
(සුජිත් හේවාජුලිගේ)
රාජකාරියේදී හරි දේ කරන්නැයි සියලු පොලිස් නිලධාරීන්ගෙන්ගෙන් ඉල්ලා සිටින බවත් හරි දේ කර නඩු වැටෙන නිලධාරීන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
හරි දේ කර නඩු වැටුණහොත් ඒ සඳහා එම නිලධාරීන්ගේ අතින් වියදම් කිරීමට තමා ඉඩ නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
මහජන ආරක්ෂක ඇමතිවරයා මෙසේ පැවසුවේ පානදුර පිංවත්ත නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේදීය .
සරත් වීරසේකර මහතා එහිදී මෙසේද කීය .
"මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානතම රාජකාරිය තමයි ජනතාවට බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කරන එක. අපි බලයට එනකොට තිබුණේ බිය සැක පිරුණු සමාජයක්.පාතාල ක්‍රියාකාරකම් බොහෝදුරට අඩු කරගන්න අපිට හැකියාව ලැබුණා.ඒ වගේම කප්පම් ගැනීම් පවා අද අඩුවෙලා තියෙනවා."
"හෝ රටේ ස්ත්‍රී දූෂණ ,ළමා අපචාර, මත් කුඩු ව්‍යාපාර නැති කිරීමට උපරිමයෙන් කටයුතු කරනවා. අපි ඒ සඳහා මහජන ආරක්ෂක කමිටු හැදුවා. අපරාධ ගැන අපට තොරතුරු ලැබෙනවා නම් ඒ ගැන කටයුතු කරන්න පහසුයි"
මේ අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැ සර් අධිකරණයෙන් දඩුවම් දුන් අයට ලොකු තැන් වලින් සමාව
ඔයිට වඩා හොද නැද්ද වෙන දෙයක් කරගෙන හිටියනම්
හරිදේ කරලා ඇඳිවතත් ගලවා ගත්තු මිනිහා කියනවා පොලිස් නිලධාරීන් රකිනවා කියලා. අන්න බොසාත් හරිදේ කරලා..
හරි දේ කරන්නටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් ඉදිරිපත්වන බව කියන ඇතැම් ඉහළම මට්ටමේ ලොක්කොත් හරිදේ නොකරන බව මහජනයා පල කරන අදහස්වලින් තේරුම් යනවා නේද?
පානදුරේ කේස් එකට මොකක්ද වෙන්නේ
කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවාට තමයි...
හීනෙන් දොඩවනවා..
කාලකන්නියෙක් වෙන්නේ නැතුව ඉල්ලා අස්වෙන්න මනුස්සයෝ... අපිට පව් දෙන්නේ නැතුව...
අර ASP මහත්තයට කලා වගේ වෙන්ටෑ
ඒක වෙන්න ඇති නේද එරික් පෙරේරාව මාරු කලේ...? ටෝක් නම් දෙනවා.. ඒ වුණාට කරන්නේ අනිත් පැත්තට වැඩ ...
ඒකද වෙන්නප්පුවේ ඒ.එස්.පී. ව මීගමුවට දැම්මේ..?
හරි දේ මොකදද වැරදි දේ මොකද්ද කියලා වෙන් කරල ගැසට් එකක් ගහන්න