‘මට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්‍ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම්බලන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් පැවසීය.
හොරා යනු බොහොම පැරණි වචනයක් බවත් සිවුරු හොරා, සුදුරෙදි හොරා යනුවෙන් කීවත් මොවුන් සිවුරු හෝ වෙනත් කිසිම දෙයක් හොරකම් කර නැති බවත් තමාට දික්වැල්ලේ පුද්ගලයකු ලබාදුන් කොලයක තිබූ බව රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
මැ.කො යනුවෙන් මැතිවරණ කොමසාරිස් හඳුන්වන බවත්, ප්‍රා.ලේ යනුවෙන් ප්‍රාදේශීය ලේකම් හඳුන්වන බවත් ඒ අනුව හොරා යනු හොඳම රාජ්‍ය නායකයා ලෙස එහි අර්ථ කථනය කර තිබූ බවත් හිටපු ජනපති පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කතාවක් මම ජීවිතේටම ඇහුවමයි (නි)
අනේ හරිම හොඳයි (බ)
බලන්න බලය අහිමි වෙනකොට මුනත්තහඩුවත් පිරිහිලා (බ)
අර අතේ හිරකරගෙන ඉන්නේ පසුගිය කාලේ මහා බැංකුවෙන් අතුරුදන් වුනු රත්රන් පොදියෙන් හදා ගත්ත වශී බෝලය කියලයි මම හිතන්නේ (බ)
එටකොට සුදු රෙදි කුරුල්ලත් රජයේ නායකයාද .පහුඝිය කාලවල ඉදන් ඕකේ නම වෙනස් වුනේ (බ)
මෙයාට පිස්සුව හොඳටම තදවෙලාද කොහෙද (අ)
නියම පට්ට හොරා කවුද කියා, කාලෙක ඉදලා මුලු ලෝකයම දන්නවා.සෙනග ටිකක් දැකලා මෙයා චූන්වෙලා වගෙයි. (අ)
අයියෝ කලන්තේ වගේ (බ)
රටට වඩා බඩගෙඩිය ලොකු බව මේ අදහස් වලින්ම පෙනේ. සමහර රටට ආදරය නැති උදවිය කැමති රුපියලේ අගය බහිනවට.ඩොලර් ලොකුවට මාරුකරන්න හැකි නිසා. නමුත් බඩගෙඩියට වඩා රට ගැන සිතිය යුතුය. එවිට අපේ දරුවන්ගේ බඩගෙඩිය පුරවන්න අපට රටක් තිබේවි. මොළ ගෙඩියක් තිබෙනවා නම් මේ ගැන සිතන්න. (නි)
හොඳම රාජ්‍ය නායකයට "හොරා" කියනවනම් ඇත්තම හොරාට කියන්නේ "හොඳම රාජ්‍ය නායකයා" කියලද? (බ)
අපි බලාපොරොත්තුවෙන්නේ අනාගතයේදී රට දියුණු කරන්න ගන්නා ක්‍රියාමාර්ග ගැනයි (ම)
එළිපිට මහදවල් හොරකම් කළ බැඳුම්කර මංකොල්ල හොරු තමයි යහ පාලන රජයේ ඉන්නේ (බ)
එතකොට පුහුල් හොරා? (බ)
මොනවද මේ කියන්නේ පිස්සු හැදීගන ඵනවා (බ)
එජාපය තමයි නියම මංකොල්ල කාරයෝ රනිල්ලා ටයි පටි දා ගෙන කරන හොර වැඩ ගිවිසුම් ජනතාව දන්නවා. මහින්ද මහත්මා අවංක නායකයෙක්. (බ)
අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)
කැලේ ඉන්න අහිංසක කුරුල්ලන්ට අපහාස කරන්න ඕනෑ නැහැ. සිල් රෙද්දෙනුත් හොරා කාපු සිල් රෙදි හොරු ගැන අපි දන්නවා (නි)
දැන් මෙයා අපට සිංහල උගන්නනත් හදනවා වගෙයි. අවුරුදු ගණනක් තිස්සේ එයාගේ බණ අහල අපට ඇති උන නිසා නේ 2015 ජනවාරි 08 වැනිදා නිහඬ විප්ලවයෙන් මේ පුද්ගලයා දොට්ට දැම්මේ. (ර)
ඔය වචනය එහෙනම් තව ඕනෑ ඕනෑ විදියට අර්ථ දක්වන්න පුලුවන්නේ! (නි)
ඔබ හිතන්නේ හොරා කියයන්නේ හොඳම රාජ්‍ය නායකයා කියන එකයි කියලා. එතකොට හොඳම රාජ්‍ය නායකයා වෙන්න ඔබට තිබෙන ලොකුම සුදුසුකම දූෂිතයින් මැති සබයට හා පළාත් සභාවලට ගෙනා එකද? (නි)
කට්ටියට හොඳට සතුටු ඇති දැන් (නි)
දැන් නම් මොලේ හොඳම නැති වේගෙන එනවා. මෙයාගේ මේ කතා වාසුගේ කුණුහරුප වගේ.(බ)
හොරා මරා. (ස)
හොරු නැතිව හෙළුවෙන් ...(බ)
සමන් කුමාරගේ අර්ථ කථනය හරි. (ස)