ජනපති ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් මහනුවර ධර්මරාජ විදුහලට දරුවකු ඇතුළු කිරීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ගත්තැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව විශේෂ පොලිස් කණ්ඩායමක් කියයි. කථිකාචාර්යවරයකු ද ලේකම්වරයකු ද ලෙස පෙනී සිටි ඔහු කලක් මහණ වී සිටි බව ද පොලිසිය පවසයි.