අපිත් කරමු" කියලා හිතන්න ඇති. වැරැද්දකුත් නෑ වගේ. (අ)