තෛපොන්ගල් උළෙල මෙවර අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට උතුරේ වැසියන් විශාල පිරිසක් අද (14) දවස පුරා වෙළඳ සැල් වෙතට පිවිස අලුතින් වලන් මුට්ටි මෙන්ම ඇඳුම් පැළඳුම් හා ආහාර පාන මිලට ගැනීම සඳහා නගරයට පැමිණ සිටියහ.

උක් ගසින් වට වූ මණ්ඩපයක අලුත් සහල් වලින් උක් සකුරු හා පළතුරු වලින් සාදා ගන්නා ලද කිරිබත් සාදා මල් පහන් දල්වා හිරු දෙවියන්හට සිදු කරන ලද සූර්ය දේව පූජාව පවත්වන්නට හින්දුවරු සැරසෙති.

‘මේ වසරේද තම කෙත් වතු සරු සාර වේවා‘ ඔවුන්ගේ පැතුමයි.

අද උදෑසන සිට උතුරු නැගෙනහිර දෙමළ වැසියෝ අලුත් වළං, ඇඳුම් පැළඳුම් මිලට ගැනීමට නගරවලට ආහ. උක්, පළතුරු, වළං, ඇඳුම් හා රතිඤ්ඤා ආදී දෑ මිලට ගන්නට ආ පිරිස් වලින් නගර පිරී තිබිණි. තුන්දින නිවාඩුවක් ලැබී ඇති හෙයින් ගම් බලාගිය පිරිස වැඩිවූ අතර කොළඹ නගරයේ තදබදය අඩුවී ඇති ආකාරයද දැකිය හැකි විය.

jaffna_201611401 jaffna_201611402 jaffna_201611403 jaffna_201611404 jaffna_201611405 jaffna_201611406 jaffna_201611407 jaffna_201611408 jaffna_201611409 jaffna_2016114010