drugs

සේවා ඇගයීමට ලක්වූ නිලධාරීන් තිදෙනා රේගු අධිකාරියේ උසස් නිලධාරීන් සමග.

 

 

අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානවලින් හොර රහසේ රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ මරිජුවානා කිලෝ 6.5 ක්, කැප්ටජන් මත් පෙති 583 ක් සහ කංසා කිලෝ 4 ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ. මින් පළමු අත්අඩංගුවට ගැනීම හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් වාර්තා වන අතර එහිදී ආසියානු ගුවන් මගියකු විසින් රැගෙන ආ පෙට්ටියක් පිළිබඳව සැක සිතූ රේගු නිලධාරියෙකු එම පෙට්ටිය වැඩිදුර පරීක්ෂාවට ලක්කිරීමේදී කඩදාසි සහ කළු පැහැති ස්ටිකරයකින් ඔතන ලද මරිජුවානා කිලෝ 6.5 ක් සොයාගෙන ඇත.


දෙවැනි සිදුවීම අබු සම්රා දේශසීමාවෙන් වාර්තා වී තිබේ. එහිදී සිදුකළ පරීක්ෂාවකදී වාහනයක් තුළ සූක්ෂම ලෙසින් සඟවා තිබූ කැප්ටජන් මත් පෙති 583 ක් සොයාගෙන තිබේ. තෙවැනි සිද්ධිය නැවු බඩු අංගනයෙන් වාර්තා වී ඇති අතර එහිදී බෑගයක් පිළිබඳව සැක සිතූ රේගු නිලධාරියෙක් එය විවෘත කොට පරීක්ෂාවට ලක්කිරීමේදී හෙඞ්ෆෝන් 4 ක සූක්ෂම ලෙසින් සඟවා තිබූ කංසා කිලෝ 4 ක් සොයාගෙන ඇත. එකිනෙකට වෙනස් ස්ථාන තුනකදී මෙලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් තිදෙනාගේ සේවය රේගු අධිකාරිය විසින් ප්‍රශංසාවට ද ලක්කර ඇත. තහනම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් රේගු අධිකාරිය පසුගිය කාලයේදී අතිශය සාර්ථක වූ බව රේගු අධිකාරියේ සභාපති අහ්මඞ් බින් අලි අල් මොහන්නදි පවසයි.