ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා අද (28) පස්වරු 3ට මුදල් අමාත්‍යංශයට පැමිණෙන්නැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කළ ආරාධනයක් අනුව එහි ගිය මාධ්‍යවේදීන්ට පැය ගණනක් බලා සිට ආපසු පැමිණීමට සිදුවිය.
පස්වරු 3 ට එහි ගිය මාධ්‍යවේදීහු කැමරා උපකරණ හා මයික්‍රෆෝන එක් ශාලාවක සවිකර ඇමැතිවරයා පැමිණෙන තුරු බලා සිටි අතර සවස 3.30ට පමණ එහි නිලධරයකු පැමිණ එම ස්ථානයේ ඉඩ පහසුකම් මද බැවින් ශ්‍රවණාගාරයට පැමිණෙන්නැයි දන්වා ඇත.
එහි ගොස් නැවත තම උපකරණ ආදිය සවිකරගෙන පැයකටත් වඩා වැඩි කාලයක් බලාසිටියද ඇමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා පැමිණියේ නැත. ඒ මොහොතේ යළි එහි පැමිණි නිලධරයකු කියා සිටියේ කරුණානායක මහතාගේ නිල කාමරයට පැමිණෙන ලෙසයි. නමුත් යළිත් කැමරා උපකරණ ආදිය රැගෙන එහි යාමට අකමැත්ත පළ කළ මාධ්‍යවේදීහු ඇමැතිවරයා එනතෙක් සවස 5 වනතුරු එහිම රැඳී සිටියහ.
නමුත් ඇමැතිවරයා නොපැමිණි හෙයින් ඔවුහු ඉවත්ව යාමට සූදානම් වද්දී ඇමැතිවරයාගේ ලේකම්වරියක පැමිණ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ ඇමැතිවරයා කතරගම සිට පැමිණියේ දැන් බවත් විනාඩි 10ක් තුළ ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණෙන බවත් එතෙක් හැකිනම් රැඳී සිටින ලෙසත්ය. නමුත් පැය ගණනක් බලා සිටි මාධ්‍යවේදීහු එම ඉල්ලීම පසෙකලා ආපසු පැමිණියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයේ ප්‍රතිපල ඔහොම තමා, අපිට 17 වසරක එජාප ආණ්ඩුවේ අත්දැකීම් තියෙනවා. මේ ලංකාවේ මිනිස්සුන්ට හිමිවන අන්තිම චාන්ස් එක. පස්සේ පසුතැවිලි නොවන්න. (බ)
දැන් ඔය මාධ්‍යවේදීන්ට පැය 2ක් ඉවසන්න බැරි නොහැකියාව මොකක්ද? ප්‍රවෘත්ති නිසා මාධ්‍යවේදීන් සිටිනවා මිසක් මාධ්‍යවේදීන් වෙනුවෙන් ප්‍රවෘත්ති හදන්න ඕන නෑනේ. මාධ්‍ය සාකච්ඡාවකට පරක්කු වෙලා ආවොත් මෙයාලා එළියේ තපින්න ලෑස්තිද? නළඟනකට දරුවෙක් ලැබුණු එක රටේ ජාතික සිරස්තලයක් වුනා නම් ඒ වෙනුවෙන් මාස ගානක් බලං හිටියා නම් සාකච්ඡාවක් වෙනුවෙන් බලන් ඉන්න බැරි මොකද? (නදී)
2001 දී සතොස 24 පැය ඇරගෙන සිටි පුරුද්දට වෙන්න ඇති (බ)
විජයබාහු හිතන් ඉන්නේ ජන්දේ මෙයාල දිනයි කියලනම්, දැන්ම නැගිටින්න එපා හොදට නිදාගන්න. සුබ සිහින (බ)
මේ ගොල්ලොන්ගේ පොරොන්දුත් ඡන්දෙට පස්සේ මෙහෙම තමයි (නදී)
දැන්මම මෙහෙම නම් පහු වෙනකොට කොහොම තියෙයිද (නදී)
ෂුවර් එකටම මෙයාට මේ ලෙඩේ බෝ වුනේ අර චන්ද්‍රිකා ප්‍රමාද නෝනාගෙන්. එයත් එක්ක මීට ඉස්සර තිබ්බ සාකච්ඡාවට ආවේ පැය 2 ක් ප්‍රමාද වෙලා. මේකටත් එයා එන්න ඉන්න ඇති. කතරගම සිට එන කතාව බොරුවක් විය හැකියි.(නදී)
කමාල්.... හිමාල් .....කලින් ආණ්ඩු හොදට නොකරනවා කියල නේද අලුත් ආණ්ඩු බලෙන්ම පත් වුණේ.නොහැකියාව.....තමා අහන දේට පිළිතුරු දීගන්න තියන අපහසුව...ජනතාව වෙනුවෙන් කිඹුල් කදුළු හලන ඇමතිවරු.....මොකද හැන්ගිමුත්තම්... කරන්නේ...මහජනයාට .තොරතුරු දැනගැනීමට තමා මාධ්‍ය වේදීන් හැමවිටම කට යුතුකරන්නේ...එත් ඉතින් කෙරෙන වැඩක්ද නොකෙරෙන වැඩක්ද කියල උගත් මොළවලට දැනුන නිසා තමා එයාල එතනින් පිටවෙලා ඇත්තේ.(අ)
දෙවියන්ට කන්නලවු කරන්නද දන්නෑ නේ කතරගම ගියේ (අ)
චන්ද්‍රිකා නෝනා වගේනම් වෙන්න එපා. (බ)
යහපාලනය තරම පේනවද....රවී කියන්නේ රාජ් රාජරත්නම් ගේ හොඳ කකුලක් (බ)
මේ ක්‍රියාකාරී ඇමැති කෙනෙක් ,පොඩ්ඩක් ඉවසන්න වෙනවා. (බ)
ඊලග පාර කවුරුවත් යන්නේ නැතුව හිටියනම් හරි. රවීට පුළුවන් මැස්සෝ එක්ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියන්න. (බ)
විජයබාහු ඔක්කොම දකින්නේ එකම කෝනයකින්නේ .කලින් ආණ්ඩුව කරපු දේවල් ඉක්ක්මනට අමත්කේ වෙනවද කොහෙද ??? (බ)
ප්‍රමාදයට අධිපති දේවතාවිය එක්කනේ දැන් වැඩ, ඒකයි පමා. (බ)