IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොර යතුරුපැදි 14ක් අකුරුගොඩින්

400 සහ 250 ඇන්ජින් ධාරිතාවය ඇති යතුරු පැදි 14ක් තලවතුගොඩ අකුරුගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඉතාලියෙන් හා ජපානයෙන් ගෙන්වන ලදැයි කියන මෙම යතුරු පැදියක මිල රුපියල් හය ලක්ෂයක් පමණ බව පොලිසිය පවසයි.

ගරාජ හිමියකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.

DSC05700 DSC05716 DSC05724 vlcsnap-2015-08-06-18h30m05s76



අදහස් (0)

හොර යතුරුපැදි 14ක් අකුරුගොඩින්

චින්තා Friday, 07 August 2015 08:54 AM

ලංකාවේ 400, 500CC බයිසිකල් 250CC ලේබල් සහ 250 CC ලෙස ලියාපදිංචි බයිසිකල් වල අංක තහඩු ගහලා ඕනතරම් දුවනබව ප්‍රසිද්ද රහසක්. (නදී)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 04:18 AM

පරිසරයට වෙන බලපෑම ගැනත් සිතිය යුතුයි (නි)

:       0       0

ද සිල්වා Saturday, 08 August 2015 05:55 AM

කාර් වලට එන්ජින් ධාරිතා සීමාවක් නැත්නම් යතුරු පැදි වලට විතරක් මොකටද? මේ බහු භූත නීති තිබෙන්නේ ලංකාවේ විතරයි (නදී)

:       0       0

ඔමිල Friday, 07 August 2015 03:24 PM

ඉන්දියන් යතුරුපැදි මාෆියාව... (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 06 August 2015 05:03 PM

ජපන් මෝටර් යතුරුපැදි දැන් නැහැ. ඉන්දියන් කසිකබල් වැහිවැහැලා. ලංකාවේදී යතුරුපැදි වලට 100% බදු ගහද්දි කොහොමද අඩු මිලට ජපන් යතුරුපැදි ගන්නේ? අනික යතුරුපැදියේ එන්ජිම විශාල වුණ පලියට එහි වේගය අතිවිශාල වෙන්නේ නැහැ. 125සීසී යතුරුපැදියක් වුණත් නවීකරණය කළොත් 300කිමී. වේගයක් ගන්න පුළුවන්. නිකන් බොරුවට ලංකාවේ 350සීසී යතුරුපැදි තහනම් කරලා. තාක්ෂණය ගැන නොදන්නා අපේ නිලධාරින්ට මේවා කියාදෙන්න. (නි)

:       0       0

යසවින් Friday, 07 August 2015 06:26 AM

මේ රටේ තියන ලොකුම ප්‍රශ්නෙ මේ බයික් අල්ලන එකද ? මෙතන තියන ඔක්කොම 250 ඒවා. ඊට වැඩි කියනවා නම් ඒ මිනිස්සු බයික් ගැන ඉගෙන ගන්න ඕනේ. ඉතින් අධි බලයක් ගැන කියන්නෙ මොකද ? ලංකාවෙ බයික් මාෆියාව මෙහෙයවන බාල ඉන්දියන් බයික් වෙලෙන්දන්ගේ ඕනෙ එපාවට තමා මේ ජපන් බයික් වලට තහන්චි දාන්නෙ. ලෝකෙ එක රටකවත් මෙහෙම නීති නෑ. (නදී)

:       0       0

ලක්සිරි Friday, 07 August 2015 06:45 AM

කොහොමද කියන්නේ මේව හොර යතුරැපැදි කියලා, එහෙනම් කොහොමද මේවා ලංකාව ඇතුලට ආවේ?? ඕන කෙනෙක් කැමතියි හොඳ ජපන් බයික් එකක් ගන්න ඉන්දියන් ලදරම් ලක්ෂ 4ක් 5ක් දීලා ගන්නවට වඩා. අනික ජපන් බයික් එකක ගිහිල්ලා හැප්පුනත් බේරෙන්න තියන ඉඩ වැඩියි ඉන්දියන් ඒවාට වඩා. ඉන්දියන් එකක් පෙරලුනත් පොඩිපට්ටම් වෙනවා. හැප්පුනොත් තැලිලා මැරෙන්නේ... ජපන් බයික් ලංකාවට ගේනවනම් ඕන කොල්ලෙක් ගන්නේ ජපන් බයික් එකක්, (බ)

:       0       0

කැනඩා දිසා Thursday, 06 August 2015 11:13 PM

ඇයි 250සීසී යතුරුපැදියක්වත් ලංකාවට ගෙන්වන්න දෙන්නේ නැත්තේ? (නි)

:       0       0

සඳුන් Friday, 07 August 2015 12:13 AM

දවස ගානේ අනතුරු වෙන හැටි දැක්කහම 250සීසී නෙමෙයි, සියළුම යතුරුපැදි ලංකාවෙන් ඉවත්කළා නම් වඩාත් හොඳයි (නි)

:       0       0

මාලි Friday, 07 August 2015 07:40 AM

පොලිසියේ ඉන්නේ මෝඩ පණ්ඩිතයෝ. උන් බයික් ගැන දන්නේ නැහැ. කියල වැඩකුත් නැහැ. අනේ මන්ද කවදා අපි ගැන හිතන ආණ්ඩුවක් එයිද මන්දා. නිදහසේ බයික් එකක්වත් පදින්න බැරි රටක් මේක දැන්. (නදී)

:       0       0

දිමු Friday, 07 August 2015 07:45 AM

මේවා කොහොමද හොර බයික් වෙන්නේ ? අනතුරු වැඩිත් ලංකාවේ මේ ඉන්දියන් බයික් වලින්. රජය මේවා ගෙන්වීම මුලින්ම නැවැත්විය යුතුයි (නදී)

:       0       0

මාධව Friday, 07 August 2015 07:52 AM

මේක මාර වැඩක්නෙ... දැන් 250ත් එපා කියන්නෙ මොකද්ද මේ බයික් එක්ක පොලිසිය මෙච්චර තියන තරහ? මොකද්ද බයික් වලින් මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ? පොලිසියට වෙන පලක් ඇති වැඩක් ඇත්තෙම නැද්ද? (නදී)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 07 August 2015 01:31 AM

සඳුන් ඔබේ මොලේ තමයි මොලේ. අනතුරු වැඩියි කියල යතුරු පැදි අයින් කරන්නලු. එතකොට බස් රථ වලින් අනතුරු වෙනවා කියල ඒකත් නවත් වන්නද ? මිනිස්සු පයින්ද යන්න ඕනේ. කල යුත්තේ නීති තද කර හොදින් ක්‍රියා කරවීමයි. මිනිසුන් දැනුවත් කිරීමයි (නදී)

:       0       0

නෙරන්ජන් හේරත් Sunday, 03 July 2016 04:23 PM

ඉන්දියන් බසිකල් පදින අය දන්නේ නැත ජපන් බසිකලයක වටිනාකම. (නි)

:       0       0

රන්දික Friday, 07 August 2015 08:11 AM

මෙතන අධිබල යතුරු පැදි නෑ. ඔක්කොම 250 නේ ලංකාවේ පොලිසිය නීති ගැන කථාකරන්න යනවා බයික් ගැන දන්නැතිව (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site