ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ වියා දෙයි බෙන්චි මාවතේඅවන්හලක බීම පානයකරමින් සිටි ඉතාලි ජාතික තරුණයෙකුගේ තම කලිසමේ පිටුපස සාක්කුවේ තිබූ අයිෆෝන් පහ දුරකථනයක් සොරාගනු දුටු තරුණයාගේ පෙම්වතිය පොලීසියට කථාකල විට සොරා ඔවුන් තල්ලුකරදමා , දෙයි නේරි මාවත දිගේ දුවන්නට විය.
ඒ අවස්ථාවේ එතැනට පැමිණි පොලිස් වාහනයට එම මාවතට ඇතුළුවීමට නොහැකිවිය (එම පාරේ වාහන ධාවන කැරෙණුයේ එක් පැත්තකට පමණි) පසුව එම ස්ථානයේ සිටි ලාංකිකයෙකු තම පාපැදිය පොලිස්නිලධාරියාට දිමෙන් ,ඒ ආධාරයෙන් විසිපස් හැවිර්දි මොරොක්කෝ ජාතිකයා අල්ලාගැනීමට හැකිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි අපේ ළමයි. (නදී)
ජෙහාන් පුතා, පාපැදිය කියන්නේ කකුලෙන් පදින සාමාන්‍ය බයිසිකලයකට. මෝටර් සයිකලය කියන්නේ එන්ජිමකින් එහෙම නැතිනම් මෝටරයකින් දුවන බයිසිකලයකට. සමහර රටවල තෙල් වලින් එන්ජිමට දුවන එන්ජිමට කියන්නේ මෝටර් කියලා (නි)
අපේ රටට හොඳක් කිවුවත් වැරැද්දක් කියන මිනිස්සු ඉන්නවාමයි. ආඩම්බරයි ඒ ලාංකිකයා ගැන. (නි)
ශ්‍රි ලංකා නම ඔසවාතැබු තරුණයාට මගේ ප්‍රණාමය! (නි)
අති විශිෂ්ටයි මිත්‍රයා, ඔබ අපේ රටට කීර්තියක් අත්කර දුන් අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. විදේශ අවන් හලකදී සිදුවෙන්න ගිය මංකොල්ලයක් එම හොරුන්ට පහරදී මංකොල්ලය නවතා ලු ශ්‍රී ලාංකික තරුණයෝ දෙන්නෙක් ගැනත් පසුගියදා වාර්තා උනා. (නදී)
නියමයි! මම කියන්නම් කව්ද ලාංකිකයා කියලා (නදී)
ඔය කතාව මට ආරංචි වුනේ වෙන විදිහකට පෙම්වතා සහ පොලිස් කාරය හොරා පස්සේ පන්නන කොට අපේ පොර පෙම්වතිය අරන් මාරු උනා කියලා. (නදී)
අලුත්රත්න ඉතාලියේද හිටියේ? (නි)
මෙහෙ ඔය ටික වුනා නම් මෙලහකට මෝටර් සයිකලය නඩු භාණ්ඩයක් හැටියට රාජ සන්තකයි. අර කෙනාට ආපසු ලැබෙන්නේ නම් නැහැ. (නදී)
අලුත්රත්න, තමුන්ගෙ මිම්මෙන් අනුන්ව මනින්නෙ නැතුව අලුත් විදියට හිතන්න, තමුන්ගෙ නමටයි රටටයි ලැජ්ජා නොකර (නි)