(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
දිවයින පුරා නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
ගබ්සා කිරීම්වලට බඳුන් වන වැඩිදෙනා අවිවාහක අය වෙති.
මේ අතර අයථා පිළිසිඳ ගැනීම් ඇතුළු එවැනි වැරැදි බොහොමයකට ජංගම දුරකතන සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවන හාදකම් ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
පසුගිය 2020 වසරේදී වාර්තා වූ මෙම වැරදි ප්‍රමාණය 34 කි. එම වැරැදි ප්‍රමාණය 2021 වසරේදී 48 දක්වා සියයට 41 කින්ද 2022 වසරේදී 65 ක් දක්වා සියයට 35කින්ද ක්‍රමිකව ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ දැක්වේ.
මේ අතර මෙම අපරාධ විසඳීමේ ප්‍රතිශතය 2021 වසරේදී සියයට 63 කි. 2022 වසරේ එය සියයට 46 දක්වා පහළ ගොස් ඇතැයි එම මූලස්ථානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ගබ්සාව නීතිගත කරන්න... එහෙම කළාම මිනිස්සු නීතිවිරෝධී වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ලිංගික ආසාව ස්වභාවික දෙයක්... වැරැදි ලෙස දකිමින් වැරැද්ද ජංගම දුරකථන හෝ සමාජ මාධ්‍ය පිට පටවා නිකන් සිටීම ප්‍රශ්නයට විසඳුම නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක්වුණු කාන්තාවකට නීත්‍යානුකූලව ගබ්සාවක් කරගන්න ඉඩදීමෙන් ඇයගේ ජීවිතය ආරක්ෂා වෙනවා... විවාහ නොවුණු දෙදෙනෙකු ලිංගිකව ඇසුරු කිරීම අනුමත කරන්නේ නැහැ. නමුත් දෑවැදි ප්‍රශ්න, මගුල් ගෙවල් ගැනීමට මුදල් නැතිකම... කුල, මල භේදය නිසා විවාහවීම බොහෝ දෙනෙකුට විශාල ප්‍රශ්නයක්... විවාහ නොවී අද සමාජයේ 50-70% ප්‍රතිශතයක් විවිධාකාරයෙන් සිදු කරනවා...
වහාම ගබ්සාව නීතිගත කරන්න. කාන්තාවන්ට යහපතක් වෙනවා මේකෙන්...
නීතී විරෝධීව ඒ දේවල් කරන්න පෙළඹෙන්නේ ඒ දරුවා මේ ලෝකෙට බිහිකළොත් ඊට වඩා අමාරුවක වැටෙන නිසා. දැනටම සමාජය බැලුවාම තේරෙනවනේ තැන්තැන් වල දාලායනවා. නැත්නම් ලැබුණාම මරලා දානවා. ළමා නිවාසවල කොච්චර ළමයි ඉන්නවාද? ගබ්සාව නීතිගත කරන්න බැරි නම් ආරක්ෂිතව ලිංගික ක්‍රියාවලිය සිදුකරන ආකාරය ගැන දැනුවත් කරන්න. ඒ වෙනුවන් පාවිච්චි කරන දේවල් වල මිල පහල දාලා නිවැරදි විදියට ආරකෂිත ක්‍රියාමාර්ග වල යෙදෙන විදිය අවුරුදු 15 ඉඳන්වත් ළමයින්ට කියලා දෙන්න. ගබ්සාවලට නීති දැම්මට ආසාවල් වලට...
සමාජ මාධ්‍ය, ජංගම දුරකථන භාවිතය වළක්වන්න පුලුවන්ද? ලිංගික ආශාවත්, ආහාර, වාසස්ථාන වගේ මූලික අවශ්‍යතාවක්. කසාදෙ කොලේක ලියලද නැද්ද කියන එක ඒකට බලපාන්නේ නැහැ. සුද්දා මෙහෙ පැල කරල ගිහින්, සුද්දම අතෑරල දාපු වික්ටෝරියානු සංස්කෘතිය බදා ගත්තු අපේ ජනතාව මේ යථාර්තය පිළිගන්නේ නැහැ. හැමෝම බොරුවට සුදනෝ වෙන්න හදනවා කටින් විතරක්. අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වළක්වා ගන්නා අයුරු කියා දෙන, නිසි ලිංගික අධ්‍යාපනයක් අවුරුදු 15 ඉඳන්වත් දරුවන්ට ලැබිය යුතුයි.