හීලෑ අලින්ගේ තොරතුරු ඇතුළත් ලේඛනය වෙනස් කළැයි කියන ලිපිකාරිණිය වන එච්.ජී.ප්‍රියංකා සංජීව රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගත් බව රජයේ නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේය.
ඇය විසින් එම පොතේ ඇතැම් සටහන් වෙනස් කරන ලදැයිද ඔහු කීවේය. පැටවකු නොමැතිව පැටවකු සිටින බවට ඇය සටහන් තබා ඇති බවත් එසේ කර ඇත්තේ අනාගතයේදී අල්ලා ගන්නා පැටවුන්ට නීත්‍යනුකූල භාවයක් ලබාදීමටත් යැයි ඔහු කීවේය.
අලි ඇතුන් වෙනුවෙන් බලපත්‍ර හා ලියකියවිලි ලබා ගැනීමට පළවැනි සැකකරු දෙපාර්තමේන්තුවේ ඇතැම් අයට රුපියල් හාර ලක්ෂයේ සිට දස ලක්ෂය දක්වා අල්ලස් දී ඇතැයිද ඔහු කීවේය. රහස් පොලිසිය වනජීවී අධ්‍යක්ෂකගේ කටඋත්තරය ලියාගෙන ඇතැයිද ඒ අනුව මහරගම විපස්සනාරාමය එම සිද්ධියට හවුල් බවට ඍජු හා සෙසු සාක්කි ඇතැයිද ඔහු කීවේය.
වනජීවී දෙපාර්තමේන්තුවේ සහායද පශු වෛද්‍ය සහායද ලබාගෙන අලි පොතේ ඇති සටහන් 55 ක් සෝදිසි කර බලන ලෙස වනජීවී අධ්‍යක්ෂකට නියෝග කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා අධිකරණය හමුවේ කියා සිටියේ පැටවා අල්ලා ගැනීමට පෙර මව් ඇතින්න සිහි නැති කිරීම සඳහා බෙහෙත් විදින බවයි. යළි සිහිය ගැන්වීම සඳහා දෙවැනි එන්නත කිසිවිටකත් මව් ඇතින්නට නොදෙන බවත් ඒ නිසාම ඇය මිය යන බවත් වැඩිපුරම අලි ඇතුන් මැරෙනුයේ මේ සිද්ධිය නිසා බවත් ඔහු කියා සිටියේය.
අලි පැටවුන් සොරකම් කළැයි කියන සිද්ධියේ පළමුවැනි සැකකාර අලි රොෂාන්ගේ කතරගම හෝටලයට ගිය නමුත් එහි භාරකරු නොසිටි නිසා පිරික්සීමට නොහැකිවූ බවද වහලේ ඇස්බැස්ටස් තහඩු ඉවත් කර කිසිවකු එහි ඇතුළුවී නඩුවේ වැදගත් සාක්කි අතුරුදන් කර ඇති බව පෙනේ යැයිද ඔහු කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූණ බැලුවම කියන්න පුළුවන් හොරෙක්ද නැද්ද කියලා (ස)
මෙහෙ වැරදිකරුවන්ට අලි වෙඩි තියලත් මදිනේ මේ කරන දේවල් වලට (නි)
ඇයගේ ගිණුම් වලත් මුදල් ඇති. ඒවාත් හොයනවා නම් තව ඒවා අහුවෙයි (නි)
හු හු අපි මුහුණ දැක්කා... වීඩියෝ එකේ අපි ඔයාගේ මුහුණ දැක්කා.... (නි)
මේ මිනිසුන්ගේ සියලුම දේපල රාජ සන්තක කරනවාත් සමසගම නුවර දළදා පෙරහරේ අලින් හැර රට ඇතුලේ කිසිවෙකුට කිසිම. පුජනීය ස්ථානෙකට අලින් තබාගැනීම තහනම් කර. ඒ සියලුම අලි වනයට මුදාහරින්න, නැතිව මේ ප්‍රශ්නේ අගින්වත් මුලින්වත් නවතින එකක් නොවෙයි, සදහටම අලින් හොරකම් කරන එක නවතීවි එවිට....? ඇයි කාටවත් අලින් ලග තබා ගන්න බැහැනේ....? ප්‍රශ්නයක පිහිටීම සහ පටන් ගැනීමේ ස්වභාවය දෙසයි බුද්ධිමත්ව බලන්න ඕනේ ? මුල කපන්නැතිව අතු සිදලන මෝඩ වැඩමයි අපේ රටේ වගකිව යුත්තෝ හැමදාම කලේ ....??? (ස)
උසාවිය ළඟ වෙස්මුණු කඩයක් දැම්ම නම් කෝටිපතියෙක් වෙන්න තිබ්බ.(ස)
මේ ගෑනු කෙනාගෙ වෙන වෙන සෙල්ලනුත් ඇති නේද? ඇයගේ ගිණුම් බලමු. ලඟදි වාහනයකුත් අරගෙනලු. කොල්ලනේ අලි පටවන්නද දන්නෑ පුතේ. (ස)
අයියෝ මෙහෙමත් ගෑනු (ස)
වසාගෙන මුහුණ රෙද්දෙන් කිමද නගෝ (අ)
මේ අපරාද කරපු එවුන්ට සහ උදවු කල හැමෝටම උඩ ඉන්නවනම් දෙවි කෙනෙක් අනේ මුන් ගැන බලාගන්න ඕනි ! (අ)
ඡායරූප දැක්කාම පෙනෙනවා මෙයට ගොඩක් සුදුසුකම් තියන වග (අ)
පොඩි පොඩි හාල් මැස්සෝ අල්ලන්නේ ලොකු ලොකු මෝරු ජයටම වැඩදෙන්නේ අනේ අපේ අලි සම්පත නැතිවෙන්නේ අලිම හොරා දියවන්නා නොවේ ඉන්නේ (ත)
කෝ අපේ අර ඉන්න පිරිස(ත)
මෙන්න මේ වගේ අපරාධ දුෂණ කරන සහ උදවු කරන සියලු දෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනවානම් අපේ රට කොච්චර හොඳද ? ලොක්කෝ කිවූ පළියට පොඩ්ඩෝ මොකද වැරදි වැඩ කරන්නේ ? හරියට පොඩ්ඩෝ උන්ගේ නිත්‍යානුකූල වැඩ හරියට අකුරට කරනවා වගේ කතාව සාමාන්‍ය මිනිහෙක් වැඩක් කරගන්න ගියාම මුන්ගේ තියෙන රැස් බලන්න ඕනේ..(බ)