මෑත දී කොළඹ රෝහලට නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමක් සම්බන්ධයෙන් ඔඩිෂා නුවර බර්හැම්පූර්හි කතක ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඉන්දියා පොලිසියේ විශේෂ කාර්ය බළකාය කියයි.
ඉන්දියා රුපියල් ලක්ෂ 3.5කට (රුපියල් ලක්ෂ 7.32) පවුලේ සාමාජිකයන්ට දී වකුගඩුවක් ලබා ගැනීමට 20 හැවිරිදි තරුණයෙකු පොළඹවාගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
මහේන්ද්‍ර පැට්නයිට්ට වකුගඩුව බද්ධ කළ බවත්, වකුගඩුව දුන් බව කියන පුද්ගලයා ලේ නෑයකු බවට ව්‍යාජ සහතික ද ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය පවසයි.
මෙම සැත්කම සඳහා කොළඹ තෝරා ගත්තේ ඇයිදැයි නොදන්නා බව ද, ව්‍යාජ ලියවිලි හා වකුගඩුව බද්ධ කිරීමට උදව් කළ අය සොයා පරීක්ෂණ ආරම්භ කළ බව ද ඉන්දියා පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දානමය පුණ්‍ය ක්‍රියාවක් කරන සිතකින් කළා නම් දෙලොවටම වැඩ සැළසෙයි.එහෙත් දරිද්‍රතාවය නිසා කෙරෙන්නේ නම් ශ්‍රී ලංකාව කොයිබටද? (නි)
ඔය දොස්තරලා ඉස්සරලම අල්ල ගන්න. ඊට පස්සේ ලේසියෙන්ම පුළුවන් කිඩ්නි සලාම්ලව අල්ලගන්න..? (නදී)