‘මෛත්‍රිපාල සිරිසේන ජනපති මාත් එක්ක වැඩ කරන්න කැමතියි. හැබැයි මහින්ද රාජපක්ෂත් එක්ක වැඩ කරන්න කැමති නෑ‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) ගම්පහ නගර සභා පිටියේ පැවැති ජන රැලියක් අමතමින් පැවසීය.
‘උදෑසන හිරු නගින්නේ යම්සේද එජාපයේ ජයග්‍රහණය ස්ථිරයි. සවසට හිරු බසින්නේ යම් සේද මහින්දගේ පරාජයත් ස්ථිරයි‘ යැයි අගමැති එහිදී කීවේය.
ගම්පහ එජාප අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතාද එම අවස්ථාවට එක්විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපතින්ම සල්ලි , බලය, තත්ත්වය තියෙන රනිල් වගේ කෙනෙක් ඕන. අනිකුන් අපු ගමන් ඉහගෙන කනවා. (අ)
බලන්න රනිල් මහත්තයාගේ නෝනා කොයිතරම් චාම් උගත් චරිතයක්ද? හරිම නිහතමානී විදියට ඉන්නේ. ලොකු ආදර්ශයක් රටේ අනෙකුත් නෝනලාට. (නි)
අර්ජුන නැගිටින්න 2009 මුළු ලංකාවටම ඉර පැව්වා(ම)
මේ පුංචි ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනයන්න පුළුවන් එකම නායකයා ගරු රනිල් මැතිතුමා. මෙතුමාට උපරිම සහයෝගය දී රට ඉදිරියට ගෙනයමු. අනාගත දරුවන්ගේ ජීවිත වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟන්න සැවොම එකතුවෙමු. පුද්ගලයෙක් දිනවන්න නොව රටම දියුණුකරන්න රනිල් මහතා දිනවමු. සැමට ජය ! (නි)
අනේ ඇයි සිල්වා මහත්තයා මේ හින්ට් ගහන්නේ. සජිත් එක්ක අමනාපද.(නදී)
හිරු නම් නැගල බැහැල යාවි. එත් බලමු ජන්දේ දිනා ගන්න පුළුවන් වේවිද කියලා (ම)
පලදාව නැති හිස් ගස් හිටවන්න එපා. පළාතම පාලු වෙනවා. (බ)
මීට වඩා හොඳයි විමල් මහත්තයාගේ තොරොම්බල් කරත්තය. අඩුගානේ පලදාව තියෙනවා. (බ)
අජිත් මාන්නප්පෙරුම මහතාට ජය නියතයි. (නි)
නිය පාටකරලා තොල් පාට කරලා ඉන්විසිබල් මේකප් දමලා හරිම චාම්. (බ)
දේශපාලන බල පෙරේතකමෙන් පෙළෙන සැවොම හිරු නඟින්නා සහ බහින්නා සේ දිනනවා,පරදිනවා. නමුත් මේ බල පෙරේත සටන නිසා සිංහලයා සදහටම පරදිනවා. (නි)
මෙතුමා බොරුවෙන්ම ජීවත් වන්නෙක්! රටට බොරු මවාපෑමක් දාල ගියවර කොටින් එක්ක ගිවිසුම් ගැහැව්වා . මෙවර උතුරට පෙඩරල් දෙන්නෑ කිය කියා තොත්ත බබා වගේ යටි අරුමුණ රටට වසන් කරන්න හදනවා. එහෙමනම් කොහොමද උතුරේ පක්ෂ එක හෙලාම කුට්ටිය ඉල්ලන්නේ . අයි ඔබ ඔවුනට උත්තර නොදෙන්නේ ? බොරුවට නිකන් අපිට බන කියන්න එන්න එපා . ඔබේ යටි අරමුණ ස්ථීරයි! (බ)
ඒ ලිපියේ තිබෙන කරුණු එකක් නෑර ඇත්ත. (නි)
එක්සත් ජාතික පක්ෂයට ජයවේවා! (නි)
අම්මේ! ඔක්කොම දේවල් දෙනවා කියන්නේ? බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)
හැබැයි මේ රටට හරියටම ඉර පායන්න පටන්ගත්තේ කාලකන්නි යුද්ධය අවසන්වුණාට පස්සේ නේද රනිල් මහත්තයෝ? (නි)
යුක්තිය නීතිය සාදාරනයයි , සැබෑ නායකයෝ එහෙම තමයි. ඉටු කල යුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම් ,ඉවසන්නට පුලුවන්නම් ,නුබයි මගේ පුතා උතුම්. ආසියාවේ මිණිපහන ලෙස විරුදාවලිය ලත් රනිල් මතිදුනි , ලක් මාතාව දියුණුවෙන් දියුණුවට ගෙන යාමට ඔබේ බුද්ධි මහිමයට හැකියාව ශක්තිය ලැබේවා !! (අ)
වඩා වැදගත් ඒකීය රට දිනවීමය (නි)
එහෙම කියලා හිතාගෙන ඉන්නවා... (නි)
ඔබතුමා අවොත් රටට හිරු උදාවෙන්නෙම නෑ! නමුත් බටහිරට හිරු උදාවෙයි! (අ)
දියුණු වෙමින් ආ රටක් මේ අය විනාශ කරනවා. (අ)
රනිල් මහත්තය ඉර බලන්නේ මහින්ද මහත්තය උදා කරපු ඉරෙන් බව මොලයක් තියන ලාංකිකයෝ තේරුම් ගනියි .(අ)
දසක තුනකට පසු මහින්ද උද කරපු ඉරෙන් මේ අය එලිය බලනවා . අනුවන මිනිසුන් සිටිනා රටක මේක පුදුමයක් නොවෙයි . (අ)
හිරු නගින්නෙත් නැ...හිරු බහින්නේත් නැ ..ඇත්තටම වෙන්නේ ලෝකේ කැරකෙන එක නේ ..රනිල් මහත්තයට හැමදාම වරදිනවා ..ඕක ජන්ම ගතිය. (අ)
ඔබ තුමාලා අවොත් රටට ඉර උදා නොවුනට කමක් නැහැ . මොකෝ එතකොට රට කොහොමත් අඳුරේ .පසුගිය මාස හයක් අඳුරේ තිබුණා වාගේ .(අ)
ජය වේවා අපේ රනිල් අගමැතිතුමාට (නි)
මෙවැනි අබදිතයෝ මේ අයට ගැලපෙනවා. මේකෙන් පෙන්නේ මේ අයටතියෙන්නේ රට ගැන හැඟිමට වඩා තමන් ගැන හැඟිමක් .(අ)
ඒ ඉරේ පිහිටෙන් නංගිලාට මල්ලිලට අපි බේස්ටලට් දෙනවා . පෙම් කරන්න විනෝද උද්‍යාන හදනවා , ඇනිටිලාට චුඉංගම් දෙනවා , අන්කල්ලට රට අරක්කු දෙනවා. . අනේ මේවත් එකතු කරන්නකෝ . (අ)
හැබැයි නියම උපමාව! (නි)
අකුරැස්සේ සිද්ධියත් අපි හොදට දැක්කා. ලියුම නොබලාම ඉන්න ඇති. (නි)
සිල්වා මහත්මයා හරි. රනිල් මහත්තයාගේ නෝනා උගත් බුද්ධිමත් මහත්මියක්. ඒකයි එතුමිය නිරහංකාර. උගත්කමක් නැති කිසිමදෙයක් නොතිබුණු එකපාරටම ලැබුන අය තමයි බොරු කරලා අහංකාරකමෙන් පිම්බෙන්න හදන්නේ. මෝඩකම කියන්නේ ඒකටනේ. කතාවක් තියෙන්නේ හිස් කළය සද්දේ වැඩියි කියලා. (නි)
අනේ මෙහෙමත් සරුංගලයක් , නූල කඩේයිද දන්නේ නැහැ . 2009 පෙර සරුංගලයක් ඇරියත් වෙඩි තියනවා , මෙච්චර ඉක්මණට අමතකද . මෙසේ ගියොත් කෙසේ වෙතත් අපහු ඉර පායන්නේ නම් උතුරට විතරයි . (අ)