ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලි යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු 36 හැවිරිදිය. ඔහු කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි බව පොලීසිය කියයි.
සැකකරු ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මස්කට් හරහා ඉතාලි යාමේ අරමුණින් ගුවන් තොටුපොලට පැමිණ ඇතත් ඔහු පිළිබඳ ලැබුන ඔත්තුවක් මත ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපතට ව්‍යාජ වීසා ස්ටිකරයක් අලවා ඇති බව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු මීගමුව ප්‍රදේශයේ තැරැව්කරුවෙකුට රුපියල් එක් ලක්ෂ විසි දහසක මුදලක් ගෙවීමේ පදනම මත මෙලෙස ව්‍යාජ වීසා සකස් කර ගෙන ඇත.
ඉතාලියේ පවත්වාගෙන යන ඉන්දියානු කඩයක සේවය සඳහා ඔහු මේ අයුරින් විදෙස් ගත් වීමට උත්සහ දරා ඇති බව හෙළි වී තිබේ.
සැකකරු අද මීගමුව අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, අහිංසකයෝ... කාටවත් කරදරයක් නොකර පිටරට ගිහින් කීයක් හරි හොයාගන්න හදපු කෙනෙක්. (ර)
යුරෝපීය රටකින් වීසාවක් නිකුත් කළ මොහොතේම එය ආගමන අංශයේ පරිගණකගත වනවා. මේ නිසා ව්‍යාජ වීසාවකින් මෙම රටකට ඇතුළුවන්න කොහෙත්ම බැහැ. එතන ඔබේ නම නැත්නම් ලංකාවේ තානාපති කාර්යාලයෙන්ද විමසා බලනවා ඔබට වීසාවක් නිකුත් කර ඇද්ද කියා. (නි)
මම මේකේ නීතිමය වැරැද්ද සහ වංචාව ගැන කතාකරන්න යන්නෙ නැහැ. මේවා තමයි අපි අවුරුදු 30 ක් රසවින්ඳේ. එක එක හැඩේට එක එක රසට (නි)