අධිකරණයේ පෙනීසිටීම මගහරින සුදුසුකම් නොමැති ව්‍යාජ වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අලුත්කඩේ මහෙස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා වරෙන්තු නිකුත් කළේය.
තෙවරක් අධිකරණය හමුවේ පෙනී සිටීම මඟහැර ඇති තොටළග පදිංචි විපුල බණ්ඩාර නැමැත්තකුට මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.
මත්ලෝලීත්වය අඩු කිරීමට බව පවසමින් මත්ලෝලීන්ට ඖෂධ නිකුත් කළ බව කියන මෙම සැකකරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිටියත් ඒ සඳහා සුදුසුකම් නොමැත්තකු බව පරීක්ෂණවලින් අනාවරණය කැරගෙන තිබිණි.
මෙම සැකකරු හා ඔහු සන්තකයේ තිබුණු ඖෂධ රැසක් ජාතික සුවඳවිලවුන් හා ඖෂධ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රධාන ඖෂධ සහ ආහාර පාලක අමිත් පෙරේරා විසින් ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ වැඩිහරියක් ඉන්නේ මිනිසුන් රවටන හොර වෙදුන්, තෙල් බෙහෙත් වෙළෙන්දන්, සාත්තරකාරයින්, යකැදුරන් වගේම ටියුෂන් ගුරුවරුන් වැනි අය. (නි)
මේ අයට දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
ඔක්කොම හොරු බලන් යද්දී.(හේ)
ජ්‍යොතිෂ්‍යය කියන්නේ වටිනා ශාස්ත්‍රයක්. වාස්තු විද්‍යාවත් ඒවගේ. ඒ විෂයයන් ගැන වටිනා පොත් පත් ඕනෑතරම් තියෙනවා. පිළිගත් උගතෙක් ගෙන් තමන්ගේ කේන්දරේ බලවා ගත්තනම් තමයි හොඳයි.(හේ)
වෛද්‍යවරුන්ගේ හිඟය නිසා හොර වෙදුන් බිහි වෙනවා.(හේ)
හොර වෙදුන් සහ මිනීමරුවන් අතර ඇති වෙනස නම්, මිනීමරුවා ඉක්මනින් කෙනෙකුට මරු කැඳවන නමුත්, හොර වෙදා ටිකෙන් ටික මරු කැඳවන ගමන් මුළු පවුලේ ආර්ථිකයද විනාශ කරවනවා. ඒ නිසා මොවුන්ට තද නීති පැනවිය යුතුයි. (නි)
දැන් මේ හැම දෙයක්ම මුදල් පස්සෙන් යන නිසා හොරකම් වැඩි වෙලා.(හේ)
හොර වෙදුන් පමණක් නොවේ, මෝඩ මිනිසුන් රවටාගෙන සල්ලි ගරන යන්ත්‍ර මන්ත්‍ර කට්ටඬියන්, කුඩු ගෙන්නන්, වඳ ටොපි දෙන්නන්, ඇතුළු සියලුම දෙන ගැනද තීරණයක් ගතයුතයි.(හේ)
හොර වෙදුන් පමණක් නොවේ, මෝඩ මිනිසුන් රවටාගෙන සල්ලි ගරන යන්ත්‍ර මන්ත්‍ර කට්ටඬියන්, කේන්දර බලන්නන්, නැකැත්කාරයින්, වාස්තු විද්‍යාඥයින් වැනි අය ගැනද තීරණයක් ගතයුතුය (නි)