වත්මන් රජය යටතේ සිදුවු බව කියන රුපියල් කෝටි 5900ක බැඳුම්කර සිද්ධියට හවුල් වූවන්ට අලුත් ආණ්ඩුවකින් දඬුවම් කළ යුතු යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (14) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.
මේ වංචාව නිසා රටේ පොලී අනුපාත ඉහළ ගොස් ඇති බවත්, රුපියල් කෝටි 200ක් හම්බ කර ගැනීමට දැරූ ප්‍රයත්නයේදී සියලු දෙනාටම අදවන විට එහි ප්‍රතිවිපාක විඳින්නට සිදු වී ඇති බවත් අනිත් අයට හොරු කියන වත්මන් ආණ්ඩුවේ හොරු සිටින බැවින් තරාතිරම නොබලා ඔවුනට දඬුවම් කළ යුතු බවද ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැදුම්කර සිද්ධියේ අදාල ආයතනයේ හිමිකාරිය අජිත් නිවාඩ් කබ්රාල්ගේ දියනිය බව ඇයි මාධ්‍ය හරහා රටට හෙලි නොකරන්නේ.. (බ)
බුද්ධි - ඔය බහුතර ජනතාව කොහෙද ඉන්නේ ? බහුතර ජනතාව කවුද කියල ඡන්දෙන් පස්සේ පෙනේවි (බ)
බැඳුම්කර වංචාවෙන් රටට වුණ පාඩුව පිළිබඳව හුඟ දෙනෙකුට අවබෝධයක් නැහැ (නි)
හොරකම දැන් මිනිසුන්ට පුරුද්දකට ගිහිල්ලා (නි)
පිරමිඩ් අමතක වුණාද (ම)
මේ ආණ්ඩුවේත් හොරු ඉන්නව කියන එක ඇඟ බේරගන්න කියන කතාවක්. සෙට් එකම කරපු හොරකම් දැන් එළිවෙලා ඉවරයි . (ර)
නීලකාස හොරු අල්ලන බවට පොරොන්දු වී බලයට පැමිණ හාල්මැස්සන් අල්ලන ආණ්ඩුවට මේවා හොඳ පාඩම්. (ර)
දැන් ඔය බොරු කිව්වා ඇති.(හේ)
එතකොට අර වෙන රටක ළමා අපචාර නඩුවකට පැටලුනු විදේශිකයෙකුට කෝටි ගණනක් නඩු වලට මුදල් ගෙව්වේ කව්ද? දැන් අමතක වෙළාද ? ලංකාවේ මිනිහෙකුට ගෙයක් හදාගන්න බැහැ එ්කට දහසක් ලිපි ලේඛන ඉල්ලනවා. ළමා අපචාර නඩුවකට පැටලුනු විදේශිකයෙකුට කිසිම හිරිකිතක් නැතිව ලංකාවේ ජනතාවගේ මුදල් වියදම් කරනවා (නදී)
මරු මනුස්සයා කියන දේවල්. ඔයිට හොඳයි වෙලේ සුදා ගෙන්නා ගෙන මොනා හරි කිව්වා නම් ඔතන (නදී)
හොරු නැත්තේ කොහෙද මහත්තයෝ? (නි)
දැන් කතා ඇති! (නි)
අනේ මගේ කට! යන යකා කොරහත් බිඳගෙන ගියා වගේ මදැයි වෙච්ච දේ? (නි)
රත්තරන් හරි ගණන් ලු නේ මේ දවස්වල (ම)
ඔයාගේ පඩියෙන් වෙන්න ඇති රු, ලක්ෂ 5,000 කට කොළඹින් හෙවල් ගත්තේ ? (නදී)
අවුරුදු ගහනක් ඉවසගෙන ඉදල, තාවකාලික ආණ්ඩුවක් හදන්න අවස්ථාවක් හම්බහුනම ඕකෙන් වංචාවක් කරලා අායෙත් පරදින්න අදන්න රනිල් මෝඩයෙක් නෙමෙය් (බ)
මේ ආණ්ඩුවේත් හොරු ඉන්නවා කියන්නේ ගිය ආණ්ඩුවේ හිටියයි කියන එක නේද මහත්තයෝ,(හේ)
මේ නොකිය කියන්නේ ගිය ආණ්ඩුවේ උන්න මමත් එක හොරෙක් කියන එකද ? (නදී)
සෙනෙවිරත්න, බැදුම්කර සිද්ධියේ අදාල ආයතනයේ හිමිකාරිය කබ්රාල්ගේ නැගණිය මෙයාගේ කාලෙමයි පත්වුණේ .(නදී)
එ්ක තමයි අපි කියන්නේ ඔය ලොකු පුටු වලට පත් වෙන දෙපැත්තේම අය කම්බ හොරුන් කියලා. ඔය දෙගොල්ලොම හොරකම් කර ගන්නේ අහිංසක ජනතාවගේ මුදල්. නීතිය බලපුලුවන්කාරයන් අභිමුවේ ගොළු වන නිසා මේ කිසි කෙනෙකුට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ (නදී)
ජයවේවා! (නි)
ඒ කියන්නේ ගිය ආණ්ඩුවේ හිටියා එ්ත් මොකුත් කලේ නැහැ කියන එක නේද? (නදී)
මම හිතන්නේ අර ඉස්සාගේ කතාව මේ මහත්තයාට ඔබිනවා.(නදී)
දැන් සනීපද ? (නදී)
අකේ කබ්රාල් මහත්තයෝ, වෘත්තීය දැනුම තියාගෙන ඉන්නවද දැන්වත් පැත්තකට වෙලා (නදී)
හැමෝගේම අදහස් වැදගත් මේ ටිකට වුන දේ මිනිස්සුන්ට හොදට තේරෙන්න ගණිත දැනුමත් ඕන... (හේ)
හොරු නැත්තේ කොහෙද? හැම තැනම හොරු.(හේ)
දඬුවම් නොකළ හින්දද මොර දෙන්නේ (බ)
දැන් මෙයත් කරලියට පැමිණිලාද?(හේ)
ඉස්සාගේ කතාව කිව්ව පතිරණ මල්ලිට යමක් තේරෙනවා කියලා හිතෙනවා. (ර)
අනේ අපිටනම් හොරු ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ හොරු අල්ලන්න ආපු අය ගැන. (ර)
ඇයි බහුතර ජනතාවක් අපට එපා කියා තිබෙද්දී සමහරු නැවත බලය ඉල්ලන්නේ? අගෝස්තු 17දා හොදට ඔලුවට යන්නම පණිවුඩය ලැබේවි ජනතාවගෙන්. (ර)
දින 180 කයිවාරුව ඉවර උනා. (ර)
බැඳුම්කර වංචාව යහපාලන රජයේ හොරකමක් නොවේ. එය මංකොල්ලයක් කියනවානම් තමයි නිවැරදි නව රජයක් යටතේ යහපාලන හොරුන්ට දඬුවම් කළ යුතුයි (බ)
කබ්රාල් මට හිතෙන්නේ ඔබ හොරකම් කළා කියලා ඔබම මේකෙන් කියනවා. රනිල් කාටත් නීතිය අකුරටම ඉටුකරයි (නදී)
දින 158ට මෙහෙමනම් අවුරුදු 10කළොත් කොහොම තියෙයිද (බ)