‘ඌව පළාත් සභාවේ විශාල මූල්‍ය අක්‍රමිකතා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමක් වෙලා නෑ. ඒවා වළක්වා ගන්න අපි බලපෑම් කළා. නමුත් පළාත් සභා මහ ඇමැතිවරයා මුහුණ දෙන්නේ නීත්‍යනුකූලව හෝ පළාත් සභාවේ නීතිරීති අනුව නෙමෙයි. ඔහු දැන් කරන්නේ දේවාලවල මිරිස් අඹරන එකයි‘ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අද ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මුදල් විෂය බාර ඇමැති ලෙස අත්තනෝමතිකව කටයුතු කරමින් ගිණුම් දෙකක් ඉවත් කරගැනීමට කටයුතු කර තිබෙනවා. මේවා ඉවත් කරගැනීමෙන් පළාත් සභාවට රුපියල් ලක්ෂ 103 ක මූල්‍යමය පාඩුවක් වන බවට බැංකුව පළාත් සභාවට ලිඛිතව දැනුම් දී තිබියදී තමයි මේ ගිණුම් ඉවත් කරගෙන තියෙන්නේ. මේ වන විට මහ ඇමැතිවරයාට එරෙහිව චෝදනා ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා අපි කියනවා ඔහු මහ ඇමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. අපි වැරදිනම් අපිට විරුද්ධව නීතිමය පියවර ගන්න තිබුණා. දැන් ඔක්කොම හොරු ටික දේවාල ගානේ යන්න පටන් අරගෙන. මේ හොරු ඔක්කොම දේවාලවලට යන නිසා දැන් දේවාලවල දෙවියනුත් නෑ. පසුගිය කාලයේ අපේ රටේ ජනතාවට වගේම මේ දේවාලවලටත් දෙවියන්ටත් ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. ඒ නිසා දේවාල ගානේ ගිහින් මිරිස් අඹරලා ඵලක් නැහැ. මම මහ ඇමැතිවරයාට අභියෝග කරනවා ඕනෑම රූපවාහිනී ආයතනයක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. සියලු චෝදනා ලිඛිත සාක්කි ඇතිව ඔප්පු කරන්න මම සූදානම්‘ යැයිද විද්‍යාරත්න මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි මන්ත්‍රීතුමා. දෙවියොයි කියලා මොනවා කරන්නද හැම පැත්තෙන්ම ඉල්ලීම් එනකොට. ඔබේ පක්ෂයේ සමහර වැඩ ගැන අපි එකඟ නැතත් දුෂණවිරෝධී කටයුතුවල පෙරමුණ ගැනීම ගැන නම් මම ප්‍රණාමය පුදකරනවා. (නි)
දැන් හොරු ඉන්නේ පට්ට හොරු එක්ක (බ)
ලෝකයේ රටවල් දියුණු තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉදිරියට යද්දී ලාංකිකයින් අඳුරටම ගමන් කරනවා දැකීම මහත් ලැජ්ජාවක් (නි)
" ඔක්කොම හොරු ටික දේවාල ගානේ නිසා දැන් දේවාලවල දෙවියනුත් නෑ " මේ කතාව නම් සහතික ඇත්ත. (නි)
ලක්ෂ 103 මොකක්ද? කෝටි ගණන් කන්න දෙන්නයි, විවෘත කිරිම් වලටයි වියදම් කළේ. ඒවා අහුවෙලාත් අදත් ඔවුන් යහතින් ඉන්නේ. කෝ යහපාලනය? ඕවායේ ප්‍රතිඵල ලැබෙන්නෙ ඡන්දය දාට. (නි)
දෙවියෝත් පැනලා දුවලා ඇති අපේ සමහර දේශපාලඥයෝ එනවා දැකලා (නි)
ලොකු ලොකු හොරකම් කළ අය යන්නේ වැඩි ගණන් දෙන ලොකු ලොකු දේවාල වලට. මධ්‍යම මට්ටමේ හොරකම් කළ අය යන්නේ මධ්‍යම මට්ටමේ දේවාල වලට. දෙවියො කෙසේවෙතත් කපු මහතුන් නම් මේ දවස් වල සෑහෙන පොහොසත්. (නි)
හැබැයි දෙවියෝ සාධාරණය ඉටුකරන්න කල් ගන්නවා. මහාපරිමාණ දූෂණ කළ මහා ලොකු ඇමතිවරු හා ඒ වටා හිටිය නිලධාරි නඩය අදත් යහතින්. (නි)
දිවැස් හෙළනු මැන දෙවියනි, රට මුලාවෙන් බේරාගන්න. හොරු දෙවියන්වත් රවටන්න හදන්නේ. මේවාට අපේ ඇස්පනාපිටම දඬුවම් ලබාදෙන්න. (නි)
මේ කතාව නම් සහතික ඇත්ත.(ම)
කතාව හරි. ඔබ වැනි අදුෂිත චරිත තමයි ඉන්න ඕනෑ. අවාසනාවට ඌවේ ඡන්දදායකයනට ඕක තේරෙන්නේ නැහැ. මුදල් විෂය බාර වුණාට ඒ ඇමතිගෙ මුදල් නෙමෙයි. මහජනයාගෙන් ගන්න බදු මුදල්. පහුගිය කාලේ අනවශ්‍ය ලෙස කෝටි ගණන් වියදම් කළෙත් කොහොමද කියලා ඔබතුමන්ලා හොයලා බලනවා නම් තමයි හොඳ. දහදුක් විඳින මිනිසුන්ගෙ සල්ලි මේවා. (ර)
පුහුල් හොරා කරෙන් දැනේ , ඒ ඉස්සර , දැන් කියන්න තියෙන්නේ කම්බා හොරු යන දේවාල වලින් පෙනේ කියල. (බ)
කෑගහල නඩු කියල ඔය මහා ඇමතිකම තැන ඉල්ලගත්තේ ඕකට තමයි.නැතුව මේ අයට ඇති පක්ෂයක් හෝ ජනතාවක් ගැන රුදාවක් නැහැ. කන්න ලැබෙනවානම් කොයි පක්ෂේටත් එකතුවෙයි. ජවිපෙ එකෙක් හරි මේ තැන් වල ඉන්න නිසා හොදයි.නැත්නම් එකතුවෙලා මුන් රට විකුණලා හුගක් කල්. (බ)
ඔබලාගේ පක්ෂේ දියවෙමින් පවතින බව දැනගෙන මේ ආණ්ඩුවට කඩේ යන්න (බ)
ශානක, හොරුන්ගේ තර්කයක් ඔයා දන්නවද ? මුදල් ඇමතිට කෘෂිකර්ම ඇමතිට ඌව මහා ඇමතිට චෝදනා කරන කොට මහින්දට කඩේ යනවා , පහුගිය කාලේ අයට චෝදනා කරන කොට යු එන් පියට කඩේ යනවා. මාර තර්කෙ නේද? (බ)
කවදා පායන්ද අප පුන් සදාණෝ-හොරකැයි අපිට නොසිතෙන මහ රජානෝ. (බ)
දෙවියනි ඔබ මවු ලොව පුදුමය , එහෙත් ඔබ කොහෙද ? මේ සිදුවන දේවල් බලමින් විනෝද වනවාද ? (අ)
මෙහෙම ගියොත් මෙයත් ලගදීම එකාබද්ධ පැත්තට යනවා නීතියෙන් බේරෙන්න (ම)
ජවිපෙ රටේ සහ ජනතාවගේ එකම පක්ෂය. (ර)
නීතිය ඉදිරියට ගිහින් සුද්ද වෙන්න බය කවුරුත් දැන් යන්නේ දේවාලේ ගිහින් සුද්ද වෙන්න (ම)
මේ අදහස් වලින් පෙනෙන්නේ බහුතරයක් පාඨකයන්ගේ සාමාන්‍ය දැනීම අන්තිමයි කියලා තමයි. උගත් නිවැරදි වැටහීමක් ඇති පාඨකයෝ හරි අඩුයි නේද? (නි)
හොරු ඔක්කේම දියවන්නාවේ(කෞ)
ඔයාලා කාට කඩේ ගියත් අපිට කමක් නැහැ. ඒත් ඉතින් කියෙවුවා කියලා අපිට වැඩකුත් නැහැ (නි)
ඕක අනුර කුමාරට කිවුව නම් විසදුමක් ලබා ගන්න පුළුවන්. එයා දැන් ආණ්ඩු පක්ෂේ හිතවත් විපක්ෂේ ලොක්ක නිසා.(කෞ)
හොරු ටික දැන් දියවන්නාව තරන කර ඇත. බලය පිහිටට ඇත කිසිම ගැටළුවක් නැත. (ර)
ඔයාල හරි හොඳ කට්ටිය. ලංකාවේ තියෙන යහපත්ම පක්ෂය. අනේ මගේ කට! තමුන් කළ හොරකම් , මැරකම් අපිට මතක නැහැ. එ්ක නිසා කියවන්න. තියෙන ඡන්ද ටිකෙන් ගොඩක් දැනටත් ඉවරවෙලා කියල තේරෙන්න තව ටික කලක් යාවි. (නි)
මෙයාලා කියන මේ වගේ කතා අහපු කාලේ දැන් ඉවරවෙලා (නි)
මුදල් විෂය බාර වුණාට ඒ ඇමතිගෙ මුදල් නෙමෙයි. මහජනයාගෙන් ගන්න බදු මුදල්. පහුගිය කාලේ අනවශ්‍ය ලෙස කෝටි ගණන් වියදම් කළෙත් කොහොමද කියලා ඔබතුමන්ලා හොයලා බලනවා නම් තමයි හොඳ. දහදුක් විඳින මිනිසුන්ගෙ සල්ලි මේවා. (නි)
මගේ එකම ප්‍රාර්ථනය අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් ගසාකෑ සෑම කෙනෙකුටම මෙලොවදීම ඉතා ඉක්මනින් එම කාපු දේවල් වමාරන්න සිද්ධවෙන්න කියලයි. (නි)
මහත්තයෝ, තාමත් පිස්සුවෙන් වගේ මහින්දගේම වැරදි කියව කියවා ඉන්නවද? (නි)
වැරදි කරලා කරලා ඒවා අහුවෙනකොට දෙවියො ගාවට ගියාට දෙවියන්ව රවටන්න බැහැ. හොරුන් දේවාල වලට ගියාට දෙවියො බලන්නෙ නැහැ. හොඳ කෙනෙක් ගියොත් නම් බලයි. (නි)
කාන්තාවන් දෙන්නෙක් ලංකාව පාලනය කළා නම් මධ්‍යම පළාතේ කලින් කාන්තාවක් ආණ්ඩුකාර ධූරය කළානම් මේ කාන්තාවට පමණක් අකමැති වෙන්න හේතුව කුමක්ද? (බ)
දේවාල වල ඉන්න කපු මහත්තුරුන්ට තමයි කට්ටිය වැඩිවෙන කරමට වාසි (නි)
කතාව හරි. ඔබ වැනි අදුෂිත චරිත තමයි ඉන්න ඕනෑ. අවාසනාවට ඌවේ ඡන්දදායකයනට ඕක තේරෙන්නේ නැහැ (නි)
ශානක මහත්තයෝ.ජවිපෙ දිය කරන්න ඉතිහාසයේ බොහෝ මහත්හොරු නොයෙක් ආකාරයට ක්‍රියා කළා. යකඩෙන් ගින්දරෙන් මර්ධනය කළ ඇතැම් නායකයින් ගේම් එක අහවරයි...කියල මැච්චේක එවරයි කියලා පාරම් බෑවා...මොකද වුනේ...ජනතා නියෝජිතයි පාර්ලිමේන්තු යවල ජනතාව ජනතාව ඉහලින්ම දිනෙව්ව...ජවිපෙ ඔයාලට තනි පක්ෂයක් වුනාට දුක් විඳින සුවහසක් පිඩිත මිනිසුන්ගේ,රටට හිතැති මිනිසුන්ගේ ,ලෝකය පුර විසිරි සිටින බුද්ධිමත් මිනිසුන්ගේ අනාගතය බව පමණක් සටහන් කරමි..(බ)
හිටපු පක්ෂ නායකයොත් දේවාලවල ගියා. එයාලත් ඔය කියන ජාතියේ අය තමයි (නි)
අපේ කාර්යාලයේ ඉන්නවා ලෝක හොරෙක්. පහුගිය කාලෙ ඇමතිත් එක්ක එකතු වෙලා හොඳට හම්බ කර ගත්තා. ඉඩකඩම් ගත්තා. දැන් අන්න නිර්මාංෂ වෙලා උදේට උදේට පවුල පිටින් යනවලු මහා බලගතු දේවාලයකට. එෆ්සිඅයඩී එකේ අය දේවාල ලග රැකන් හිටිය නම් හොරුන්ව දැක ගන්න පුළුවවන්. පස්සෙ පරීක්ෂන පවත්වලා දඩුවම් දෙන්න.(රේ)
මම මේ හොරුන්ටයි කියන්නේ. තමන් වැරදි බව හිත දන්නවා නම් දේවාල වලට යන්න එපා. මොකද දෙවියන්වත් රවට්ටන්න ආවාය කියලා ඒකටත් එක්කයි දෙවියෝ රිටන් එක දෙන්නේ. (රේ)
මෙතුමා කියන දේ සහතික ඇත්ත. මමත් එකඟයි එතුමාට (නි)
පක්ෂය සහ පුද්ගලයා කවුරු වුණත් මේ කියන දේවල් නම් සම්පුර්ණ ඇත්ත (නි)