IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිරු දෙවි පුදන්න උතුරත් සැරසෙයි

තෛපොන්ගල් උළෙල මෙවර අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට උතුරේ වැසියන් විශාල පිරිසක් අද (14) දවස පුරා වෙළඳ සැල් වෙතට පිවිස අලුතින් වලන් මුට්ටි මෙන්ම ඇඳුම් පැළඳුම් හා ආහාර පාන මිලට ගැනීම සඳහා නගරයට පැමිණ සිටියහ.

උක් ගසින් වට වූ මණ්ඩපයක අලුත් සහල් වලින් උක් සකුරු හා පළතුරු වලින් සාදා ගන්නා ලද කිරිබත් සාදා මල් පහන් දල්වා හිරු දෙවියන්හට සිදු කරන ලද සූර්ය දේව පූජාව පවත්වන්නට හින්දුවරු සැරසෙති.

‘මේ වසරේද තම කෙත් වතු සරු සාර වේවා‘ ඔවුන්ගේ පැතුමයි.

අද උදෑසන සිට උතුරු නැගෙනහිර දෙමළ වැසියෝ අලුත් වළං, ඇඳුම් පැළඳුම් මිලට ගැනීමට නගරවලට ආහ. උක්, පළතුරු, වළං, ඇඳුම් හා රතිඤ්ඤා ආදී දෑ මිලට ගන්නට ආ පිරිස් වලින් නගර පිරී තිබිණි. තුන්දින නිවාඩුවක් ලැබී ඇති හෙයින් ගම් බලාගිය පිරිස වැඩිවූ අතර කොළඹ නගරයේ තදබදය අඩුවී ඇති ආකාරයද දැකිය හැකි විය.

jaffna_201611401 jaffna_201611402 jaffna_201611403 jaffna_201611404 jaffna_201611405 jaffna_201611406 jaffna_201611407 jaffna_201611408 jaffna_201611409 jaffna_2016114010



අදහස් (0)

හිරු දෙවි පුදන්න උතුරත් සැරසෙයි

නිමල් ලාලිත Thursday, 14 January 2016 02:18 PM

රෙෂාන්ගේ මොලේ අමාරුවක්ද? යුද්දය ජයග්‍රහණය කළේ හිටපු ජනපති කොන්ද කෙලින් තියාගෙන හිටපු නිසා අපේ රණවිරුවන්ගේ කැපවීමෙන්, රනිල් අගමැති කරපු කෙන්ගෙඩියක් නැහැ,. (බ)

:       0       0

ලක්ෂිත Thursday, 14 January 2016 04:18 PM

මේ මොලේ අමාරුව තද වෙලා වගේ .මහින්ද නොහිටින්න අද සමයක් නැහැ.කුහක වෙන්න එපා.(අ)

:       0       0

බටුගෙදර Saturday, 16 January 2016 06:16 AM

කොහොම තනියෙන් යුද්ධය දිනන්නද අපේ සෙබළු නැත්නම්? (නි)

:       0       0

ප්‍රියංකර Friday, 15 January 2016 04:32 PM

මහින්ද මහත්තයා නිසා තමයි අද කවුරුත් බයනැතුව ජීවත්වෙන්නේ (නි)

:       0       0

රුචි Friday, 15 January 2016 09:26 AM

ඇස්දෙකට දකින්න ඉතා සතුටු උපදවන දෙයක්. මහින්ද රාජපක්ෂ මැතිඳුන් සහ ඝෝටභය රාජපක්ෂ මැතිදුන්ගේ ඍජු තීරණ සහ සොල්දාදුවන්ගේ කැපවීම නිසා අපට ලැබුන ප්‍රතිපලයයි මේ දකින්න තියෙන්නේ. (කෞ)

:       0       0

ගදිරේෂන් Thursday, 14 January 2016 11:15 AM

අපේ අගමැති රනිල් මැතිදුන්ගේ එකල ක්‍රියාවන් නිසා යුද්ධය නිමා විය. එම නිසා එහි ජනයා සතුටින් අවුරුදු සමරයි. දීර්ඝායු අගමැති, ජනපති තුමනි.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site