
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාජ අංක තහඩු සවි කළ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමග කඩුවෙළ නගර සභා ශ්‍රිලනිප මන්ත්‍රීවරයකු කඩුවෙල වැලිවිට ප්‍රදේශයෙ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකාර මන්ත්‍රීවරයා සන්තකේ තිබූ ආදායම් බලපත්‍රය ද ව්‍යාජ එකක් බව ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාට ලද තොරතුරක් අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජි එස් සුසන්ත මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.
ලියා පදිංචි කර නොමැති මෙම වාහනය කොටස් එකලස් කර තනන ලද එකක් මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකාර මන්ත්‍රීවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මිතුරකුගෙන් ලද මෙම වාහනය වසර පහක පමණ කාලයක සිට පරිහරණය කර ඇති බව ද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමක් නැති පුවත් ලංකාවේ විතරයි..
නීතිය අනුව නම ප්‍රසිද්ධ කිරීම තහනම් තමයි. ඒත් වැරැදිකරු වුණොත් ඒ බාධාව නැහැනේ. එදාට නම ප්‍රසිද්ධ කරන්න... එය රටට යහපතක්...
අද නාගරික මන්ත්‍රී හෙට පාර්ලිමේන්තු මන්ත්‍රී.. අද කාලේ මන්ත්‍රීලා, ඇමැතිලා වැඩිදෙනා හොර ජාවාරම් කාරයෝ.. රටේ ‘‘බුද්ධිමත්‘‘ ජනතාව මනාපය මේ වගේ අයටනේ..!!