පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ ෆේස්බුක් පිටුවට ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් ගැහැණුන් රවටා නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලබා ගත් බව කියන රාජිත මධුෂාන් වීරසේකර සැප්තැම්බර් 19 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (15) නියෝග කළේය.
ඔහු නවසීලන්තයේ සිට මෙය සිදු කර ඇති බවත්, ලංකාවට එද්දී අත්අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරිම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත් දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රටේ සිදුවන අපරාධ ප්‍රමාණයේ හැටියට, ඒවා දිනෙන් දින වර්ධනය වන හැටියට, මාර්ග නීති උල්ලංගනය කරන්නන් වැඩිවන හැටියට, ඒවා මර්දනය නොකර ෆේස්බුක් යන්න අපේ පොලිස්පතිතුමාට වෙලාවක් නැහැ කියලා මේ හොරාට රැවටුන මිනිස්සු නිකමටවත් කල්පනාකළේ නැද්ද? ඔන්න පොලිස්පතිතුමා විදියට ඇවිල්ලා පැය ගණනක දේශනයක් තිබ්බා නම් ඔන්න රැවටුනා කියත හැකියි. (නි)
ලංකාවේ ගැහැණු මොකද මේතරම් මෝඩ?
ගැහැණු විතරක් නෙමෙයිනේ, ලංකාවේ 60%ක්ම ස්ත්‍රී/පුරුෂ බේදයක් නැතුව මෝඩ වුණානේ (නි)
මෝඩ ගැහැණු සල්ලි දැක්කහම රැවටෙනවා. එ්ක පොදු දෙයක් (නි)