රුපියල් දාසය ලක්ෂ අනුපන්දාස් හත්සිය අනුවක් වටිනා ශීත කළ පොකිරිස්සන් තොගයක් අපනයනය කිරීමට උත්සහ කළ මත්ස්‍ය අපනයන සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එහි වටිනාකමට සමාන මුදලක්ද රේගුවට ගෙවා එම පොකිරිස්සන් තොගය ආපසු රැගෙන යන ලෙස අදාල සමාගමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එල්.පී ආරියරත්න මහතා විසින් සිදු කළේය.
පොකිරිස්සන් තොගයේ බර කිලෝග්‍රෑම් 737 කි.
පෙට්ටි 37 ක අසුරා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 105 දරණ ගුවන් යානයෙන් මාලේ බලා ගෙන යාමට එම පොකිරිස්සන් කටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයට ගෙනවිත් ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ධීවර ආඥා පනතින් පෙබරවාරි මාසයේ පොකිරිස්සන් අපනයනය කිරීම තහනම් කර ඇති බවයි. පොකිරිස්සන්ගේ ප්‍රජනන කාලය පෙබරවාරි මාසය වෙයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශණ, දමින්ද ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇසළ වගේ නීතියටත් උඩින් වැඩකරන්න උඩගෙඩි දෙන මිනිස්සු හින්දා තමයි යුරෝපය අපෙන් ටූනා ගන්න එක නැවැත්තුවේ! (නි)
මට පේන විදියට දෙගොල්ලොම එකයි. මැරිච්ච පොකිරිස්සන්ට මොන ප්‍රජනනද අනිකට තව දවසක් ඉවසන බැරි උනා නේද ? (නදී)
අයියෝ සල්ලි.....! (නි)
රටට ලැබෙන්න තිබුණ ලොකු විදේශ ආයෝජනයක් නැතිවුණා නේද? (නි)
හොඳ වැඩේ. මේ දඬුවම නියමයි (නි)
මේ අපිට එන්න තිබ්බ පොකිරිස්සෝ වගයක්. මෝඩ වැඩක් මේ කළේ. ලංකාවෙන් විතරයි ගෙන්නන්නේ. රටට ලැබෙන්න තිබුන විදේශ ආයෝජනයක් නැති උනා. මෙහෙම උනොත් ඉතින් වෙන රටකින් ගෙන්නයි (නදී)
ඇසළ, ඔබ කීවා හරි, මේ නිලධාරීන්ට දැනුම දෙන්නට ඕනා බිත්තර සකස්වෙමින් තිබෙන පොකිරිස්සෝ අඳුනාගන්න, ඒවගේම කොම්පැනි කාරයොත් මොලේ පාවිච්චිකරලා ලංකාවේ තිබෙන සමහර මෝඩ නීති ගැන සොයාබලා තම ව්‍යාපාරය කරගෙන යන්න ඕනා. මේ දේ පොඩි සමාගමකට උනානම් එයාලා සම්පුර්ණයෙන්ම බංකොලොත්. (නදී)
ඕමාන් රටේ නීතියට අනුව,බඩේ බිත්තර තිබෙන (පැහැදිලිව එළියට පෙනෙනවා ) කකුළුවෙකු හෝ පොකිරිස්සෙක් ඇල්ලුවොත්,ඕමාන් රියාල් 5000 (රුපියල් 1,727,000) දඩගෙවන්න වෙනවා. (නි)
මේ පොකිරිස්සෝ මස ගනනකට කලින් අල්ලලා ශීත කාමර වල තියාගෙන සැහෙන කිලෝ ගණනක් එකතු උනාම අපනයනය කරන්නේ. ශීත කල පොකිරිස්සන්ටත් ප්‍රජනන කාලය පෙබරවාරි මාසයද. මේවගේ වැඩ නිසා තමයි විදේශ විනිමය ලැබීම එන්න එන්නම අඩුවෙන්නේ. (අ)
අයියෝ දඩය රුපියල් ලක්ෂයද මදි මදි හොඳටම මදි කිලෝග්‍රෑම් 737 කට (නදී)