මත්තල ගුවන් තොටුපොළට යන මාර්ගයේ ගුවන් පාළම හා අවට පිවිසුම් මාර්ග පද්ධතියේ භූගත විදුලි රැහැන් පද්ධතියේ කොටස් හොරුන් විසින් කපන ලදැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය ඉංජිනේරුවරයා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී කීවේය.
හම්බන්තොට, කටුවැව හංදිය, පරිපාලන සංකිර්ණය, සිරිබෝපුර ගුවන් පාළම ප්‍රදේශය, මත්තල ගුවන් තොටුපොළ වීදි ලාම්පු රාත්‍රියේ නොදැල්වෙයි.
රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනා භූගත විදුලි රැහැන් හොරුන් කපා ගෙන ගොස් තිබිම නිසා එම විදුලි පහන් අක්‍රිය වී ඇති බවත් රුපියල් ලක්ෂ 21ක හිඟ විදුලි බිලක්ද ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
හොරුන් කපා ඇති විදුලි රැහැන් ගැන පරීක්ෂණයක් කරන ලෙස සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චී මහතා තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැන්වීය.
විදුලිබිල ගෙවීම සම්බන්දව මාර්ග සංවර්ධන අධිකාරියත්, හම්බන්තොට මහ නගර සභාවත්, විදුලි බලමණ්ඩලයත්, සාකච්ඡා කර තීරණයකට එළඹෙන ලෙසද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර්ලින් වල නම් මිනිස්සු පදිංචි කලට පස්සේ තමයි ඒ පැත්තට ලයිට් දෙන්නේ. (ස)
මිස්ටර් සිල්වා ....ඔය වගේ මෝඩයෝ සහ ඔයාගේ ආණ්ඩුවේ මෝඩ වැඩ නිසයි ඔය හොරු බෝ වුනේ ......(බ)
සිල්වා කාලෙකින් මත්තල ගිහින් නැතුව ඔහොම කතා කරන එක වැරදි නේද? එම ප්‍රදේශ ජනාශුන්‍ය උනත් ඒවා දියුණු කරලා මනුෂයින්ට ලබාදීම පවතින රජයක වගකීමක්. රජයක වගකීම කොළබ පමණක් දියුණු කිරීම නෙමෙයි. (ර)
ලංකාවේ තරම් එපා කරපු මිනිස්සු..!!! (බ)
මිනිස්සු ඉතා අඩුවෙන් ගැවසෙන අලි ඉන්න කැලේ මේ වගේ අනවශ්‍ය ව්‍යාපෘති කරහම ඒවගේ තිබෙන කම්බි ආරක්ෂා කරන්නත් වෙනම ආරක්ෂකයෝ දමන්න වෙනවා , අනේ අපේ බදු සල්ලි වලට කරපු විනාශයක් (ම)