මේ දිනවල සූර්යයා ශ්‍රී ලංකාවට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පෘථිවිය සූර්යයාට අංශක 23.5 ක් ඇලව පිහිටීම හේතුවෙන් හිරු අප රටට මුදුන් වන්නේ එක් වර්ෂයකදී දෙවතාවක් පමණි. ලබන 14වැනිදා දක්වා මෙය සිදුවේ. මාර්තු 21 වැනිදා සමකයට මුදුන්ව පිහිටි සූර්යයා අප්‍රේල් මුල් සතියේ ශ්‍රී ලංකාවට මුදුන් වීම සාමාන්‍ය සිදුවීමකි. අද දහවල් 12.13 ට පමණ වස්කඩුව, පැල්මඩුල්ල හා ඕකන්ද යන නගරවටල හරියටම කෙලින් හෙවත් ලම්බකව සූර්යයා පිහිටනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පොළවේ සිට කිලෝ මීටර කෝටි 15ක් දුරින් පිහිටි සූර්යයා යළි ශ්‍රී ලංකාවට මුදුන් වන්නේ සැප්තැම්බර් මුල් සතියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපටත් දවසක හිරු පායනවා කියන්නේ ඇත්ත තමයි එහෙනම්.
හිරු උඩින් එන්නේ නැතිව බිමින් එන්න ද ?
මට තියෙන ප්‍රශ්ණය තමයි හිරු ප්‍රදේශ තුනක තියෙන නගර කිහිපයකට ලම්භක වුණේ කොහොමද කියන එක. මේ ගැන විද්‍යාත්මක තත්වය විශේෂාංගයක් විදිහට සති අන්ත පත්තරේ ලිපියකට පළ කලොත් නරකද? මේ දවස් වල තැඹිලි වෙලෙන්දන්ට නම් ජය පාටයි. රස්නෙට මිනිස්සුන්ට ගොඩක් පිපාසෙ දැනෙන නිසා.
සදුන් ළමය කියන කතාවත් ඇත්ත තමයි. හැ:හැ:හැ: