රුපියල් දාසය ලක්ෂ අනුපන්දාස් හත්සිය අනුවක් වටිනා ශීත කළ පොකිරිස්සන් තොගයක් අපනයනය කිරීමට උත්සහ කළ මත්ස්‍ය අපනයන සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එහි වටිනාකමට සමාන මුදලක්ද රේගුවට ගෙවා එම පොකිරිස්සන් තොගය ආපසු රැගෙන යන ලෙස අදාල සමාගමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එල්.පී ආරියරත්න මහතා විසින් සිදු කළේය.
පොකිරිස්සන් තොගයේ බර කිලෝග්‍රෑම් 737 කි.
පෙට්ටි 37 ක අසුරා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 105 දරණ ගුවන් යානයෙන් මාලේ බලා ගෙන යාමට එම පොකිරිස්සන් කටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයට ගෙනවිත් ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ධීවර ආඥා පනතින් පෙබරවාරි මාසයේ පොකිරිස්සන් අපනයනය කිරීම තහනම් කර ඇති බවයි. පොකිරිස්සන්ගේ ප්‍රජනන කාලය පෙබරවාරි මාසය වෙයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශණ, දමින්ද ජයසිංහ යන නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර පොකිරිස්සන් කිලෝ 737 ට බර දඩයක්
සංඛ Saturday, 28 February 2015 11:54 AM
මේ ඇසළ වගේ නීතියටත් උඩින් වැඩකරන්න උඩගෙඩි දෙන මිනිස්සු හින්දා තමයි යුරෝපය අපෙන් ටූනා ගන්න එක නැවැත්තුවේ! (නි)
තුසිත Saturday, 28 February 2015 12:32 PM
මට පේන විදියට දෙගොල්ලොම එකයි. මැරිච්ච පොකිරිස්සන්ට මොන ප්‍රජනනද අනිකට තව දවසක් ඉවසන බැරි උනා නේද ? (නදී)
සුසන්ත Saturday, 28 February 2015 02:24 PM
අයියෝ සල්ලි.....! (නි)
සුසන්ත Saturday, 28 February 2015 02:26 PM
රටට ලැබෙන්න තිබුණ ලොකු විදේශ ආයෝජනයක් නැතිවුණා නේද? (නි)
පද්මිණි Saturday, 28 February 2015 02:30 PM
හොඳ වැඩේ. මේ දඬුවම නියමයි (නි)
සුසන්ත Saturday, 28 February 2015 02:31 PM
මේ අපිට එන්න තිබ්බ පොකිරිස්සෝ වගයක්. මෝඩ වැඩක් මේ කළේ. ලංකාවෙන් විතරයි ගෙන්නන්නේ. රටට ලැබෙන්න තිබුන විදේශ ආයෝජනයක් නැති උනා. මෙහෙම උනොත් ඉතින් වෙන රටකින් ගෙන්නයි (නදී)
කුමාර් Saturday, 28 February 2015 04:03 PM
ඇසළ, ඔබ කීවා හරි, මේ නිලධාරීන්ට දැනුම දෙන්නට ඕනා බිත්තර සකස්වෙමින් තිබෙන පොකිරිස්සෝ අඳුනාගන්න, ඒවගේම කොම්පැනි කාරයොත් මොලේ පාවිච්චිකරලා ලංකාවේ තිබෙන සමහර මෝඩ නීති ගැන සොයාබලා තම ව්‍යාපාරය කරගෙන යන්න ඕනා. මේ දේ පොඩි සමාගමකට උනානම් එයාලා සම්පුර්ණයෙන්ම බංකොලොත්. (නදී)
දිසානායක Sunday, 01 March 2015 03:24 AM
ඕමාන් රටේ නීතියට අනුව,බඩේ බිත්තර තිබෙන (පැහැදිලිව එළියට පෙනෙනවා ) කකුළුවෙකු හෝ පොකිරිස්සෙක් ඇල්ලුවොත්,ඕමාන් රියාල් 5000 (රුපියල් 1,727,000) දඩගෙවන්න වෙනවා. (නි)
ඇසළ Saturday, 28 February 2015 09:39 AM
මේ පොකිරිස්සෝ මස ගනනකට කලින් අල්ලලා ශීත කාමර වල තියාගෙන සැහෙන කිලෝ ගණනක් එකතු උනාම අපනයනය කරන්නේ. ශීත කල පොකිරිස්සන්ටත් ප්‍රජනන කාලය පෙබරවාරි මාසයද. මේවගේ වැඩ නිසා තමයි විදේශ විනිමය ලැබීම එන්න එන්නම අඩුවෙන්නේ. (අ)
ටිරෝන් Saturday, 28 February 2015 10:19 AM
අයියෝ දඩය රුපියල් ලක්ෂයද මදි මදි හොඳටම මදි කිලෝග්‍රෑම් 737 කට (නදී)