මහේන්ද්‍ර පෙරේරා කියන්නේ කොහොමත් කාර්යය බහුල චරිතයක් නෙ. ඉතිං එයාට මෙදා සැරේ අවුරුදු සමරන්නේ ගෙදර අයත් එක්ක නෙමේ කියලා තමයි දැනගන්න ලැබුණේ. මේ ඔහුගේ අදහස්ය.
මේ අවුරුද්දෙ මට අවුරුදු සමරන්න වෙන්නෙනම් හිරු නාළිකාවත් එක්ක. ඒ සජීවි වැඩසටහනකට සම්බන්ධ වෙන්න තියෙනවා. ඉතින් මට අවුරුදු සමරන්න වෙන්නේ නම් ඊට පහුවෙනිදා තමයි.
ඒත් සුපුරුදු පරිදි බිරිඳ විසින් සියලූම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉෂ්ට කරනවා. ඒ විදියට තමයි ඉතින් මේ අවුරුද්දත් සමරන්නෙ.
ඒ වගේම අලූත් චිත‍්‍රපටයක වැඩකටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඉදිරියේදීත් ටෙලිනාට්‍ය කීපයකට සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ කටයුතුත් එක්ක මේ පාර අවුරුදු ගෙවන්නෙ.
සල්ලි තියෙනවනම් ඉතින් හැමදාම අවුරුදු වගේ තමයි. ඒ වගේම මගේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයන්ටත් කියනවා කරදරයක් නැතිව යහතින් ජීවත්වෙන්න ලැබෙන්න කියලා.
ධනු විජේරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd