ආරියරත්න රණබාහු
මුදල් රෙගුලාසි කඩ කිරීමේ චොදනාව ට සිරදඬුවම් නියම වූ ලලිත් වීරතුංග මහතාට ඒ දඬුවම ලැබුණු අයුරින්ම නිසි විගණනයන් සිදු කළහොත් රාජ්‍ය නිලධාරීන්ගෙන් භාගයක්ම අද සිටිය යුත්තේ හිරේ යැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (18) පැවසීය.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හි අද පැවති වැඩමුළුවක් අමතමින් විගණකාධිපතිවරයා එසේ කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අපිද හරි එක කරන්නේ?
ඉතින් කරන්නකෝ. වැරදි කරලනම් හොයලා අත්අඩංගුවට ගන්න.. බාගයක් වුනාට මොකද ඕනෑතරම් සුදුසුකම් තියෙන අය ඉන්නවා මෙරට ඒ තැන්වල හරියට වැඩ කරන්න. මේකද ආදර්ශය.. නීතිය දේශපාලනීකරණය කිරීම ඉතාම භයානකයි..
ඇයි හරි විගණනයක් කරන්නේ නැත්තේ? හරි විගණනයක් නොකිරීම ගැන... විගණකාධිපති වග කියන්න ඕනේ.
දැන් අපිද එ්ක කරන්න ඕනේ. හැමෝම බෝල පාස් කරකර ඉන්නවා.
ඇයි ඉතින් ඔබ වැනි අවංක නිලදාරියකු එසේ නොකරන්නේ? එසේ කිරීමෙන් රටට සෙතක් මිස අවැඩක් නොවෙනවා නේද?
ඒ කියන්නේ හරි විගණනයක් කෙරෙන්නේ නෑ කියන එකද. විගණකාධිපති ඉන්නේ හරියට ඒක කරන්න නෙමෙයිද..
ඒ කියන්නේ දැන් කරන්නේ වැරදියටද? පුලුවන්නම් ජනාධිපති කාර්යාලයේත් අගමැති කාර්යාලයේත් ඔයාගේ කාර්යාලයේත් හරියට කරලා බලන්නකෝ.
විගණකාධිපති පත් කරලා තියෙන්නේ, ඔහුට ජනතාව වැටුප් ගෙවන්නේ හරි නොවන වැරදි විගණනයටද? මේ කියන්නේ තමුන් හරියට වැඩකරන්නේ නැහැ කියලද?
මේක මහා කණගාටුදායක කතාවක්... රටේ විගණකාධිපති කියන විදියට අමාත්‍යාංශවල ගිණුම් නිසිලෙස විගණනයට ලක්වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව අවශ්‍ය කරන සම්පත් හා සේවකයන්ගේ හිඟකම... ඒ නිසා මහජන මුදල් හොරා කන්න නාස්ති කරන්න හා අවභාවිතා කරන්න පහසුවෙන් ඉඩ හදාගෙන තියෙනවා.
කමල්, ප්‍රභා ඔබ දෙදෙනාම වැරදියි. විගණකාධිපති හරි විගණනයක් කරනවා යන්නෙන් අදහස් කරන්නේ විගණන පනත, අවශ්‍ය සම්පත් වැනි දේවල් තිබේ නම් නිසි විගණනයක් කල හැකි බවයි.
කමල්,ප්‍රභා ඔබ දෙදෙනාම වැරදියි. විගනකාධිපති කියා ඇත්තේ විගණන පනත, මුදල් හා අන් පහසුකම් තිබේනම් හොද විගණනයක් කල හැකි බවය.
ඇයි ඉතින් නොකරන්නේ?
ආණ්ඩු කරන දේශපාලන ලොක්කන්ට උවමනා විධියට තමයි රජයේ සේවකයෝ වැඩකරන්නේ. එහෙම නොකලොත් එස් එල් ඒ එස් අය කෙලින්ම පූල් එකට වැටෙනවා. ඔක්කොම වරප්‍රසාද, දීමනා, වාහන, නිල නිවාස නැතිවෙලා නිකන් පැන්ෂන් ගත්තු පොලිස් කාරයෙකුගේ තත්වයට පත්වෙනවා. මේ බව හොඳින් දන්නා නිසා මෙයාල ඇමතිලාට සලකන්නේ දෙවියන්ට වගේ. ඒ නිසා හිරේට දමනවානම් ඇමති තමයි පළමුවෙනියා.
ඔබ තුමා නොකිය කියන්නේ විගණනයත් දැන් නවනවා කියලද? ඉස්සර නම් විගණකාධිපති වරු සේවය කළේ රජවරු වගේ. දැන්? අනේ මන්දා.
මෙතුමා ගැන අපි සතුටු විය යුත්තෙමු. එතුමාගේ ගමන යාමට නිවැරදි දේශපාලන දායකත්වය ලැබිය යුතුය. ඒ සඳහා සුදුසු පාලකයන් පත්කිරීමේ වගකීම ඇත්තේ ජනතාවටය. එහෙත් අද ජනතාව කරන්නේ මාරුවෙන් මාරුවට හොරු එතනට යැවීමයි.
එහෙනම් මෙපමණ කල් විගණන කරලා තිබෙන්නේ හොරට ? විගණකාධිපති කෙනෙක් කියන කතාද මේ ? අනේ කාලේ වනේ වාසේ .
මේ අනුව අපිට අහන්න වෙන්නේ රටට විගණන දෙපාර්තමේන්තුවක් ඕනද ?
එම ප්‍රකාශය විගණකාධිපතිට එරෙහිව විගණනයක්. හරි විගණනයක් නොකිරීමෙන් රාජකාරිය නිසිලෙස ඉටුනොකිරීම නිසා රජයට විශාල මූල්‍ය පාඩුවක් වෙලා තියෙනවා. ඒ නිසා විගණකාධිපති ඉන්න ඕනෙත් ඔය හිරගෙදරම තමයි. ඒ විතරක් නොවේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණනය කරන්නෙ කවුද? කෝ ඒකෙ වාර්තා. අපි දන්නවා එතන ඉන්නෙත් දෙවිවරු නොව තවත් නිළධාරි පිරිසක් බව. රටට අවශ්‍යයි අපක්ෂපාතී තෙවන පාර්ශවීය විගණනයක් විගණකාධිපති දෙපාර්තමේන්තුව ගැනත්
මේ වගේ ප්‍රකාශයක් ඕස්ට්‍රේලියාවෙ විගණාධිපති කළා නම් රටම කැළඹෙනවා. රජය මෙලහකට ඉල්ලා අස්වෙලා. ලංකාවෙ මිනිස්සුන්ට , මැති ඇමතිවරුන්ටත් එක්ක, මේ ප්‍රකාශයේ බරපතල කම තේරෙනවද මන්ද.
ලලිත් වීරතුංග... තාම එලියෙනේ... ඔයා ඔය තර්ක ඇයි ඒ ලලිත් නඩුව වෙලාවේ උසාවියට ඇවිත් කිව්වේ නැත්තේ?
ඔබගේ නිලය හරි විගණනයක් කිරීමට මිස වැරදි විගණනයක් කොට ජනතාව මුළා කිරීමට නොවේ. ඔය වචන වලින් පොදු ජනයාට තේරෙන්නේ " හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් " වගේ නේද?
විගණන පනත ගෙන එන්නේ නැත්තේ, ඊට පසුව නිසි විගණනයක් සිදු වෙන නිසා. හෝරකම් කරන්න පාර හදාගන්න ඕන නිසා විගණන පනත පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ නෑ.
විගණන නම් කුමන කථාද? ලිපියකට පිළිතුරු නැතිව කී දෙනෙක් ලතවෙනවාද? නේද? රා.සේ.කො. / රා.ප.
සම්පත් ලබා ගැනීමත් ඔහුහේ වැඩක්. ඔහුගේ රාජකාරිය නියමිත පරිදි කෙරෙන්නෙ නෑ කියන එකයි ඔහු කීවෙ
SAS නටන්න බරිවිට පොලව ඇදයි වගේ...
හරි විගණනය කරන්නේ අල්ලගන්න ඕන අයට විතරද.?
කරුණාකරලා ඉතින් කරන්න. කියවන්න එපා කරලා පෙන්වන්න. බාගයක්ම ගෙදර ඇරියට කමක් නැහැ. හොරු අහක් කරලා. ඕන තරන් හොද සුදුසුකම් තියන මිනිස්සු ඉන්නවා රටේ හරි හමන් රස්සාවක් නැතුව. අපේ ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නැහැනේ....
මෙතුමාට මේ තනතුර දී ඇත්තේ දේශපාලන කතා පවත්වමින් වීරයෙකු වීමට නොව වැඩ කිරීමටයි ජේ ආර් ජයවර්ධන පාලන සමයේ හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහි විශ්වාස භංග යෝජනාවත් ආවේ එතුමා ටියුටරියකට ගොස් රජය විචේචනය කරමින් දේශපාලන කතාවක් පැවැත්වීම නිසා- එදා යූ එන් පියට බැන්නත් ඔවුන් ගත් පියවර නිවැරදියි එම නිසා වෘත්තීය රාජ්‍ය සේවකයෙක් ලෙස වැඩ කරනවා විනා අන්නා හසාරේ වර්ගයේ පුහු වීරයන් වීමෙන් වළකින එක හොඳයි.
මෙයාගෙ රස්සාව විගනන කරන එක නේද? ඇයි අපේ සල්ලිවලට ගහනකන් බලාගෙන ඉන්නෙ?
ඉහලින් බලපෑම් ඇති.
මේ තවත් එක කාඩ්බෝඩ් වීරයෙක්... ලොකු ලොකු පම්පෝරි කතා එමටයි. මොහු සිතා සිටින්නේ මොහු මේ කතාවල් පවත්වන්න ඉන්න දේශකයෙක් කියලයි. මොනා කරන්නද රටේ මුල් පුටුවේ ඉන්න කෙනත් හිතාගෙන ඉන්නේ එයා ඉන්නෙත් ප්‍රසිද්ධ සභාවල විරිදු කියන්නයි... කතා පවත්වන්නයි... බණ දේශනා කරන්නයි.. විතරයි කියල. යහපාලනේ ඉන්න 99%ක්ම ප්‍රසිද්ධ සභාවල ජනතාව පිනවන අන්දරේලා විතරයි.
මොකද කියන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අය ගැන?
අත් දෙක පිටුපසට තබා බැඳ දෙපයට විලංගු දමා පිහිනුම් ශුරයකු වුවත් පිහිනන්නට දියට දමා සිනාසීම කුරිරුකමකි. යහපාලන රජයේ දින 100 වැඩ පිළිවෙලේ ඇතුළත් විගණන පනත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. බැදුම්කර වංචාව පිලිබඳ සාකච්ජාවේදී 'සුප්‍රකට පාද සටහන් කල්ලිය විගනකාධිපතිවරයාට ඇඟිල්ල දිගුකර තර්ජනය කල බවක් මතක් වෙයි. සංස්ථා, මණ්ඩල තම වාර්තා නිසිපරිදි ඉදිරිපත් නොකරයි. " නරියන්ට කුකුල්කුඩු බාර දුන්නාසේ ' ඒවාට පත්කර ඇති දේශපාලකයින්ගේ පවුලේ අය බැවිනි.
ලෝකයේ මෙතුමන් කියන සුවිශේෂී විගණන පනත් නැතත් තිබෙන සම්පත්වලින් මීට වඩා වැඩක් නිසි කළමනාකාරීත්වයකින් කළ හැකි බව කුඩා ළමයකුටත් තේරෙයි. වැඩකාරයෝ නොකියවති... නිසි ලෙස වැඩ කරති
භාගයක් නෙවෙයි ඔක්කොම හිරේගියත් ප්‍රශ්නයක් නැහැ. හරි විගණනය කිරීමට එතුමාට බෙදියාවක් තියෙනවා. අනෙක් අතට මෙය රාජකාරි පැහැරහැර ඒ පිළිබඳව කරන පාපොච්ඡාරණයක් හා සමනයි. මොකද ඔය තර්කයම පොලිසිය ගෙනාවොත් ඔක්කොම වැරදිකාරයින් ඇල්ලුවොත් රටෙන් භාගයක් හිරේ.. ඒ නිසා අපි ටිකක් අල්ලනවා කියලා මෙය නරක පූර්වාදර්ශයක්... රජයේ විගණනයට සියල්ල යටත් විය යුතුයි. මේ ජනතාවගේ මුදල්...