ආණ්ඩුවේ හෝටලයේ දින 13ක විවේකයක් ලබා ගැනීමට පුළුවන් වීම පිළිබඳව තමා සතුටු වන බවත් බොහෝ දෙනෙක් කියන්නේ බඩ නම් බැහැලා, සුදුවෙලා, නිවාඩුව හොඳින් ගත කළ බවත් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (5) පිවිතුරු හෙළ උරුම කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මට සතපහක වියදමක් ගියේ නෑ. කෑම බීම නවාතැන් පමණක් නෙවෙයි ප්‍රවාහනය සහ ජිවිතයේ නොතිබුණු ආරක්ෂාවක් මට ලැබුණා. මාව සුවිශේෂි ලෙස සති දෙකක් බලා ගත්තට සමස්ථ ආණ්ඩුවටම බොහෝම පින් කියලා කියනවා. හිරගෙදර ගෙවපු ඒ දින 13 මගේ ජිවිතයට අද්දැකීම් රාශියක් එකතු වුණ විදිහටයි මම දකින්නේ. ජිවිතය නැමැති විශ්වවිද්‍යාලයේ අත්දැකීම් නැමැති උපාධියට ගෞරව සමාර්ථයන් තියෙන පිරිසකගෙන් අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. සිර ගෙදරදි මට හමුවුණු 99%ක්ම මත්ද්‍රව්‍ය වලට සැකකරුවන් සහ වැරදිකරුවන්. 57ත් දෙනෙක් හමුවුණා කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකකරුවන්. ගෝඨභය රාජපක්ෂ මහතාට බෝම්බය තැබු අය ඇතුළු විශාල පිරිසක් හමුවුණා. ක්‍රොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරන අය ඔවුන් ඒවට පෙළඹුනේ ඇයි ? ඔවුන් ලෝකය සමාජය පිළිබද දකින්නේ කොහොමද යන වග අලුත්මානයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා.
‘අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කර ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක්. හොටු ගෑනි දීලා කැහි ගෑනි ගැනීම වගේ වැඩක් මහ බැංකුවට සිදු වුණේ. හැමෝම කතා කරන්නේ නව මහ බැංකු අධිපතිගේ අධ්‍යාපනික සුදුසුකම් සහ පළපුරුද්ද. නමුත් තනතුරක් ලබා දීමේ දී හැකියාව, අවංකභාවය සහ පක්ෂපාතිත්වය යන තුනම බලන්න ඕනෑ. හැකියාව පිළිබඳ අපට ප්‍රශ්නයක් නෑ. නමුත් අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. කුමාරස්වාමි මහතාට සෘජුවම චෝදනා එල්ල වුණේ නැතත් ඔහු වැරදි වෙලාවේ වැරදි තැන ඉඳලා තිබෙනවා. පක්ෂපාතිත්වය පිළිබඳ ගැටළුව මතු වන්නේ රාජ් රාජරත්නම් හරහා. රාජ් කොටි සංවිධානයේ ප්‍රමුඛතම ආධාරකරුවෙක්. අර්ජුන් මහේන්ද්‍රන් රාජ්ගේ සමීප මිතුරෙක්. කුමාරස්වාමි රාජ්ගේ සේවකයෙක්. කොටි අරමුදල් ජාලයෙන් මිදිලා අපේ ආර්ථිකය හැසිරවීමට කෙනෙකු සොයා ගැනීමට බැරි තරමට මේ ආණ්ඩුවේ කොටි අරමුදල් වල හිර වෙලා ද කියන ප්‍රශ්නය මතු වෙනවා‘ යැයි ද ගම්මන්පිල මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා හරියට මධුසමය ගතකරන්න හිරගෙදර තරම් වෙන සුදුසු තැනක් නැහැ කියනවා වගෙයිනේ. අනේ මෙහෙමත් විහිළු කතා? (නි)
අනම් මනම් බයිලා නැතුව තමුන් කළ වංචාව ගැන ඇත්ත කියන්න. (නි)
මෙයට තියෙන පැමිණිල්ල අවුරුදු 19 කට පෙර සිද්ධියක්ලු. එ් නිසා ඇයි දැන් අහන්නේ අහනවා. මෙයාලා හිතනවා ඇති පැමිණිලි පරණ වුණාම ඒක වරදක් නෙමෙයි කියලා. නීති විභාගයත් සමත් වුණාලු නේද. දෙවන ලෝක යුද්ධයේ වැරදි තවම හොයලා දඬුවම් දෙනවා. (නි)
උගත් මිනිසුන් නීතියට පරිභව වන ආකාරයට හැසිරෙනවිට සාමාන්‍ය මිනිසුන් ගැන කුමන කතාද. (නි)
හිරේ ගියේ වංචා කරලා රුපියල් මිලියන් ගණනක් සොරකම් කරලා නේද සුද්දෙක්ගෙන්. දැන් කියනවා හිරගෙදර ගෞරව උපාධි තියෙන පිරිසකගෙන් අත්දැකීම් ලැබුනලු. (නි)
බඩ බැහැලා සුදුවුණාට මොළය පිරිසිදු නොවුණ එක ගැනයි කණගාටු. (නි)
මේ දේශපාලුවෝ හිරේ යන්නෙත් විවේක ගන්න නේ (හේ)
ඔබට හමුවුණ අනිත් හිරකාරයොත් බොහොම සන්තෝෂ වෙන්න ඇති, ඔබෙන් අලුත් පාඩම් ටිකක් ඉගෙනගන්න ලැබීම ගැන! (නි)
මේ කතාවෙන් කියන්නේ එයාට කතා ගෙතීමේ හැකියාවක් තිබෙන බව නේද? (නි)
ලැජ්ජා නැතුව තවත් දොඩවනවා. (නි)
බඩ බැහැලා ගිහින් මොළේ එතනට වැටිලද කොහෙද? කතා කරන්න තමාට මේ චෝදනාව ගැන කියන්න තියෙන දේ. අනුන්ගේ කුණු හොයන්නේ නැතුව. (නි)
මේගොල්ලෝ රට පාලනය කරන අවදියේ හිටියේ හොරුත් සමඟ හෙළුවෙන්ද? (නි)
ඔබතුමා කවදද ශත පහක් හරි වියදම් කරලා තියන්නේ? හිරගෙදර පමණක් නොවේ, ඡන්දෙටත් මහජනයාගෙන් මුදල් ඉල්ලුවෙනේ. අමතකද? (නි)
ඔබතුමා අවංක උගත් පුද්ගලයෙක්. හිරේ නෙමෙයි ඉන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ දැන් ඇතිවෙලා තියෙන වෙනස නිසා පැත්ත මාරුවෙලා. ඔබතුමාට සුබ පතමි! (නි)
දවස් 13 වගේද අවුරුදු දහතුනක් ලැබුනොත් ? කොච්චර පිවිතුරුද? (බ)
හරියට පෙරලුනු ඔරුවේ යට පැත්ත හොඳයි කීවා වගේ නේද ? (ර)
කරුණ කරලා දැන්වත් නීතියක් රීතියක් තිබෙන රටක් කියලා ලෝකෙට පෙන්වන්න. (ර)
කොපමන ලෙඩ තිබුනත් රෝහල් ගියේ නැහැ ඒ ගැන ආඩම්බරයි. (ර)
හිරේ ඔය තරම් හොඳ හින්ද තමයි එහෙනම් මිනිස්සු අපරාධ කරන්නේ. (ර)
උදය ගම්මන්පිල මහතාණනි, විශ්ව විද්‍යාල කොමිසමෙන් වැලිකඩ විශ්ව විද්‍යාලයකට අනුමත කරවා දියවන්නාවේ අට පාස් කට්ටිය උපාධිය සඳහා එහි යවමු. (නි)
මොනවා කළත් නිතරම ඇදයක්ම දකින පුරුද්ද දින 13 හිරේ ඉඳලත් ඇරගන්න පුළුවන් වෙලා නැහැ වගේ. මහත්තයෝ, සුදු අැන්ඳාට වැඩක් නැහැ හිත පිරිසිදු නැත්නම්. වැඳලා කියන්නම් නිකම් ජාතිවාදය අවුස්සන්න එපා මහත්තයෝ (නි)
තව පොඩ්ඩක් ඔහොමම විවේක ගැන්නුවා නම් මොළය අමාරුවේ ඉතුරු ටිකත් හොඳවෙයි. (නි)
සුදු ඇඳුමට මඩ වදිනකොට පේනවා වැඩියි. ඒ වගේ තමයි, වරදක් නොකළ පුද්ගලයෙකුට ගහන මඩත් හොඳට පේනවා. සමාජය කළු චරිත වලට වදින මඩ ගැන උනන්දු නොවන්නේ ඒ නිසයි. මෙතුමාට හොඳ පෞරුෂයක් තියෙනවා. ඔබට ජය. (නි)
අපිට නම් හොරකමක් කරලා හිරේ විලංගුවේ වැටුනහම මොනතරම් ලැජ්ජද? සමාජයට මුහුණ දෙන්නේ මොනතරම් ලැජ්ජාවෙන්ද? එ්ත් හොරු හිතන්නේ හොරකම් කරන එකත් ජාතික වීරයෙක් වගේ වීර ක්‍රියාවක් කියලයි. ලැජ්ජයි මහත්තයෝ. (නි)
දින 13 කට ජාතික වීරයෙක් වුණා එහෙනම්. (සමාවෙන්න අපේ කාලයේ ජාතික වීරයෙක් වෙන්න සුද්දෙකුට රුපියල් කෝටි ගානක පොල්ලක් තියන්න ඕනෑ) (නි)
චතුරිටත් යමක් තේරෙනවා. (නි)
බඩ බහින්න ඕනෑ නම් ඡන්දෙන් පරදින්න. අත්දුටු පිළියමක් (නි)
මේවා කියන විදියට ආණ්ඩුව මෙයාට හොඳ වෙලා වගේ .හිරේ ගියාම මිනිස්සු හොඳ වෙනවලු . (බ)
මනුස්සයෙක් විවේචනය කළා වගේ පෙනුණාට ඔය විවේචනය කරන්නේ සමාජ කොටසක්. සිංහල බෞද්ධ දුප්පත් ජනතාවට තියෙන්නේ ගල්කණු, වෙහෙර විහාර, වැව , ධර්මය විතරයි සිංහල බෞද්ධ පොහොසත් ජනතාවට සහ වෙනත් ජන කොටස් වලට තියෙනවා රථ වාහන, මන්දිර, නිවාඩු නිකේතන , රට සවාරි වගේ දේවල්. ඉතින් මේ දෙවෙනි කොටසට පලවන කොටස පෙන්නේ තමන්ගේ සතුටට සෞභාග්‍යයට බාධාවක් වගේ. ඉතින් බැන බැන අපහාස කරනවා. (බ)
උදය ගම්මන්පිල මහතාණෙනි, ඔබට ජයෙන් ජය ලැබේවා! (නි)
පුදුම වෛර අදහස් වලින් පිරුණු පාලකයෝ සහ ඔවුනට සහයෝගය දෙන අයත් මෙතන පිරිලා (ම)
ඔබතුමා උගත් බුද්ධිමත් කෙනෙක් ඔබට අපේ ආචාරය (ම)
මෙයා කියන විදිහට ආණ්ඩුවේ හෝටලේදී රජයේ වියදමින් හොඳ සැප පහසුකම් සහ ආහාරපාන සංග්‍රහ සැළසුණා වගේම ශරීරයේ වෙනස්කම් සිදුවීමත් එක්කම බුද්ධිය වර්ධනයවීමකුත් සිදුවෙලා තිබෙන බවයි පෙනෙන්නේ. දවස්තේ දහතුනට ඔය. මං හිතන්නේ මෙයාට තව අවුරුදු කීපයක් ඔය සැප සම්පත් භුක්ති විඳින්න සැළසුනොත් මහා ප්‍රාඥයෙක් වෙලා, නවගුණ වැලකුත් අතේ එල්ලාගෙන ලොවටම දේශනා කළ හැකි ශාස්තෘවරයෙක් විදිහට එයි කියලයි. (නි)
සුදුස්සාට නොවැ සුදුසු තැන ලැබෙන්නේ! (නි)
අර කිතුලේ ගිය මිනිහටත් කියන්න කතාවක් තිබුනලුනේ (නි)
එ් තරම් හොඳ නම් ඇයි එළියට අාවේ? (නි)
රටේ මිනිස්සු ඔක්කොම ගොන් හරක් කියල වෙන්න ඇති මෙයාල හිතාගෙන ඉන්නේ. (ම)
එයා කළ වරද පිළිගෙනද? (නි)
සුදු ජාතිකයා ඔවුනට වුන අසාධාරණය වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතුවේ හිටපු ඒකාධිපතියාගේ යුගයේදී. එත් ඒ කාලේදී අධිකරණයම තම අනසකට පත් කර ගත්තු යුගයක් නිසා නිතිය ක්‍රියාත්මක වුනේ නැහැ. දැන් යහපාලනය යටතේ යන්තම් හෝ නිතිය ක්‍රියාත්මක වෙනවා.එත් සැහීමකට පත් වෙන්න බැහැ.(ම)
කර ඇතැයි සැකකෙරෙන ක්‍රියාව ඔප්පු වුණොත් දින 13 විවේකය බොහෝ දික්කර ගන්න පුළුවන්. සතුට උතුරා යයි එවිට. අනේ හැබෑට? (නි)
නවකවද මොකුත් නැහැ. විශ්ව විද්‍යාලයට යනවට වැඩිය හොඳයි මෙහාට ගිහිල්ලා යම්කිසි දෙයක් ඉගෙනගන්න එක (නි)
දිගටම ඉන්න අරින්නයි තිබුනේ (නි)
මෙයාලා බෝධිසත්වයෝ වගේ ඉඳලා කර තිබෙන වැඩ නම් අතිවිශිෂ්ටයි (නි)
මෙතුමා ඒකාබද්ධ විපක්ෂය සමඟින් නැවත බලයට පැමිණීමට බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ අවංකභාවය ගැන සහතිකයක් ඇතුවද? සැකකරුවන් ආයුධ පෙන්වීමට ගෙනගිය යුගය අනුව මෙතුමාට යමක් තේරුම් ගැනීමට හැකි වී ඇති බව එතුමාගේ ප්‍රකාශයෙන් අපට තේරුම් ගත හැකිය. නීතිඥයෙක් හැටියට මෙතුමා මීටවඩා වගකීමකින් කතාකරන්නේ නම් අපි සතුටු වෙමු. (නි)
හා එහෙනම් ඉතින් තව අවුරුදු ගානකට සැප ගන්න බැරියෑ නඩුව අහලා ඔප්පුවුණාම! (නි)
ඔබතුමා දිගටම ඔතන හිටියා නම් ජීවිතේ ලස්සනට, ශරීරය සුදුවට සහ සෞඛ්‍යසම්පන්නව ගෙනියන්න තිබුනා. (නි)
ඔච්චර ආසනම් ඇතුළටම වෙලා ඉන්න එපායැ. අපිට කණක් ඇහිලා ඉන්න (නි)
ඔබ තුමාට ජය වේවා පතමි (ම)
ඔබතුමා කුමාරස්වාමි මහතාට චෝදනා කරන්නේ රාජ් රාජරත්නම් එක්ක කටයුතු කරලා තිබුනා කියලනේ. ඉතින් දැන් ඔබතුමාට චෝදනා සහිතව රිමාන්ඩ් බාරයට පවා යන්න වුණානේ. ඉතින් ඔබතුමාත් එක්ක එකට එක පක්ෂයේ කලින් හිටපු අයත් වැරදිකාරයෝද? නැහැ නේද? (නි)
තවම පාඩමක් ඉගෙනගෙන නැහැ වගෙයි (නි)
අපේ රටේ බහු තරයක් සිංහල බෞද්දයෝ ඔබ තුමාට අපි ඒ නිසා ගරු කරනවා (ම)