400 සහ 250 ඇන්ජින් ධාරිතාවය ඇති යතුරු පැදි 14ක් තලවතුගොඩ අකුරුගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉතාලියෙන් හා ජපානයෙන් ගෙන්වන ලදැයි කියන මෙම යතුරු පැදියක මිල රුපියල් හය ලක්ෂයක් පමණ බව පොලිසිය පවසයි.
ගරාජ හිමියකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.
400 සහ 250 ඇන්ජින් ධාරිතාවය ඇති යතුරු පැදි 14ක් තලවතුගොඩ අකුරුගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉතාලියෙන් හා ජපානයෙන් ගෙන්වන ලදැයි කියන මෙම යතුරු පැදියක මිල රුපියල් හය ලක්ෂයක් පමණ බව පොලිසිය පවසයි.
ගරාජ හිමියකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ 400, 500CC බයිසිකල් 250CC ලේබල් සහ 250 CC ලෙස ලියාපදිංචි බයිසිකල් වල අංක තහඩු ගහලා ඕනතරම් දුවනබව ප්‍රසිද්ද රහසක්. (නදී)
පරිසරයට වෙන බලපෑම ගැනත් සිතිය යුතුයි (නි)
කාර් වලට එන්ජින් ධාරිතා සීමාවක් නැත්නම් යතුරු පැදි වලට විතරක් මොකටද? මේ බහු භූත නීති තිබෙන්නේ ලංකාවේ විතරයි (නදී)
ඉන්දියන් යතුරුපැදි මාෆියාව... (නි)
ජපන් මෝටර් යතුරුපැදි දැන් නැහැ. ඉන්දියන් කසිකබල් වැහිවැහැලා. ලංකාවේදී යතුරුපැදි වලට 100% බදු ගහද්දි කොහොමද අඩු මිලට ජපන් යතුරුපැදි ගන්නේ? අනික යතුරුපැදියේ එන්ජිම විශාල වුණ පලියට එහි වේගය අතිවිශාල වෙන්නේ නැහැ. 125සීසී යතුරුපැදියක් වුණත් නවීකරණය කළොත් 300කිමී. වේගයක් ගන්න පුළුවන්. නිකන් බොරුවට ලංකාවේ 350සීසී යතුරුපැදි තහනම් කරලා. තාක්ෂණය ගැන නොදන්නා අපේ නිලධාරින්ට මේවා කියාදෙන්න. (නි)
මේ රටේ තියන ලොකුම ප්‍රශ්නෙ මේ බයික් අල්ලන එකද ? මෙතන තියන ඔක්කොම 250 ඒවා. ඊට වැඩි කියනවා නම් ඒ මිනිස්සු බයික් ගැන ඉගෙන ගන්න ඕනේ. ඉතින් අධි බලයක් ගැන කියන්නෙ මොකද ? ලංකාවෙ බයික් මාෆියාව මෙහෙයවන බාල ඉන්දියන් බයික් වෙලෙන්දන්ගේ ඕනෙ එපාවට තමා මේ ජපන් බයික් වලට තහන්චි දාන්නෙ. ලෝකෙ එක රටකවත් මෙහෙම නීති නෑ. (නදී)
කොහොමද කියන්නේ මේව හොර යතුරැපැදි කියලා, එහෙනම් කොහොමද මේවා ලංකාව ඇතුලට ආවේ?? ඕන කෙනෙක් කැමතියි හොඳ ජපන් බයික් එකක් ගන්න ඉන්දියන් ලදරම් ලක්ෂ 4ක් 5ක් දීලා ගන්නවට වඩා. අනික ජපන් බයික් එකක ගිහිල්ලා හැප්පුනත් බේරෙන්න තියන ඉඩ වැඩියි ඉන්දියන් ඒවාට වඩා. ඉන්දියන් එකක් පෙරලුනත් පොඩිපට්ටම් වෙනවා. හැප්පුනොත් තැලිලා මැරෙන්නේ... ජපන් බයික් ලංකාවට ගේනවනම් ඕන කොල්ලෙක් ගන්නේ ජපන් බයික් එකක්, (බ)
ඇයි 250සීසී යතුරුපැදියක්වත් ලංකාවට ගෙන්වන්න දෙන්නේ නැත්තේ? (නි)
දවස ගානේ අනතුරු වෙන හැටි දැක්කහම 250සීසී නෙමෙයි, සියළුම යතුරුපැදි ලංකාවෙන් ඉවත්කළා නම් වඩාත් හොඳයි (නි)
පොලිසියේ ඉන්නේ මෝඩ පණ්ඩිතයෝ. උන් බයික් ගැන දන්නේ නැහැ. කියල වැඩකුත් නැහැ. අනේ මන්ද කවදා අපි ගැන හිතන ආණ්ඩුවක් එයිද මන්දා. නිදහසේ බයික් එකක්වත් පදින්න බැරි රටක් මේක දැන්. (නදී)
මේවා කොහොමද හොර බයික් වෙන්නේ ? අනතුරු වැඩිත් ලංකාවේ මේ ඉන්දියන් බයික් වලින්. රජය මේවා ගෙන්වීම මුලින්ම නැවැත්විය යුතුයි (නදී)
මේක මාර වැඩක්නෙ... දැන් 250ත් එපා කියන්නෙ මොකද්ද මේ බයික් එක්ක පොලිසිය මෙච්චර තියන තරහ? මොකද්ද බයික් වලින් මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ? පොලිසියට වෙන පලක් ඇති වැඩක් ඇත්තෙම නැද්ද? (නදී)
සඳුන් ඔබේ මොලේ තමයි මොලේ. අනතුරු වැඩියි කියල යතුරු පැදි අයින් කරන්නලු. එතකොට බස් රථ වලින් අනතුරු වෙනවා කියල ඒකත් නවත් වන්නද ? මිනිස්සු පයින්ද යන්න ඕනේ. කල යුත්තේ නීති තද කර හොදින් ක්‍රියා කරවීමයි. මිනිසුන් දැනුවත් කිරීමයි (නදී)
ඉන්දියන් බසිකල් පදින අය දන්නේ නැත ජපන් බසිකලයක වටිනාකම. (නි)
මෙතන අධිබල යතුරු පැදි නෑ. ඔක්කොම 250 නේ ලංකාවේ පොලිසිය නීති ගැන කථාකරන්න යනවා බයික් ගැන දන්නැතිව (බ)