ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බාරදීම ලබන සැප්තැම්බර් තෙක් කල් දැමුවද දිගින් දිගටම කල් නොදමන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මෙය නව රජයේ ඉල්ලීම් සලකා බලමින් ශ්‍රී ලංකාවට දුන් එක අවස්ථාවක් පමණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කර ඇත.
යුද්ධයේ අවසන් අදියරේදී සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ මෙම ජාත්‍යන්තර විමර්ශන වාර්තාව එළි දැක්වීම ලබන සැප්තැම්බර් මාසය තෙක් පමා කිරීම යනු එම වාර්තාව යටපත් කිරිමේ උත්සාහයක් නොවන බවටද මහ කොමසාරිස් පවසයි.
මේ අතර ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශන පවත්වන මාර්ටි අටිසාරි, සිල්වියා කාර්ට්රයිට්, අස්මා ජගන්ගීර් යන විද්වතුන් තිදෙනාද නව රජය යටතේ සිය විමර්ශන සහයෝගයෙන් සිදු කිරීමට කැමැත්තෙන් සිටින බැව්ද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. කිරි දරුවෝ කපලා මරනකොට, පූජනීය ස්ථානවල සිල් රෙදි පොරවාගෙන හිටි අහිංසක ජනතාව අමු අමුවේ මරණකොට ඔය කියන කුමාරවරු හිටියේ ඇස් කටේ දාගෙනද? ත්‍රස්තවාදීන්ට මහින්ද රාජපක්ෂ කළදේම තමයි ඕනෑම නියම සිංහලයෙක් නම් කරන්නේ. එතුමාගේ වැරදි තිබුණා තමයි. හැබැයි යුද්ධය ගැන නම් කාටවත් මුකුත් කියන්න බැහැ. (නි)
රත්නායක, ඔබ නිවැරදි විය හැක. අපෙත් නොහැකියාව. ප්‍රමාදය විනාශයට මුල වේ (නි)
අයි .එස් .සටන්කාමීන් ගැන කතා නැත්තේ ඇයි? තමුන්ගේ වැඩක් බලාගෙන හිටියා නම් හරිනේ (නි)
සහතික ඇත්ත අනේ. මේ රටේ මිනිස්සුන්ට ඕව මතක නෑ. කන්න දුන්නොත් ඔක්කොම හරි. දැන් ඔය කෑවේ කොත්තමල්ලි.(අ)
යුද්ධයේ අවසන් අදියරේ වුණ ඒවා ගැන විතරක් ඇයි කතා කරන්නේ? ඊටකලින් සහ පසුව වුණදේවල් ගැනත් කතා කරන්න ඕනෑනේ එහෙනම්. (නි)
අවුරුදු 30 යුද්දෙන් බැටකනකොට ඒ අසරණ ජනතාව බලන්න මේගොල්ලෝ පැත්ත පළාතක අවේ නෑ පොඩි දරුවෝ ගස්වල ගහල මරණකොට,බස් කෝච්චි වලට බෝම්බ තියන කොට මෙයාල කොහෙදේ හිටියේ. (බ)
රට බේරාගත් වීරයින් සහ රණවිරුවන් දංගෙඩියට ගෙනගියාට පස්සේ ඇමරිකාවටයි එංගලන්තයටයි ඔය උණ හොඳ වේවි (නි)