(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි උණවේලි වත්තෙන් අක්කර පහළොවක් ව්‍යාජ ඔප්පු සකස් කර පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රංගේ බණ්ඩාර මහතාට රුපියල් ලක්ෂ 233 ක මුදලකට විකුණා වංචාවක් කළේ යැයි කියන මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචි පනස් තුන් හැවිරිදි අයෙකි
මෙම සැකකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙම ඉඩම ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමට කලින් මෙම ඉඩමෙන් අක්කර විස්සක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට ඉදිරිපත් කර ලක්ෂ 47 ක මුදලක් වංචාවෙන් ලබාගෙන ඇතැයි ද රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විකුණා ඇත්තේ ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට උකස් කළ අක්කර 20 ඉඩමෙන් අක්කර පහළොවක් සඳහා නැවත ව්‍යාජ ඔප්පු සකස් කර බව පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි රහස් පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර ඔප්පු හදපු නීතිඥ/නොතාරිස් සහ උල්පන්දම් දීපු ඉඩම් කාර්යාලෙ අය ඇල්ලුවහම අපට කියන්න ඕනැ.
මන්ත්‍රී වැටුපෙන් අමාරුවෙන් ඉතුරු කරපු සල්ලි කෝටි දෙකහමාරක් විතර. පවු දෙවියනේ අහිංසකය.
රංගේ පොලිස් සේවයෙන් අස් උනේ උප පොලිස් පරීක්ෂක හෝ පොලිස් පරීක්ෂක තනතුරේ සිටියදී.ඔහුට කොහෙන්ද මේ තරම් මුදලක් ?අක්කර 15 ක් ගන්න .අපි අවුරුදු 21 ක් පිට රට සේවය කරලත් තවම බැරි උනා අක්කර 5ක් ගන්න
ඔය එක ඉඩමක් විතරයි වෙන්න ඇති... අහිංසක විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ... මහජන සේවයෙන් හම්බ කරපුවා තව කොච්චර ඇතිද...?
රංගෙ බණ්ඩාරට දේශපාලන පළිගැනීමට ලක්වීම නිසා නියෝජ්‍ය පොලිස් අධිකාරි ධුරයකට උසස්වීමක් ලැබුණා නේද? සමහර විට ලොකු හිඟමුදලකුත් ලැබෙන්න ඇති...
මුදල් උපයා තියෙන විදිහ මේකෙන්ම පේනවා...