අතුරුගිරිය, සීදූව, දන්කොටුව, හෝමාගම, මිනුව්නගොඩ, කොස්ගම ආදී ප්‍රදේශවලින් අවි පෙන්වා රුපියල් දෙකෝටි හැට හතර ලක්ෂයක් පමණ කොල්ල කෑ බව කියන කල්ලියක හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසිය සමත් විය.
ඔවුහු ජාඇළ, වත්තල සහ පැල්මඩුල්ලේ පදිංචිකරුවෝය.
ඉකුත් ඔක්තෝබර 13 වැනි දා මිනුවන්ගොඩ දී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ඔවුන් සොයමින් සිටි බව පොලිසිය කියයි.
ටී56 අවියක්, බ්‍රවුනින් පිස්තෝල දෙකක්, අත්බෝම්බ දෙකක්, පකිස්තානයේ නිෂ්පාදිත උල් පිහි දෙකක්, හයිබ්‍රිඩ් කාරයක්, රෝල් ගෝල්ඩ් ආබරණ කිලෝ දෙකක්, ව්‍යාජ අංක තහඩු කිහිපයක්, ජංගම දුරකතන අටක් , ජාතික හැදුනුම්පත් 13ක් සහ උණ්ඩ 101ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොවිලෙට අවශ්‍ය සියලුම අඩුක්කු අඩු නැතිව (පිස්තෝල, කඩු, කිනිසි) තියෙනවා. මේ බඩු ටික දැක්කහම නිකම් හිටපු මිනිස්සුත් කට්ටඩි වෙනවා. හැමදාම රෑ ජාමෙට ගමද නගරයද කියල වෙනසක් නැතිව හැමතැනම තොවිල්. මේවාට ගෙන්වන්න යක්කුන්ගේත් අඩුවක් පෙනෙන නිසා පාලනයද මේ තොවිල් සඳහා කොන්ත්‍රාත් ක්‍රමයට යකුන් සපයන බවද රහසක් නොවෙයි. (නදී)
රටකට ගිය කලක් (දී)
රටේ හොරුන් තක්කඩින්ගේ පරවනතාවය ක්‍රමයෙන් වැඩිවෙනවා. මේවා අඩුකරන්නනම් ස්ථාන රැසක වෙනසක් විය යුතුමයි. (අ) .
අනුමානයක් නැහැ...රෝල් ගෝල්ඩ් ආභරණ තිබුන නිසා ..මේ නඩේම වෙන්න ඇති පාදුක්ක උකස් කඩේ කරුණා... කරලා තියෙන්නේ !! (දී)
සිංදුවකට තාලයක් තියෙන්න ඕන වගේම වචන පේළියකට අදහසක් තියෙන්න ඕන. සත්‍යයා කියන එක්කෙනාගේ වචන වල නම් අම්මප කිසිම රහක් නැහැ. මමත් රටේ මනුස්සයන්ගේ අදහස් මේ පේජ් එකෙන් කියවනවා.(නදී)
පිරිස රටේ හැමතනින්ම ඉන්නවානේද ඒ නඩේ (දී)
අනුමානයක් නැහැ. තව ආයුධ ඇති. ඒවත් හොයාගන්ට. (නදී)