පරිගණක යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර භාවිත කරමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළේයැයි සැකපිට ගොකරැල්ලෙන් හා නෙල්ලිඅඩි ප්‍රදේශයෙන් සැකකරුවෝ අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ගොකරැල්ලෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු දෙකක්, 1000 නෝට්ටුවක් සහ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 16ක් තිබුණු බවත් පොලිසිය කියයි.
නෙල්ලි අඩි පොලිසියෙන් අත්අඩංගුවට ගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරු අවුරුදු 17ක ළමයකු බව ද පොලිසිය පවසයි.
පරිගණක යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍රද පොලිස් භාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දේශපාලක කෙනෙක්ගේ දුවෙකුත් හොර සල්ලි ලක්ෂ ගානක් බැංකුවේ දාන්න ගිහින් අහුවුණා නේද? එයා තාමත් ඇතුළෙද අනේ. (නි)
හොර උප්පැන්න සහතික, හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර හදන අයට ක්‍රියාත්මක කළනොහැකි නීතිය මේ රට තුළ... ඉතින් මේකත් කතාවක්ද? (නි)
වියදමට සල්ලි මදිවෙනකොට කාගෙන්වත් ඉල්ලගන්නත් බැරි නිසා අච්චු ගහගන්න ඇති (නි)