භාණ්ඩ අපනයනයේ සහ ආනයනයේ සහ ආනයනයට සම්බන්ධ සමහ ව්‍යාපාරිකයින් ඊමේල් ගනුදෙනුවලදී ඩොලර් ලක්ෂ ගණනක් සංවිධානාත්මක ලෙස වංචාකර ඇති බව පෙනේ යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
එම ව්‍යාපාරිකයින් මීට අදාළ පරීක්ෂණ පොලිසියට බාරදී ඇත. දැනටමත් ව්‍යාපාරිකයින් පස් දෙනකු පමණ මෙම වංචාවට හසුවී ඇති බවද ඩොලර් ලක්ෂ දහයකට (රුපියල් 134400000) අධික මුදලක් ඔවුන් විසින් වංචා කරන ලදැයිද කියති.
දෙස් විදෙස්වල පිහිටි ආනයන හෝ අපනයන සමාගම්වලට අයවිය යුතු මුදල් බැරවිය යුතු බැංකු ගිණුම් වෙනස් කර ඇති බවටත් අලුතින් බැංකු ගිණුමක අංකයක් සහිතව ඊමේල් පණිවඩු මඟින් දැනුම්දීම් කර ඇත. ඊ මේල් පණිවුඩය මතම පිහිටුවා කටයුතු කිරීම නිසා මෙම මුදල් වංචාකාරයින්ගේ ව්‍යාජ බැංකු ගිණුම්වලට බැරවී ඇත. එම නිසා ඊමේල් මඟින් ලැබෙන පණිවුඩ මතම පිහිටා කටයුතු නොකර අදාළ ආයතනය සමග දුරකථනයෙන් හෝ සම්බන්ධවී සැක හැර ගත යුතුය.
මුදල් ප්‍රමාද බවට සැබෑ ගනුදෙනුකරු විමසන විටදී ව්‍යාජ බැංකු ගිණුමකට මුදල් යැවූ බව හෙළිවී ඇතැයි චන්ද්‍රගුප්ත මහතා කීවේය.
මෙම ‘ඊමේල්‘ පණිවුඩ පිරික්සීමේදී ඒවා ව්‍යාජ ලෙස සැකසූ පණිවුඩ බවට හෙළිදරව් වුණ බව චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ඊ මේල් ගනුදෙනුවලින් කෝටි 14ක් වංචා කරලා
දුමින්ද Monday, 09 February 2015 08:07 AM
අන්තර්ජාලයේ අපායට (නදී)
හේතුක සෙනවිරත්න Tuesday, 10 February 2015 06:50 AM
ව්‍යාපාර කරන්නේ රට හරක්ද ? (නදී)