IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොර පාරෙන් ඉතාලි යන්න ලක්ෂ 25 යි

නීති විරෝධී  ලෙස ශ්‍රී  ලංකාවේ සිට අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් සහ ඒ සඳහා  ආධාර අනුබල දුන් තැරැව්කරුවෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙප‍ාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා යාපනයේ අච්චුවේලි, සහ නිර්වේලි යන ප්‍රදේශවල පදිංචිකරු‍වන් වන අතර තැරැව්කරුවන් දෙදෙනා   ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මින් තරුණයන් දෙදෙනා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 207 දරණ ගුවන් යානයෙන් අබුඩාබි බලා යාමට පැමිණ ඇත.  ඔවුහු ගුවන්තොටුපොළ ප්‍රවේශ පත් කවුන්ටරය අසල සැක කටයුතු අන්දිමන් හැසිරෙනු දුටු  රහස් පොලිස් නිලධාරීන් ඔවුන් පරීක්ෂා කර ඇත. එහිදී ඔවුන් සතුව  තිබී ගුවන් ගමන් බලපත් හතරක් සොය‍ාගෙන  ඇති අතර ඉන් දෙකක්  නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් බවත්  ඉතිරි දෙකෙහි ව්‍යාජ ලෙස සකස් කරන ලද  ඉතාලි වීසා ස්ටිකර අලවා ඇති බවත් අනාවරණය කරගෙන ඇත.

පසුව රහස් පොලිස් නිලධාරීන් විසින් දිගින් දිගටම ප්‍රශ්ණ කරද්දී තරුණයන් දෙදෙනාව  ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ එක් තැරැව්කරුවෙකු  පිටත්වීමේ පර්යන්තයේදී ද, අනෙකා ඔවුන් පැමිණි වාහනයේ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

මේ එක් තරුණයෙකු  ඉතාලියට ගිය පසු ඔවුන්ගේ ඥාතීන් විසින් රුපියල් ලක්ෂ 25 ක් පමණ තරැව්කරුට ගෙවන බව වාර්ථා වෙයි.

 

 



අදහස් (0)

හොර පාරෙන් ඉතාලි යන්න ලක්ෂ 25 යි

රිචි බාලසුරිය Sunday, 01 March 2015 08:58 AM

හොර පාරෙන් ඉතාලි හෝ වෙනත් රටවලට යන්නට ලක්ෂ 25 ක් දෙන්න සල්ලි තියෙනවා නේද මේ අයට (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site