මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පරිගණක ගත කරන ලද මෘදුකාංග සාදා ගැනීම සඳහා යොදා ගන්නා බලපත්‍ර හෙවත් ස්ටිකර් (COA) කුට ලෙස සකසා වෙළඳපොළේ ඇති ලැප්ටෝප් පරිගණක මෘදුකාංග අව්‍යාජ ඒවා ලෙස පෙන්වා නිතිවිරෝධිව විකුණියැයි සැකපිට දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.
ඩී.එම්.අසංග බණ්ඩාර දිසානායක හා ෂෙහාන් පේෂල ෆොන්සේකා සැකකරුවෝ වෙති.
ඔවුන් රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හරින ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
නඩුව අප්‍රේල් 20 වැනි දා යළී කැඳවිමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද දැන් ලංකාවේ හොරට නොකෙරෙන්නේ? නීතියේ තිබෙන දුබලත්වයයි මේ සේරටම මුල. (නි)