රුපියල් පන්දහසේ,දහසේ හා පන්සියයේ හොර නෝට්ටු මුද්‍රණය කැර වයඹ පළාතේ මාරු කරන බව කියන තිදෙනකු හොර නෝට්ටු 32 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසා අපරාධ ඒකකය කියයි.
ප්‍රධාන සැකකරු තංගල්ල පදිංචිකරුවකු බවත් අනික් දෙදෙනා මාස්පොත හංගමුවේ පදිංචිකරුවන් බවත් කියති.
ඉන්ධන හල් වලටද පාරේ වෙළදාම් කරන්නවුන්ට ද වැඩි වශයෙන් හොර නෝට්ටු දී ඇතැයි ද රුපියල් පනස් දහසක පමණ එවැනි නෝට්ටු මාරු කැර ඇතැයි ද පොලීසිය පවසයි. ප්‍රධාන සැකකරුට එරෙහිව හොර නෝට්ටු නඩු තංගල්ල,පොල්ගහවෙල හා මීගමුවේ පවතින බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ප්‍රධාන සැකකරු තංගල්ල පදිංචිකරුවකු බවත් ..." තංගල්ලේ නම තියන වීර පුතුන් කිහිපදෙනා අතරට මෙයාගේ නමත් ඉක්මනින් ඇතුළත් කරන්න. (නි)
ඒකපුද්ගල ආදායම ඩොලර් 2500 මට්ටමේ පවත්වාගෙන් යන්න මේවගේ අයගෙන් ලැබෙන්නේ විශාල පිටුවහලක්. (නදී)
තංගල්ලේ නේ සුවර් එකටම කාගේ හෝ පෝෂණයක් වෙන්නැති (නදී)
තංගල්ල කියන ගමේ නම ඇහෙනකොටත් හිරිකිතයි! (නි)
මාර ගේම් කාරයෝ තමයි ලංකාවේ ඉන්නේ.(අ)