IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොර වෙදාට වරෙන්තු

අධිකරණයේ පෙනීසිටීම මගහරින සුදුසුකම් නොමැති ව්‍යාජ වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අලුත්කඩේ මහෙස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා වරෙන්තු නිකුත් කළේය.

තෙවරක් අධිකරණය හමුවේ  පෙනී සිටීම මඟහැර ඇති තොටළග පදිංචි විපුල බණ්ඩාර නැමැත්තකුට මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

මත්ලෝලීත්වය අඩු කිරීමට බව පවසමින් මත්ලෝලීන්ට ඖෂධ නිකුත් කළ බව කියන මෙම  සැකකරු  වෛද්‍යවරයකු ලෙස පෙනී සිටියත් ඒ සඳහා සුදුසුකම්  නොමැත්තකු  බව පරීක්ෂණවලින්  අනාවරණය කැරගෙන තිබිණි.

මෙම සැකකරු හා ඔහු සන්තකයේ තිබුණු ඖෂධ රැසක් ජාතික සුවඳවිලවුන් හා ඖෂධ අධිකාරිය විසින්  අත්අඩංගුවට ගෙන ප්‍රධාන ඖෂධ  සහ ආහාර පාලක අමිත් පෙරේරා විසින් ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කැර තිබිණි.

 

 



අදහස් (0)

හොර වෙදාට වරෙන්තු

සත්‍යපාල Saturday, 01 November 2014 02:30 AM

අද රටේ වැඩිහරියක් ඉන්නේ මිනිසුන් රවටන හොර වෙදුන්, තෙල් බෙහෙත් වෙළෙන්දන්, සාත්තරකාරයින්, යකැදුරන් වගේම ටියුෂන් ගුරුවරුන් වැනි අය. (නි)

:       0       0

රසිරු Saturday, 01 November 2014 02:15 PM

මේ අයට දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 05:11 AM

ඔක්කොම හොරු බලන් යද්දී.(හේ)

:       0       0

සුමුදු Saturday, 01 November 2014 06:14 AM

ජ්‍යොතිෂ්‍යය කියන්නේ වටිනා ශාස්ත්‍රයක්. වාස්තු විද්‍යාවත් ඒවගේ. ඒ විෂයයන් ගැන වටිනා පොත් පත් ඕනෑතරම් තියෙනවා. පිළිගත් උගතෙක් ගෙන් තමන්ගේ කේන්දරේ බලවා ගත්තනම් තමයි හොඳයි.(හේ)

:       0       0

ගයාන් Saturday, 01 November 2014 06:46 AM

වෛද්‍යවරුන්ගේ හිඟය නිසා හොර වෙදුන් බිහි වෙනවා.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 31 October 2014 07:56 PM

හොර වෙදුන් සහ මිනීමරුවන් අතර ඇති වෙනස නම්, මිනීමරුවා ඉක්මනින් කෙනෙකුට මරු කැඳවන නමුත්, හොර වෙදා ටිකෙන් ටික මරු කැඳවන ගමන් මුළු පවුලේ ආර්ථිකයද විනාශ කරවනවා. ඒ නිසා මොවුන්ට තද නීති පැනවිය යුතුයි. (නි)

:       0       0

සිතුම් Saturday, 01 November 2014 07:42 AM

දැන් මේ හැම දෙයක්ම මුදල් පස්සෙන් යන නිසා හොරකම් වැඩි වෙලා.(හේ)

:       0       0

අජිත් Saturday, 01 November 2014 09:51 AM

හොර වෙදුන් පමණක් නොවේ, මෝඩ මිනිසුන් රවටාගෙන සල්ලි ගරන යන්ත්‍ර මන්ත්‍ර කට්ටඬියන්, කුඩු ගෙන්නන්, වඳ ටොපි දෙන්නන්, ඇතුළු සියලුම දෙන ගැනද තීරණයක් ගතයුතයි.(හේ)

:       0       0

රොකී Saturday, 01 November 2014 01:23 AM

හොර වෙදුන් පමණක් නොවේ, මෝඩ මිනිසුන් රවටාගෙන සල්ලි ගරන යන්ත්‍ර මන්ත්‍ර කට්ටඬියන්, කේන්දර බලන්නන්, නැකැත්කාරයින්, වාස්තු විද්‍යාඥයින් වැනි අය ගැනද තීරණයක් ගතයුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site