ව්‍යාජ පන්දහසේ මුදල් නෝට්ටුවක් සමඟ සරසවි සිසුවකු අත් අඩංගුවට ගත් බව බළංගොඩ පොලිසිය කියයි
රට බීමහලකින් බීර බෝතලයක් ගෙන මෙම පන්දාහසේ නෝටුටව ඒ සඳහා දුන් ඔහු ළග ඒමොහොතේ වලංගු පන්දහසේ නෝට්ටුවක්ද තිබු බව පොලීසිය කියයි
ව්‍යාජ පන්දහසේ මුදල් නෝට්ටුවක් සමඟ සරසවි සිසුවකු අත් අඩංගුවට ගත් බව බළංගොඩ පොලිසිය කියයි
රට බීමහලකින් බීර බෝතලයක් ගෙන මෙම පන්දාහසේ නෝටුටව ඒ සඳහා දුන් ඔහු ළග ඒමොහොතේ වලංගු පන්දහසේ නෝට්ටුවක්ද තිබු බව පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක බීර බෝතලයකට විතරක් හොර 5000ක් මාරු කරයි කියල හිතන්න අමාරුයි...ඇත්තටම හොර සල්ලි වැරදිලාවත් ආවොත් මාර වැඩේනේ. (ස)
ඉල්ලන් බීම.(නදී)
අපේ කාලේ බිර බෝතල් තියා ඔරේන්ජ් බාර්ලි බෝතලයක් ගන්න වත් අතේ සල්ලි තිබ්බෙ නෑ. දැන් ඉන්න අයට ඉගෙන ගැනීම කෙසේ වෙතත් බියර් බොන්නයි ඕනා. මේ අයට දෙතිස් වදය දී සරසවියෙන් නෙරපා දැමීම දුප්පත් බදු ගෙවන්නන් වෙනුවෙන් කරන උපහාරයකි.(නදී)
5000 එකක් බැංකුවකින් හැර අතට එන්න පුලුවන්ද? (නදී)
එන්ට එන්ටම මේවා වැඩිවනවා. කොටි මිනිස්සු මරනකොට අපිට ඒවා දවස ගානේ අහලා එපා උනා වගේ මේ හොර සල්ලි කතා අහලම දැන් නිවුස් එපා වෙනවා. මේවාට බරපතල දඬුවම් දුන්නේ නැත්නම් තව තව වැඩිවෙනවා.(නදී)
ආරියසේන, හොර නෝට්ටුවක් සාමාන්‍ය පුද්ගලයෙකුට හදුනා ගත නොහැකි වුනත් එය ළඟ තබාගත් අයෙකු අත් අඩංගුවට ගෙන ඒ පිලිබඳ විමර්ශනය කිරීමට පොලිසියට බලය තියෙනවා. (අ)
ඔව් අද කාලෙ හොර නෝට්ටුවක් තමාට ලැබුනු බව දැන ගත්තත් ඒ ගැන පොලීසියට දැනුම් දෙන එක භයානකයි. අහිංසක අයත් මේ වගේ අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්. (අ)
ඔන්න බලන්න අපේ සරසවි සිසුන්ගේ වැඩ. මේවා හදා වදාපු දෙමව්පියෝ දන්නවද? දෙමවුපියවරුනි සරසවි ගියා නැතා කරදඬු දික්වන තමන්ගේ පුතා දුවා ගැන සෝදිසියෙන් ඉන්න කාලය දැන් ඇවිල්ලා. (අ)
හොර නෝට්ටු අපේ නොදැනුවත්කමින් කාගෙන් හෝ අපේ අතටද එන්නට පුළුවනි. (අ)
පොලිසියට බැහැ කිසිම දෙයක්කරන්න ඔත්තුවකට මිස (අ)
හොර නෝට්ටුවක් ළඟ තිබු පළියට පොලිසිය කොහොමද අත් අඩංගුවට ගන්නේ.එය වෙනත් කෙනෙකුගෙන් තමන්ගේ අතට එන්න පුළුවන්.බැංකුවේ තිබෙන මැෂින් එකට හැර වෙනත් කෙනෙකුට එය හදුනා ගත නොහැක.(දිල්)
මොනවා වුනත් අපිට හරියටම කියන්න බැහැ .මේ තැනැත්තා මුදල් අච්චු ගැහැව්වද ,එහෙමත් නැත්නම් කඩයකින් මොහු අතට පත් වුනාද කියලා නේද ?(දිල්)