උඩුගම නාගොඩ රජයේ වත්තකින් පොල් කැඩී යැයි නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු ද, ප්‍රාදේශීය සභා දේශපාලනඥයෙකු ගේ වත්තක සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පොල් ප්‍රවාහනය කළැයි කියන ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.
මේ අතර සීනිගම දේවාලයේදී ඒකාබද්ධ විපක්ෂය අද පොල් 700 ක් පමණ ගැසූ බව කියති.
සීනිගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ සමීප නෑයෙකු මිය යාම නිසා අද දේවාලය වසා තිබිණි. එවැනි මරණයක් වූ විට කිළි වදින නිසා දේවාලය සතියක් වසන බව කියති. පොල් ලක්ෂයක් ගසන බව කීවත් පොල් 700 ක් පමණ ගැසූ බව දේවාල ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය තියෙන කොට මෙයාලට වඩා දෙවිවරු මේ මුළු තුන් ලෝකෙම නැති ගානට වැඩ කරපු සටකපට මිනිසුන්ට බලය නැති උනහම තමයි දෙවියන් සිහිවෙන්නේ , දැන් දැන් බය හිතෙනවා ඇති , රෑට හීනෙනුත් බය වෙනවා ඇති හිරගෙවල් දැකල නැද්ද හා (හේ)
පොල් හොරු ටික ඔක්කොම ඇවිල්ලා වගේ.(හේ)
කෝ පොල් ටික අහු වුනේ නෑනේ.(හේ)
මහ දවල් මහ බැංකුව සුද්ද කළ අය තාම එළියේ..අනේ පොල් ගෙඩි තුන..(බ)
අපරාදේ පොල් ගෙඩි 700ක් නැති බැරි අයට දුන්නා නම්.(හේ)
මුන් එෆසීඩීඅයි එකෙන් හොරුන්ව බේරන්න හොරෙන් පොල් කඩලා ඒවා දේවාලේ හොර පොල් ගහනවා - ලජ්ජා නැතිකම .(හේ)
අපි පොල් කැඩූ හැටිත් දන්නවා, පොල් කැඩීමට හේතුවත් දන්නවා. (නි)
කපුවාත් නැති නිසා දෙවියන් නිදහසේ දුක්ගැනවිල්ල අහන්න ඇති. (නි)
අපිට මේවට හරි හිනා (නි)
සමහරුන්ට හොරකම් කරන්න නැතිවුණාම පිස්සු වගේ (නි)
හොර පොල් හොරු! (නි)
අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)
ඇයි මේ දේවල් වලට පොල්ම ගහන්නේ? ඒකට මොකක්ද තියන හේතුව? (නි)